2029 සහ අනුර දශකයේ දේශපාලන නියතය සහ නොවෙනස්වන මහජන විශ්වාසය

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට බොහෝ නායකයන් සිය දෙවන ධූර කාලය ගැන සිහින දකින්නේ බලයට පත් වූ මොහොතේ සිටමය. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු සිතමින් සිටින්නේ ඊළඟ ඡන්දය ගැන නොව ඊළඟ පරම්පරාව ගැනය. කෙසේ වෙතත්, වර්තමාන දේශපාලන ප්‍රවණතා, මහජන මතය සහ රටේ අවශ්‍යතාවය ගැඹුරින් විග්‍රහ කරන විට එළඹෙන 2029 ජනාධිපතිවරණයේ නියත ජයග්‍රහකයා අනුර කුමාර දිසානායක බවට දැන් සිටම අනාවැකි පළ කළ හැක. එය හුදෙක් දේශපාලන සටන් පාඨයක් නොව, තාර්කික යථාර්ථයකි. ඔහු 2029 දී නැවතත් ජනාධිපති විය යුත්තේ ඇයි? සහ එය අනිවාර්යයෙන්ම සිදුවන්නේ ඇයි?

    වසර 76ක් තිස්සේ ක්‍රමකූලව විනාශ කළ ආර්ථිකයක්, දිරාපත් වූ රාජ්‍ය තන්ත්‍රයක් සහ ඔඩු දුවා තිබූ දූෂිත දේශපාලන සංස්කෘතියක් වසර 5කින් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ නොහැක. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලය වෙන්වී ඇත්තේ මෙම "කුණු කන්ද" සුද්ධ කිරීමට සහ රටේ අත්තිවාරම දැමීමටය. නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම, හොරුන් ඇල්ලීම සහ ආර්ථික ස්ථායීකරණය මෙම යුගයේ මූලික කාර්යයන්ය.
    රට සංවර්ධනයේ මීළඟ පිම්ම පැනීමට නම්, එනම් කර්මාන්ත විප්ලවය සහ දියුණු සමාජ ක්‍රමය ගොඩනැගීමට නම්, මෙම දැමූ අත්තිවාරම මත ගොඩනැගිල්ල හැදීමට ඔහුටම දෙවන අවස්ථාව ලබා දීම ජනතාවගේ වගකීම නොව අනිවාර්ය අවශ්‍යතාවයයි. අතරමගදී නායකත්වය මාරු කිරීම යනු අත්තිවාරම දමා ඊට උඩින් නැවතත් පරණ "මැටි පැලක්" ගැසීම වැනි ක්‍රියාවකි.

    2029 වන විට විපක්ෂයේ සාම්ප්‍රදායික කඳවුරු සම්පූර්ණයෙන්ම දේශපාලනිකව අභාවයට යාමේ දැඩි අවදානමක පවතී. අද වන විටත් සජබ, පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය වැනි කණ්ඩායම් මතවාදීමය වශයෙන් පරාජය වී හමාරය. ඔවුන් සතුව ඇත්තේ පුද්ගල චරිත වන්දනාව මිස රට ගොඩනගන වැඩපිළිවෙලක් නොවන බව ජනතාව අවබෝධ කරගෙන සිටිති.
    "ඩීල් දේශපාලනය" ප්‍රතික්ෂේප කළ ජනතාවකට නැවත වරක් එම පරණ කඳවුර දෙස බැලීමට තරම් හේතුවක් ඉතිරිව නැත. අනුරට අභියෝග කළ හැකි කිසිදු "නව නායකයෙක්" හෝ "පිරිසිදු බලවේගයක්" විපක්ෂය තුළ නිර්මාණය වී නොමැත. නිතරගයෙන්ම ජනතාවගේ එකම තේරීම බවට මාලිමාව පත්වන්නේ එබැවිනි.

    ශ්‍රී ලංකාවේ ඡන්දදායකයා දැන් වෙනස් වී ඇත. භාණ්ඩ මල්ලට, අරක්කු බෝතලයට හෝ බොරු පොරොන්දු වලට රැවටුණු යුගය 2024න් අවසන් විය. ජනතාව දැන් බලාපොරොත්තු වන්නේ "ආදර්ශවත් නායකත්වයයි". ජනාධිපතිවරයාගේ සිට පහළම මන්ත්‍රීවරයා දක්වා ආරක්ෂක රථ පෝලිම් අඩු කිරීම, අනවශ්‍ය වරප්‍රසාද අත්හැරීම සහ මහජන මුදලට වගවීම යන කාරණා ජනතාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව ඇත.
    මෙම "නව දේශපාලන සංස්කෘතිය" රස විඳින ජනතාව, නැවතත් රජවරුන් මෙන් වැජබෙන, මහජන මුදල් කාබාසිනියා කරන පාලනයක් වෙත ආපසු යාමට කිසිසේත්ම කැමති නොවනු ඇත. ඒ පිරිසිදු බවේ විශ්වාසය ඇත්තේ අනුර ළඟ පමණි.

    පළමු වසර කිහිපය තුළ ජනතාවට අසීරු තීරණවලට මුහුණ දීමට සිදු වුවද, 2028-2029 වන විට වත්මන් රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණවල සැබෑ ප්‍රතිලාභ ජනතාවට ලැබීමට පටන් ගනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාසි, දේශීය නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනය සහ සංචාරක කර්මාන්තයේ පිබිදීම ජනතාවගේ අතට මුදල් ගලා එන යුගයක් නිර්මාණය කරනු ඇත. සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳින මොහොතේදී, එය නිර්මාණය කළ නායකයාට ජනතාව අනිවාර්යයෙන්ම තම කෘතගුණ සැලකීම ස්වභාවිකය.

    2029 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තීරණය වන්නේ මැතිවරණ ව්‍යාපාරයකින් නොව, ඔහු විසින් මේ රට තුළ සිදුකරමින් පවතින සමාජ සහ දේශපාලන පරිවර්තනය මගිනි. රට ආපසු පරණ අගාධයට ඇද දැමීමට අවශ්‍ය ටික දෙනෙකු හැරුණු විට, තම දරුවන්ගේ අනාගතය ගැන සිතන බහුතරයක් ජනතාවගේ එකම සහ අවසාන තේරීම ඔහුය. ඉතිහාසයේ ලියැවෙන පරිදි, "රටක අත්තිවාරම දැමූ නායකයාටම එය ගොඩනැගීමේ වරමද හිමිවීම" යුක්ති සහගතය. එබැවින් 2029 ජයග්‍රහණය යනු හුදු බලාපොරොත්තුවක් නොව, තහවුරු වූ දේශපාලන යථාර්ථයකි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    අනේ මේ කුණුහරප එපා බං, අනුරට කියපං ප්‍රාදේශීය සභාවල ඉන්න සභාපතිල, සභිකයෝ කෙළින පිස්සු හොයන්න කියල ඔක්කොටම කලින්, උන්ට ඕන විදියට විධායකය නටවනව කියලයි මිනිස්සුන්ට දැනෙන්නෙ, අනුරට කියපං 3% විතරක් නෙමෙයි රටේ මිනිස්සු බහුතරේ කතිරෙ ගැහුවෙ තුන් පාරක් එයාට මිසක් මේ බිම්මට්ටමේ ඉඳන් පොට්ටුවො එක්ක ඩීල් දාගෙන පිස්සු කෙළින/කියවන උන්ට නෙමෙයි කියල, අන්න ඒ බහුතර මිනිස්සු තිබ්බ විස්වාසේ රැකපල්ලා... නැත්තං කරන්න බැහැ මුන් එක්ක කියල ප්‍රසිද්ධියේ කියල අයින් වෙන්න එක මීට නම්බුයි.