යහපාලන සංවත්සරයේ - වහසි බස් සහ රැකි රහස්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    යහපාලන සංවත්සරයේ - වහසි බස් සහ රැකි රහස්

    අපි අසා ඇති, වැඩිහිටියෝ දැක ඇති මරදානේ චෝප්පේ දැන් නැත. ඔහු චණ්ඩියෙකි. සරම උත්සාගන බජාර් එකට බැස දෙකක් කියන විට එකෙක් පළාතේ නැත. සැගවෙති. එතරම්ම ඔහුට භියයි. ඔහුගේ වහසි බස් අභියස කොළඹ නගරය වෙවුලා යන අතර ඔහු කිරුළ නොපලත් රජෙකි. අන්තිමේ චණ්ඩිකම්, වහසි බස් නිහඬ කර, චෝප්පේ චප්ප කලේ කුඩා කොල්ලේකුගේ පිහි පහරකි.
    චොප්පේගේ කතාව මතක් වුයේ, යහපාලන සංවත්සරයේ ජනාධිපතිතුමාගේ කතාව ඇසීමෙනි. එම කතාව රජ්‍යතාන්ත්‍රිකයෙකුගේ කතාවක් නොව චොප්පේලාගේ බඳු වහසි බසක්මය. වහසි බස් යනු සැබවින්ම අස්ථානභියෙන් පෙළෙන විට හඬ නැගෙන පිරිහුන - අධ්‍යාත්මයේ රාවයකි.
    අභීත, විරුවෝ - වහසි බස් නොදොඩවති. භයෙන් ත්‍රස්ත වු විට, දුර්වලයෝ මහ හඬින් වහසි බස් දොඩවති.රාජ්‍ය නායකයෙකු රා බිව් මීයෙකු හෝ චොප්පේ කෙනෙකු ද නොවිය යුතුය.
    මා දන්නා ඉතා අහිංසක, හඬ නඟා වචනයක් පිට නොකරන, අපේ ගමේ සිටි පියදාස මාමා රාත්‍රී කාලයේ, ගමේ මිනී පිට්ටනිය ලඟින් යන විට පට්ට කුණුහරුප මහ හඬින් කියමින්, රිරියකා - මහසෝනා ප්‍රමුඛ යක්ෂ ප්රේත කුම්භාන්ඩයන් සියල්ල භියගන්වන අයුරු අපමණ අප අසා ඇත. ඇතෙන්ම භිය විසින් ඔහුව හසුරන ආකාරයයි ඒ.
    අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන වැනි යහපාලන රාජතාන්ත්‍රිකයා ඒ අයුරින්ම භියෙන් ත්‍රස්ත වී වහසි බස් දොඩවිම විශ්මයකි. ඒ මට්ටමින් ජාතිය ඇමතු කිසිදු රාජ්‍යය නායකයෙකු ලංකා ඉතිහාසයේ, අපේ දැනුම තුළ නැත. වහසි බස් වලට මුසු වු, එතුමා රැකි රහස් පිළිබඳ ප්‍රකාශනය ද නිරස ප්‍රලාපයකි.
    ‘‘2015 ජනවාරි 08 වෙනිදාට කලින් හොර වංචා දුෂණ - සියල්ල අපි හෙළි කලා. අලුතින් පක්ෂ හදන්න ආවොත් මෙතෙක් කල් නොකරපු - මෙතෙක් කල් රහස් විදිහට තියාගෙන හිටපු සියළු දේවල් ඔක්කොම රටට හෙළි කරනවා එහෙම කරලා ඒ අයට පාරෙ ඇවිදින්න වෙන විදිහට කටයුතු කරනවා.“
    ඔහු එසේ සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ සිදුකල ඔහු විසින් මෙතෙක් හෙළි නොකල මහින්දගේ ක්‍රියාකාරකම් පිළිබඳවයි. මෛත්‍රිය නොව වෛරය පාලනය කර ගැනීමට නොහැකිව කරන ලද එම ප්‍රකාශයේ, එතුමාට නොදැනුන සත්‍යය නම්, රට පාලනය කල බොහෝ දෙනෙකුට කල නොහැකි වන දෙයක් නම් ජනතාව අතරේ පාරේ යළිත් ඇවිදින්න හා ජනතාව අතරේ ජීවත්වීමයි.මහින්ද කල දේ ජනතාවට හෙළි කළ විට ජනතාව අතරේ තවත් පහසුවෙන් ඇවිදින්න හැකි වේ නම් එය වාසනාවක්.
    වත්මන් ජනපති රැකි - නො කියපු රහස් කියවීම මඟින් මහින්ද මහතාට පාරේ, ඇවිදින්න හැකිවනවානම් ජනවාරි 08 දාට කලින් නොකියු කොටස ඉතිරි වී ඇති කොටස - හෙළි කළ හැකි කොටස සත්‍ය වශයෙන්ම කුමන්තනකාරීව ජනතාවගෙන් වසන් කල කොටස, සිරිසේන මහතා ඉතා හොඳින් දන්නා උත්තරීතර මහින්ද මෙහෙවරයි. බල ලෝභයෙන් - ජාතික විජාතික කුමන්ත්‍රනයන් විසින් සැඟ වු මහින්ද පාලනයේ සැබෑ මානව මෙහෙවරයි. වත්මන් ජනාධිපති මෙතෙක් නොකී ජනතාවට හෙළි නොකළ ඉතිරි කරගත් රහස නම්, මහින්දගේ ඓතිහාසික උදාර මෙහෙවරයි. එය හෙළි කල විට මහින්ද ජනතාව අතරේ සදාතනිකව - ජනතාව සමඟ ඇවිදිනවා ඇත. දැනටමත් ජනතාව මහින්ද අභියසය. මහින්ද ජනතාව අතරේමය.
    මෙවන් අයුරින් - වහසි බස් හා රැකි රහස් ගැන වියරුවෙන් ඉතිහාසයේ කල තවත් එක් ප්‍රකාශයක් මගේ මතකයට පැමිණේ. එය ද රාජ්‍යත්‍රාන්තික රිද්මයකින් තොරව භයෙන් ත්රස්තව, පිරිහුන අධ්‍යාත්මයෙන් සහ වරදකාරී, චුදිත මානසිකත්වයෙන් සිදු කල එකකි.
    එය නම් 1993 අප්‍රේල් මස අග දිනක කිරුලපන දී හිටපු ජනපති ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයයි.
    “ මාව මැරුවට කමක් නෑ මා රැකගත් චරිතය විනාශ කරන්න එපා“ එලෙසින් කල ඒ කතාවේ, එතුමා ද කවුරුත් නොදන්නා රහසක් මැයි 01 කම්කරු දිනයේදී හෙළි කරන බව ප්‍රකාශ කලා.
    තම රාජ්‍ය පාලනයේදී වියරු - විකෘති, මනසින් හා කුරිරු භාවිතයෙන් ඔහු කල කී දේට ශ්‍රී ලංකා ඉතිහාසයේ, රාජ්‍ය නායකයකුට එරෙහිව ආ බරපතලම චෝදනා සහිත දෝෂාභියෝගයක් ආවා. එතුමා මහ මාවතේ ඝාතනයට ලක්වුණා.
    ප්‍රේමදාස මහතා සිහි ගැන්වෙන ප්‍රකාශය හා භාවිත, අපේ අතිගරු ජනාධිපති තුමාගෙන් අපි බලාපොරොත්තු නොවන බව ඉතා ගෞරවයෙන් සඳහන් කරනවා. ප්‍රේමදාස ජනපති තුමා ඝාතනයට ලක් වු වේලාවේ, මුලු මහත් දේශයම රතිඤ්ඤා පත්තු කර කිරිබත් උයා මහත් උත්සවශ්‍රීයෙන් එම සිදුවීම භූක්ති වින්ද අතර, එවන් අයුරින් දේශයක් සතුටු කරමින් මිය ගිය අපේ ඉතිහාසයේ එකම රාජ්‍ය නායකයා බවට එතුමා පත්වුනා.
    අමතක කරන්න එපා යහපාලනයේ නියමුවානනි, මේ රටේ - මේ සබ්‍යත්වයේ - ශිෂ්ඨාචාරයේ සැබෑ හිමිකරුවා අගමැති - ජනපති හෝ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් නොවේ. රනිල් - සිරිසේන හෝ එවන් තවත් ඕනෑම නාමික පුද්ගලයෙකු නොවේ. මේ දේශය - මේ මහා ජනතාව සතු උරුමයයි- වරමයි - මනා දායාදයයි.
    ඒ මහා උරුමයේ නාමයෙන් ජනතාව තින්දු ගනීවි. දේශයේ සැබෑ පාලකයෝ පත්කර ගනීවි. කවුරුන් පක්ෂ පිහිටුවා ගත්තත් භිය වන්න එපා. ඒ පක්ෂ පෝෂණය කරන්නේ, පවත්වා ගෙන යන්නේ, දිනවන්නේ මහජනතාවයි. එය වහසි බස් වලින්, තර්ජනයෙන්, මර්දනයෙන්, නවත්වන්න බෑ. ඒ ජනතා බලවේග භය කරන්න හැකි වුන රජෙක් - පාලකයෙක් - නායකයෙක් - මානව වංශ කතාවේ - ලෝක ඉතිහාසයේ කවදාවත් ඉදලා නෑ. ජනතා බල වේගය දැනටමත් ඔබට එරෙහිව පෙළ ගැසී අවසානයි. එය දැනටමත් කාට නොවැටහුනත් ඔබට අවබෝධ වී ඇතිබව මාතර යහපාලන සංවත්සර වේදිකාවේ ඔබේ වියරු භූමිකාවෙන් මුළු රටම දැනගත්තා.
    එම තැතිගැන්ම මත පදනම් වු වෛරයේ පිපාසය නිවා ගන්නට - දේශයේ පුරවැසියන්ගේ, නිදහස් ජීවිත සිර මැදිරි වල සිර කරන භාවිතය හා තර්ජනය නිමා කරමු. සිර මැදිරි ඇත්තේ නීතියේ පරමාදර්ශී මෙහෙවරට මිස ද්වේශයේ, ක්‍රෝධයේ න්‍යාය පත්‍රයට නොවේ. වෛරය - වහසි බස - විකෘතිය - විනාශය නිමා කර මෛත්‍රියට ඉඩ දිය යුතු කාලයයි මේ.
    යහපාලන රජයේ පළමු සංවත්සරයේ දී රාජ්‍ය නායකයාගේ වියරු ස්වභාවය එම රජයේ දෙවන සංවත්සරයක් තිබුනොත් එදාට මේ දේශයේ ජනතාවට දකින්නට නොලැබේවා. ඒ අපේ පරම පැතුමයි.


    වියත්මග ක්‍රියාකාරී - ගාමිණි විජේවර්ධන
    (නීතිවේදි - මාධ්‍යයවේදී)
    2016/08/20
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mata oya kathawe thiyana lokuma awula thamai dan minussu my3 wa pathkare horakam nathara karala horu allala hire danna ne. dan meya kiyana widiyata meya rahas raka gena innawa trump card washeyen use karanna. ithn dan ethakota horu rakinne my3 ne. nattham meeta kalin ma oya rahas eli karala danna puluwan ne hire. anith eka aluth party ekak hadanna puluwan ona kenek ta. eka ne democracy kiyanne. maru talks mu denne lol
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    තව්සන්ඩ් ටෝක් දාල කියන්නත් පුළුවන්
    තව්සන්ඩ් ටෝක් දාලා ලියන්නත් පුළුවන්

    ඒත් සැබෑ පොර මහපොලවේ පය ගහලා ගේම ගහනවා. අපි බලන් ඉමු...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    වියත්මග ක්‍රියාකාරී - ගාමිණි විජේවර්ධන
    (නීතිවේදි - මාධ්‍යයවේදී)

    2016/08/20

    13934663_1493155210712630_2255037490499749652_n.jpg


    මරු වියතා :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    එක එක පොත් දාගෙන එන්නේ පරණ "වියත්තු" ටිකම තමයි :lol::lol::lol:

    13782196_1471136399581178_6139613497098991932_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    රිදිච්ච වියතෙක් තඩි pic දාලා rep කපල. :lol: