යහපාලන කුණුකූඩයට ගිය ගෝඨාගේ ආරක්ෂක සැලසු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලන කුණුකූඩයට ගිය ගෝඨාගේ ආරක්ෂක සැලසු

    යහපාලන කුණුකූඩයට ගිය ගෝඨාගේ ආරක්ෂක සැලසුම

    61470990_10155929339496986_3061502621878583296_n.jpg



    තම බැරිකම වසා ගැනීම සඳහා හැමදෙයකම වරද අනුන් පිට පැටවීමට උත්සාහ කිරීම වත්මන් ආන්ඩුවට සම්බන්ධ සියලුදෙනාටම පොදුවූ සුවිශේෂී ලක්ෂණයකි. එවන් අළුත්ම චෝදනාවක් වන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකල අන්තවාදී තව්හීඩ් ජමාත් සංවිධානයන්ට මුදල් ආධාර දී පෝෂ්ණය කලේ පසුගිය රජය කාලයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවය.

    මෙහි හාස්‍ය ජනක කරුණ නම් ජනාධිපතිවරණයට පෙර තව්හීඩ් ජමාත් සංවිධාන වලට එරෙහිව බොදු බල සේනා සංවිධානය බිහිකලේ ගෝඨාභය රාජපක්ෂ මහතාය කියමින් පොලවේ පස්කෑ අයම අද මෙසේ කීමය. කවුරු මොනවා කීවත් 2015 දී තව්හීඩ් ජමාත් සංවිධාන ඍජුවම පෙනී සිටියේ යහපාලන රජය බලයට ගෙන ඒමට බව නොදන්නෙක් මෙරට නැත.

    ආන්ඩුව මුලින්ම උත්සාහ කලේ ත්‍රස්ථප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ මත පටවන්නට වුවද මේ වන විට දෙස් විදෙස් විශ්ලේශකයන් බොහෝදෙනෙකු විසින් පෙන්වා දී ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ථප්‍රහාරයෙන් සිදුවූ විශාල මනුෂ්‍ය ඝාතනයට වගකිම ගත යුත්තේ බුද්ධි අංශ වාර්ථා නොසලකා හල වත්මන් ආන්ඩුවේ පාලකයන් විසින් බවය.

    මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ‍'රණබිම ඔස්සේ නන්දිකඩාල්' ග්‍රන්ථයේ කියනා ආකාරයට 2005 පෙරද හමුදා බුද්ධි අංශවලින් දෙන තොරතුරු පිළිබඳ සටන් බිමේ පෙරමුණේ සිටි ජේෂ්ඨ නිලධාරීන් වැඩි විශ්වාසයක් නොතැබුවද 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ආරක්ෂක ලේකම් වශයෙන් ගොඨාභය රාජපක්ෂ මහතාව පත්කලායින් පසු ක්‍රමයෙන් බුද්ධි අංශ තොරතුරු වල විස්වාසනීයත්වය වැඩි වී ත්‍රස්ථවාදය පරාජය කිරීමට ක්‍රියාකාරී සහභාගීත්වයක් ලබා දීමට හමුදා බුද්ධි අංශ සමත්වී ඇත.

    මේ වෙනසට හේතු වූයේ නව ආරක්ෂක ලේකම්වරයා විසින් හමුදා බුද්ධි වලට දක්ෂ නිලධාරීන් බඳවාගෙන ඔවුනට අවශ්‍ය කරණ පුහුණුවීම හා අනෙකුත් පහසුකම් ලබාදීමට ක්‍රියා කලාක් මෙන්ම ඔවුන්ගෙන් ලැබෙන තොරතුරුවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමය.

    සෑම සතියකම අඟහරුවාදා ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් බුද්ධි අංශ ප්‍රධානින්ගේ රැස්වීමක් පැවැත්වුන අතර එහිදී හඳුනා ගන්නා වැදගත් යැයි හැඟෙන කරුණු පසු දින එනම් බදාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මන්ඩල රැස්වීමට ඉදිරිපත් කරනා ලදී. මෙම රැස්වීම් වලදී ගන්නා තීරණ කඩිනමින් අදාල අංශවලට හා අදාල පුද්ගලයන්ට දැනුම්දෙන ලද අතර ඒ අනුව ගන්නා ලද ක්‍රියාමාර්ග ඊලඟ සතියේ රැස්වීවලදී සමාලෝචනයට ලක්විය. ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා රටේ නොසිටි අවස්ථාවක වුවද වෙනත් අයගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවත්වුන අතර මොනම හේතුවක් නිසාවත් මේ සතිපතා රැස්වීම් අවලංගු නොකල යුතු බව ආරක්ෂක ලේකම්වරයාගේ මතය විය.

    2009 යූධ ජයග්‍රහණයෙන් පසුවද පසුගිය රජය රටේ ආරක්ෂාව පිළිබඳ අවධානය කිසිවිටක අඩු නොකල නිසා මෙම යාන්ත්‍රණයේ වෙනසක් සිදු නොවු අතර බුද්ධි අංශ තොරතුරු මත ආරක්ෂක මන්ඩලය විසින් විවිධ තීරණ ගෙන එවා ක්‍රි‍යාත්මක කිරීම අඛන්ඩව සිදු විය.

    ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලීම මත සෑම වසරකම ඉදිරි වසර 5 සඳහා රටේ ආරක්ෂක තත්වය පිලිබඳ පුරෝකතනයක් බුද්ධි අංශ විසින් සකස් කරනා ලද අතර යුද්ධය අවසන් වූ 2009 වසරේ බුද්ධි අංශ විසින් අනාගතයේ රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අංශ කිහිපයක් පෙන්වා දී තිබුනි. එවා ප්‍රමුඛතා අනුපිලිවෙළට මෙසේ විය

    1. එල් ටී ටී ඊ සංවිධානය යලි නැගිටීමේ අවධානම
    2. ජාත්‍යන්තර අපරාධ කල්ලි ලංකාවේ පාතාලය හරහා රට තුල ව්‍යාප්ත වීමේ අවධානම
    3. ආගමික අන්තවාදය පතුරවන්නන් ලංකාවට පැමිණීමේ අවධානම
    4. සයිබර් අවකාශය ආශ්‍රිත අපරාධ වැඩිවීමේ අවධානම
    5. රට තුල විදේශ බුද්ධි අංශ වල ක්‍රියාකාරීත්වයන් වැඩි වීමේ අවධානම

    මෙසේ හඳුනාගත් අවධානම් සම්බන්ධයෙන් රජය ක්‍රියා කල යුතු ආකාරය දිගින් දිගටම ආරක්ෂක මන්ඩලය තුල සාකච්චා වූ අතර බුද්ධි තොරතුරු මත ක්‍රියාකරමින් ඊලඟ වසර කිහිපය තුල උතුරේ එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් යලි මතුවීමට ගත් උත්සාහයන් හතරක්ම ව්‍යාර්ථ කරනා ලදි. සඟවා තිබූ ආයුධ රාශියක් සොයා ගන්නා ලදී. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල් ටී ටී ඊ සංවිධානයේ අන්තර්ජාතික නායකයා ලෙස පත්කරනු ලැබ සිටි කේ පී ව මැලේසියාවේදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන එනු ලැබුවේද බුද්ධි අංශ මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙසය. මීට අමතරව එල් ටී ටී ඊ සංවිධනයේ අන්තර්ජාතික ජාලයේ ක්‍රියාකාරිකයන් කොටුකර ගැනීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් ආරම්ඹ කරනා ලදී. ඔපෙරේෂන් ඩබල් එජ් ( OPERATION DOUBLE EDGE ) නමින් හැඳින්වුන මේ ‍රහසිගත ක්‍රියාන්විතය 2015 බලයට ආ වත්මන් යහපාලන රජය විසින් විනාශ කර දමන එය කරනා ලද්දේ ක්‍රියාන්විතය භාරව සිටි බුද්ධි අංශ නිලධාරින්ව අදටත් ඔප්පු නොවූ එක්නැලිගොඩ ඝාතන චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන, ගිරිතලේ පිහිටි බුද්ධි අංශ කඳවුරේ තිබූ රහස් වාර්ථා පොලීස් භාරයට ගෙන, එම රහස් ක්‍රියාන්විතය ගැන ලොවටම දැනගන්නට සලස්වා අතිශයින් ඔලමොට්ටල ආකාරයටය. එය තරමක් දුරට සමාන වන්නේ 2002 දී අළුතින් පත්ව සිටි රනිල් වික්‍රමසිංහ රජය විසින් මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය පාවා දුන් සිද්ධියටය.

    1997 ජේ ආර් ජයවර්ධන රජයේ තරුණ කැබිනට් ඇමතිවරයෙකුව සිටි වත්මන් රජයේ ප්‍රබලයෙකු විසින් වරක් ස්ත්‍රී දූෂණයකට වැරදිකරුව දස වසරකට සිරගෙදරට නියමිතව සිටි ගෝනවල සුනිල් නැමති කුප්‍රකට පාතාල නායකයාට ජනාධිපති සමාවක් ලබා දී එම පාතාල නායකයා මුලු රටටම බලපාන ලෙස සමාදාන විනිශ්චයකරුවෙකු ලෙස පවා පත් කරන ලදී. ඉතිහාස පුරා මේ ආකාරයට විවිධ දේශපාලනඥයින් විසින් ආරක්ෂාකොට පෝෂණය කිරීම නිසා පාතාල කල්ලි කවදත් ජන ජීවිතයට තර්ජනයක් විය.

    එහෙත් මහින්ද රාජපක්ෂ රජය කිසිවිටක පාතාලය අවභාවිතයට සුදානම් වූයෙ නැත. බුද්ධි අංශ වාර්ථා මත 2010 පසු ලංකාව තුල පාතාල ක්‍රියාකාරම් මර්ධනයට විශාල වැඩපිලිවෙලක් ක්‍රියාත්මකවු අතර පාතාල නායකයන් රැසක් අත් අඩංගුවට පත් විය. සමහරුන් ආරක්ෂක අංශ සමඟ ගැටුම්වලදි මිය ගිය අතර තවත් පාතාල නායකයන් රැසක් රට හැර ගියහ. 2013 -2104 වන විට පාතාලය යන වචනය ලංකාව තුල ව්‍යවාහාරයෙන් ඉවත් වන තරමට ජනතාවට ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය වී තිබුනි.

    ඉස්ලාම් අන්තවාදය අනාගතයේ මතුවන තුන්වෙනි තර්ජනය ලෙස දකිනා ලද නිසා එයට සූදානම් වීමට ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස්මත ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී. ආගමික අන්තවාදය පිළිබඳ තොරතුරු රැස්කිරීමට විශේෂ බුද්ධි අංශයක් පිහිටුවන ලදී. එහි නිලධාරීන්ව ඇමෙරිකාව ඇතුලු රටවල් කිහිපයකට යවා විශයානුබද්ධ විශේෂ පුහුණුවක් ලබා දෙන ලදී. අරාබි භාශා පරිවර්ථකයන් පවා මෙම බුද්ධි අංශට අනුයුක්ත කරනා ලද අතර එම පහසුකම්ද උපයෝගී කරගෙන අන්තර්ජාලය හරහා අන්තවාදය ප්‍රචාරණය කරන්නන් නිරීක්ෂණය ආරම්බ කරනා ලදී. අන්තවාදයට නැබුරු වීමට ඉඩ ඇතැයි හඳුනාගත් පුද්ගලයන් හා සංවිධාන ගැන නිරන්තර අවධානයෙන් සිටීමට බුද්ධි අංශ ක්‍රියාකාරිකයන් යොදවන ලද අතර මෙම ක්‍රියාකාරකම් සම්බන්ධීකරණයට වෙනම පාලක මධ්‍යස්ථනයක් පිහිටුවන ලදී. මීට අමතරව ආගමික අන්තවාදයට එරෙහිව කටයුතු කරන විදේශ රටවල බුද්ධි අංශ සමඟ නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට යාන්ත්‍රණයක් සකස් කරනා ලදී.

    2014 අවසන් වන විට ආගමික අන්තවාදය පාලනය කිරීම සඳහා වූ මූලික අඩිතාලම රජය විසින් සකස් කොට තිබුන අතර බිමේ ක්‍රියාකාරකම් පිලිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්‍යකරන බුද්ධි අංශ යාන්ත්‍රණය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවතිනි. ඒ වනවිටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පිට ලංකාව තුල මුස්ලිම් අන්තවාදී සංකල්ප උගන්වමින් සිටි විදේශීය දේශකයන් විශාල පිරිසක් හඳුනාගෙන ඔවුන්ව පිටුවහල් කිරීමට කටයුතු කොට තිබුනි.

    2014 අවසන් වන විට ලංකාව තුල මුස්ලිම දැඩි මතධාරීන් ( RADICALS ) යම් පිරිසක් ක්‍රියාත්මක වෙමින් සිටියද අන්තවාදීන්ට ( EXTREMISTS ) මතු වීමට ඉඩක් නොතිබුනේ පසුගිය රජය අනතුර කලින්ම හඳුනාගෙන එයට මුහුන දීමට සූදානම් වූ නිසාය.

    ලංකාවෙන් සිරියාවේ අයිසිස් ත්‍රස්ථවාදී කන්ඩායමට එක්වීමට ප්‍රථම ශ්‍රී ලාංකික මුස්ලිම් ජතිකයා පිටත්ව ගියේ 2015 ජනවාරි වල වන අතර ඊට පසු ධනවත් මුස්ලිම් පවුල් 3 ක සමාජිකයන් 30 කට වැඩි ප්‍රමාණයක් අයිසිස් සංවිධානයට එක්වී තිබුනි. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ හෙලිකල මේ තොරතුරු ලංකාවේ බුද්ධි අංශ සතුව තිබුනේ තොරුතුරු රැස්කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය පසුගිය රජය විසින් සකස් කොට තිබුන බැවිනි.

    අවාසනාවකට මෙන් මෙම යාන්ත්‍රණයෙන් ප්‍රයෝජන ගන්නවා වෙනුවට අලුතින් බලයට පත්වූ යහපාලන රජය කලේ 2015/2016 වන විට බුද්ධි අංශ දඩයම ආරම්ඹ කිරීමය. බුද්ධි අංශ නිලධාරීන් රාශියක් අත් අඩංගුවට ගන්නා ලද අතර අන්තවාදය ව්‍යාප්තවීම අධ්‍යයනය සඳහා අලුතින් පිහිටවූ බුද්ධි අංශ කන්ඩායමේ ප්‍රධානියාව එම තනතුරින් ඉවත් කරනා ලදී. සතිපතා බුද්ධි අංශ තොරතුරු වාර්ථාකරණය නතර වී ඇති අතර ආරක්ෂක මන්ඩලය පවා රැස්වී ඇත්තේ ඉඳ හිටය. ආරක්ෂක මන්ඩලය විසින් ඉදහිට හෝ ගන්නා තීරණ ගැන කිසිවෙකු පසුවිපරම් කල බවක්ද පෙනෙන්නට නැත.

    ලංකාව තුල සිටි මුස්ලිම් දැඩි මතධාරීන් සමහරක් අන්තවාදීන් ලෙස මතුවන්නට පටන් ගන්නේ මෙම දුර්වල ආරක්ෂක පසුබිම තුලය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හසීම් විසින් අන්තවාදී ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය පිහිටවනු ලබන්නේ යහපාලන රාජ්‍ය පාලන කාලයේ 2016දීය. එය කාත්තුන්කන්ඩි වල සාම්ප්‍රධායික මුස්ලිම් වරුන්ට බලපෑම කරමින් පහර දෙමින් ප්‍රබල අන්තවාදී කන්ඩායමක් ලෙස මතු වන්නේ 2017 වන විටය. මෙහි සාමාජිකයන් විසින් බුදු පිලිම කැඩීමේ සිද්ධියක් මත රටේ යම් ප්‍රදේශ වල ජාතිවාදි කලබලයක් ඇතිවන්නේ 2018 දීය. අවසානයේ ඔවුන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 300 කට අධික පිරිසක් මරණයට පත්වන්නේ 2019 දීය.

    මේ මුලු කාලය පුරාම යහපාලන රජය බුද්ධි අංශවලින් කල කිසිදු අනතුරු හැඟවිමකට කන් දුන්නේ නැත. ඔවුන් විසින් එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්ඹ කොට තිබූ ආරක්ෂක වැඩ පිලිවෙල දිගටම පවත්වාගෙන ගියානම් මේ මහා මනුෂ්‍ය ඝාතනය පහසුවෙන්ම වලක්වා ගන්නට ඉඩ තිබුනි.

    අද රට අනාරක්ෂිතය. ජනතාවට පාලකයන් ගැන විශ්වාසයක් නැත. ඒ නිසා අන් සියලූ දේට වඩා අද පොදු ජනතාවගේ අවශ්‍යතාවය වී ඇත්තේ රටේ ආරක්ෂාව තහවුරු කල හැකි සැබෑ ජාතික නායකත්වයකි.



    - ආචාර්ය නාලක ගොඩහේවා - ( මැයි 28 මව්බිම )
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    BUMP

    දැක්කේ නෑ වගේ යන්න ඕනේ....

    මීට අර අංකූරා ජනාධිපති කරන්න හිතාගෙන ඉන්න උන්...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,231
    20,869
    113
    හස්තිශෛලපුර
    BUMP

    දැක්කේ නෑ වගේ යන්න ඕනේ....

    මීට අර අංකූරා ජනාධිපති කරන්න හිතාගෙන ඉන්න උන්...


    ගෝටා ජනාධිපති වෙයි කියලා හිතන් ඉන්න උන්ට විනාඩියක නිශ්‍යබ්ධතාවක් මිත්‍රවරුනි...


    ගෝටා උබලා හිතනවට වඩා ලොකු වැඩකට අත ගහල ඉන්නේ [for the unite of තුන්හෙළය....] ටික දවසක් ඉදපන් දගලන්නේ නැතිව.. :yes::yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113

    - ආචාර්ය නාලක ගොඩහේවා - :lol::lol::lol::lol::lol:



    එක්කෝ නම නොදා ඉදපන් බන්.. හරිහමන් මිනිහෙක්ගේ එකක් දාපන් බන්..

    Uba mokekda yako.adu gane namak wath kiyaganna puluwanda ubata?:lol:padi ukanna.:lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113

    - ආචාර්ය නාලක ගොඩහේවා - :lol::lol::lol::lol::lol:



    එක්කෝ නම නොදා ඉදපන් බන්.. හරිහමන් මිනිහෙක්ගේ එකක් දාපන් බන්..

    අපරාදේ මහන්සිය
     
    • Like
    Reactions: ChoronaSottiya

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    - ආචාර්ය නාලක ගොඩහේවා - :lol::lol::lol::lol::lol:



    එක්කෝ නම නොදා ඉදපන් බන්.. හරිහමන් මිනිහෙක්ගේ එකක් දාපන් බන්..

    ඇයි බන් .......ඌ කියල තියල ඒවගේ මොකක් හරි වරදක් තියනවනම් පෙන්නලා දීපන්...

    උඹ කොහොමත් smart පොරනේ ..... එහෙම පෙන්නලා දෙන්න බැරිනම් කියපන් මොකක්ද අවුල ?


    උඹේ අධි මානේද ? හීන මානේද ? මට පෙන්නේ හීන මානේ වගේ :lol::lol::lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපරාදේ මහන්සිය

    මේකේ මකුනුදැල් කඩලා සුද්ද බුද්ද කරලා තියාගන්න ඕනේ


    ආ අංකුර කොල්ලෝ...අන්කුරයාගේ මකුළුදැල් කඩල ඉවරද ?

    ඉවරනම් කියපන් මචන් නාවල ගන්නම්
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ආ අංකුර කොල්ලෝ...අන්කුරයාගේ මකුළුදැල් කඩල ඉවරද ?

    ඉවරනම් කියපන් මචන් නාවල ගන්නම්

    දැන් ඒවත් කරනවද ?
    ඕකේ ෆියින්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් .......ඌ කියල තියල ඒවගේ මොකක් හරි වරදක් තියනවනම් පෙන්නලා දීපන්...

    උඹ කොහොමත් smart පොරනේ ..... එහෙම පෙන්නලා දෙන්න බැරිනම් කියපන් මොකක්ද අවුල ?


    උඹේ අධි මානේද ? හීන මානේද ? මට පෙන්නේ හීන මානේ වගේ :lol::lol::lol:

    bump
    :confused:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බන් .......ඌ කියල තියල ඒවගේ මොකක් හරි වරදක් තියනවනම් පෙන්නලා දීපන්...

    උඹ කොහොමත් smart පොරනේ ..... එහෙම පෙන්නලා දෙන්න බැරිනම් කියපන් මොකක්ද අවුල ?


    උඹේ අධි මානේද ? හීන මානේද ? මට පෙන්නේ හීන මානේ වගේ :lol::lol::lol:

    :confused: