යහපාලනය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න මචන්ලා සිරිපාලයියා වැඩ ඇරිලා ඇවිත් හවස නිවී සැනසිල්ලේ පුටුවක් උඩ වාඩි වෙලා එක කකුලක් හරහට දගෙන ෆුන් ආතල් එකේ පත්තරයක් බල බලා ඉන්නවලු ඉස්සරහට වෙලා..

    සිරිපාලයියගේ පොඩි පුතා සිප්පියා එක පාරටම ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වලු..
    සිප්පියා: ඒයි බැල්ලිගේ පුතා දාපිය කකුල බිම..දාල හොද හිතින් කඩේට ගිහින් මෙන්න මේ බඩු ටික අරගෙන වරෙන් ඉක්මනට මම නරක මිනිහා කරගන්නේ නැතුව.ම්ම්ම් ඉක්මන් කරපන් ..

    මේක ඇහුව විතරයි සිරිපාලයියා මාරවේශ උනාලු මූ මොකාටද මේ එන්න හදන්නේ මුට මොනව වෙලාද කියලා.සරම කරට ගත්ත බුවා පොඩි එකාට නෙලන්න පන්න ගත්තලු උගේ අසික්කිත් කතාව නිසා..
    සිප්පියා පිටි පස්සේ පන්නන සිරිපාලයියව දැක්ක උගේ ගෑනි දුවලා ගිහිහ් සිරිපාලයියව අල්ලගත්තලු..

    ගෑනි: මොකද මනුස්සයෝ පොඩි එකාට පොල්ලකුත් අරගෙන මරන්න පන්නනේ?

    සිරිපාලයියා:මූව මරලා මදි මූ මහ අසික්කිත විදිහට මට බැනලා කිව්වනේ කඩේ ගිහින් බඩු ටික අරගෙන වරෙන් කියලා.එහෙම නොවුනොත් මම නරක මිනිහ කරගන්න එපා කියලත් මූ ගේම ඉල්ලුවා.හත්වලාමේ මූට මොන යකා ගහලද?

    ගෑනි: අනේ සිරි ඕක ගනන් ගන්න එපා..අද පොඩි එව්න් ටික හිරකාරයෝ පෙන්නන්න පොලිසියට එක්කන් ගිහින් තියනවා ඉස්කෝලෙන්.ඔය එහෙදී ඉගෙන ගත්තා වචන ටිකක් වෙන්න ඇති මයේ හිතේ.අපි කියලා හදාගමු පොඩි එව්න් නේ.

    සිරියට සීන් එක තේරුනේ එතකොටලු..ගෑනි කොල්ලව අල්ලගෙන එහෙම හිරකාරනට කතා කරාට අනිත් අයට එහෙම නරක විදිහට කතා කරන්න එපා කියලා අවවාද කරාලු..
    දවස් දෙක තුනක් යනකන් සිරියත් පොඩි එකා එක්ක නෝ ටෝක් ලු.දවසක් ආපහු හැන්දේ වේ වැඩ ඇරිලා ඇවිත් සාලේට වෙලා ටීවී බලනකොට සිප්පියා ආවලු..

    සිරිපාලයියා : හලෝ සන්..කොහොමද ඉස්කෝලේ වැඩ කටයුතු.අඩුපාඩු මොකුත් නෑ නේ?

    සිප්පියා: ගොන් මීහරකෝ තෝ දන්නේ කොහොමද අපේ අඩු පාඩු.තෝ මට දෙන ප්‍රතිපාදන සොච්චම ඔක්කොම කරගෙන ඉන්න පුලුවන් කියලා හිතුවද.ජෙල් ගාන්න සල්ලි මදි,කෙල්ලට රී ලෝඩ් එකක් දාන්න සල්ලි මදි,කොල්ලෝ එක්ක වලක් බහින්න සල්ලි මදි,දැන ගනින් මම මේ වැඩපිලිවලට එරෙහිව අම්මා එක්ක එකතු වෙලා විශාල විරෝධයක් ඇති කරලා තව රුපියල් දාහකින් මගේ ප්‍රතිපාදන වැඩි කරගෙන අපේ බලය පෙන්නන දවස වැඩි ඇතක නෑ කියලා කියනකොටම සටාස් ගාල සිප්පියගේ කන හරහා කම්මුල් පාරක් පතිත උනාලු සිරිපාලයියගෙන්..ඒ එක්කම කඩා පාත් උන සිරියගේ ගෑනි..

    ගෑනි :අනේ අනේ මගේ කොල්ලට ගහන්න එපා.මට ඔයාට කියන්න අමතක උනා අද ඉස්කෝලෙන් පොඩි එව්න්ව පාර්ලිමේන්තුව බලන්න එක්කන් ගිහින්..මේ එහෙදි ඉගෙන ගත්තුවා..අපි කියලා හදා ගමු..

    මේ සීන් කෝන් වලින් පස්සේ සිරිපාලයියා පොඩි එකාව ඇසුරු කරන්නේ බොහොම බයෙන්ලු..ටික කාලයක් ගියාට පස්සේ කොල්ලගෙන් කිසි සද්දයක් බද්දයක් නෑලු..
    කොල්ලගේ චර්යාව චෙක් කරලා බලන්නත් එක්ක දවසක් සිරිපාලයියා මෙහෙම ඇහුවලු..

    සිරිපාලයියා:ඒයි අලුගුත්තේරුවා මෙහාට වර.තෝ මොකාටද බොල ගිය සති වල එන්න හැදුවේ.තෝ දැන් ගනින්.මම තෝව මකලා හදන්නේ.තෝ කවුද මට අණ කරන්න කඩේ පලයන් කියලා.යකෝ මම මේ ගෙදර ප්‍රධානියා.මගේ අණට පිටින් කාටවත් යන්න බෑ.මම කියන එක කරනවා මිසක්.මම දෙන සල්ලි වලින් පුලුවන් විදිහට ජීවත් වෙයන් බෑරිනම් පලයන්..සල්ලි දෙන එක අඩු කරනවද වැඩි කරනවද තිරණය කරන්නේ මම මිසක් උබ නෙවෙයි..

    සිප්පියා ගත් කටටම මහ හයියෙන් "අම්මේ වෙනසකට මුල පුරමු.ගෙදර හදමු..ඉවසුවා ඇති..පරණ තාත්තා ගෙදර යවමු,හෙට ඉදන් සෝම දාස මාම තමයි මගේ තාත්තා..."
    සිරිපාලයියා: ඈ බොල මේකද උබලා බලාපොරොත්තු උනු යහ පාලනේ!!!!!!


    බුකියෙ හිලාරිස් රසකතා වෙතින් උස්සා පලකරන ලදී
     
    • Like
    Reactions: Kudnadun

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    උඹලගෙ අම්ම ඉන්නකන් Aතේ ගහන්න ඕන නැහැ මට හිතේ හැටියට Puකේ අරින්න පුලුවන්.

    උපරිම වේදනාවේ සලකුණූ ... හොදටම රිදිලා :lol::lol: