යහපාලන පුවත් - 6 (හිටං )

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අද ඇප ලබාදී තිබේ.
    රිදිල
    යහපාලන පුවත් - 6 (හිටං ) 02-18-2015 12:09 PM pacha
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    සජිත් - සජිත් ගේ කයිය විතරයි , විපක්ෂේ ඉන්නකන් කරේ හම්බන්තොට ඉස්කෝල වල වැසිකිලි , ඩේස් බැංකු , ජංගි ගණන් කර කර පලිමෙන්තුවේ ටෝක්ස් දීපු එක විතරයි.
    මෙයාගේ තාත්තා ඉන්නකල් මෙය කරේ නිදන් කඩපු එකයි. ඒවා ගේ වස් දොස් යන්න තමයි පහුගිය කාලේ පන්සල් වලට රුපියල් 50000 ගානේ බෙදුවේ. ඒවත් හොර සල්ලි කියල මට්ටු උනා මතකද ? මුගේ නම් කයිය යි පාඩ ගඳයි විතරයි. ලක්ෂ ගණන් කොල්ල කෑව කියල උඩ පැනගෙන පොර වෙන්න කැ ගහනව.මේවා ඔප්පු වෙන්නෙත් නැහැ අන්තිමට. දින 100 කරපු වැඩකුත් නැහැ.


    රාජපක්ෂලාගේ ලක්ෂ 29,000 ක කොල්ලයක් සජිත් හෙළිකරයි

    පසුගිය ආණ්ඩුව සමයේ සමෘද්ධි ලාභීන්ගේ අනිවාර්‍ය ඉතුරුම් වලින් ලක්ෂ 17,000ක් පමණ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික දීමනා ගෙවීමටත් පසුගිය රජය යටතේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම යටතේ ක්‍රියාත්මක වූ රුපියල් 2,500ක වැටුප් වැඩි කිරීම ලබා දීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම වෙනුවට සමෘද්ධිලාබීන්ගේ ඉතුරුම් ගිණුම්වල මුදල් ලක්ෂ 29,000 ක මුදලක්ද හොරා කා ඇති බව නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    නිවාස හා සමෘද්ධි කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, මුල් සේවා කාලය සමඟ විශ්‍රාම වැටුපට දායක වූ සමෘධි සහ දිවිනැගුම ක්ෂේත්‍රයේ 8378ක ගේ අහිමි වූ අයිතිවාසිකම් නැවත ලබා දීමට පියවර ගන්නා බවයි.

    මේ අනුව ඔවුන්ට හිමි අර්ථ සාධක අරමුදල් සහ පාරිතෝෂික දීමනා නැවත ලබාදීමේ ඵලදායි විසඳුමකට පිවිසීමට හැකි වූ බව ඒ මහතා ප්‍රකාශ කරනු ලැබුවේය.

    පසුගිය ආණ්ඩුව සමයේ මෙම නිලධාරීන්ට යෝජිත විශ්‍රාම වැටුප ලබාදීමද නවතා දමා තිබී ඇත.

    මීට අමතරව දිවි නැගුම සම්මේලනයට සමෘද්ධි ක්ෂේත්‍රයේ මුදල් ලක්ෂ 630ක් පමණ නාස්ති කාර ලෙස වියදම් කර ඇතැයි පැවසේ. මේ රජයේ ප්‍රතිපත්තිය මුදල් හොරා කෑම නොව මුදල් නැවත ලබාදීම වන හෙයින් ඒ සියල්ල නැවත ලබා දීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේය.