යහපාලනේ තවත් පට්ට හොරෙක්..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    යහපාලනේ තවත් පට්ට හොරෙක්..

    හිටපු ගෑස් සභාපති ශලීල විදුලියත් හොරට අරන් නඩු..
    22489927_1927407860915545_4896672681260424006_n.png.jpg

    නීති විරෝධී ලෙස විදුලි බලය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් පෙබරවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේය.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් වැලිකඩ පොලිසිය හරහා අදාළ පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

    එම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශලීල මුණසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ශලීල මුණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය මඟින් රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි දැන්වීය.

    මෙහිදී මහෙස්ත්රාත්වරයා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් නීතිඥවරයා කියා සිටියේ මුදල් වංචා සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරු රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවයි.
    ඒ අනුව නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා යළි කැඳවීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා එතෙක් විත්තිකරු රිමාන්ඩ් භාරයේ සිටියේ නම් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහෙස්ත්රාත්වරය
    ා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

    2014 වසරේ නීති විරෝධී ලෙස සිය නිවෙසේ විදුලි මනුව වෙනස් කොට වංචනික ආකාරයෙන් විදුලිය ලබාගැනීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම මණ්ඩලය වැලිකඩ පොලිසිය හරහා මෙම නඩුව අධිකරණයේ ගොනුකර තිබිණි.
    .
    Source: http://www.mawbima.lk/print20170621MB20171230.php?id=5979
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    යහපාලනය:yes:ඕක මහින්දගේ කාලේ වුනානම් ඕකා උසාවි යයිද.:rofl:.


    හදුන් බුවා මොකද කෝප වෙලා ලා ලා ලා....

    මහින්දගේ කාලේ උසාවි නොගියේ ඔය වගේ දේවල් නොවිච්ච නිසානේ සුදෝ...

    කේන්ති ගන්නේ නැතුව පොඩ්ඩක් රිලැක්ස් එකේ බුද්ධිමත්ව බලන්නකෝ පන...

    ඔයා ඔහොම ගියොත් අරයා වගේ බෙල්ලේ වැල දාගනියිද දන්නෙත් නෑ මේ වෙන දේවල් ඉවස ගන්න බැරැව
    .
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හදුන් බුවා මොකද කෝප වෙලා ලා ලා ලා....

    මහින්දගේ කාලේ උසාවි නොගියේ ඔය වගේ දේවල් නොවිච්ච නිසානේ සුදෝ...

    කේන්ති ගන්නේ නැතුව පොඩ්ඩක් රිලැක්ස් එකේ බුද්ධිමත්ව බලන්නකෝ පන...

    ඔයා ඔහොම ගියොත් අරයා වගේ බෙල්ලේ වැල දාගනියිද දන්නෙත් නෑ මේ වෙන දේවල් ඉවස ගන්න බැරැව
    .

    අනේ ඇත්තද?එතකොට ඒ කාලේ කවුරුත් වැරදි කරේම නැද්ද ආ:rofl:?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මිනිස්සුන්ව රවට්ටල චන්දෙ ගත්තෙ ඕවට තමයි :lol:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    අනේ ඇත්තද?එතකොට ඒ කාලේ කවුරුත් වැරදි කරේම නැද්ද ආ:rofl:?

    වැරදි කරන්නත් ඇති නොකරන්නත් ඇති සුදෝ...

    කලානම් දාන්නකෝ සාක්ෂිත් එක්ක... එහෙමනේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ඕන...

    වට්ටි අම්මලා වගේ ප්‍රශ්න කතා කරන්න බෑනේ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැරදි කරන්නත් ඇති නොකරන්නත් ඇති සුදෝ...

    කලානම් දාන්නකෝ සාක්ෂිත් එක්ක... එහෙමනේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ඕන...

    වට්ටි අම්මලා වගේ ප්‍රශ්න කතා කරන්න බෑනේ...
    :lol::lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    වැරදි කරන්නත් ඇති නොකරන්නත් ඇති සුදෝ...

    කලානම් දාන්නකෝ සාක්ෂිත් එක්ක... එහෙමනේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න ඕන...

    වට්ටි අම්මලා වගේ ප්‍රශ්න කතා කරන්න බෑනේ...

    :lol: