යහපාලන සමාලෝචනය...
ජනපතිවරණයේදී MR පළාත් 5ක් ජයගත් විට MS පළාත් 4ක් ජයගනී. මැතිවරණ කොට්ඨාශ අනුව MR ආසන 89ක් ජයගත් විට MS ආසන 71 ජයගනී. අවසානයේ ලංකාවේ භූමියෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකකදී පරාජය වූ අපේක්ෂකයා (MS) දෙමළ මුස්ලිම් ඡන්ද වල බලයෙන් ජයගනී.
මේ "විකෘති ජනවරමේ" පින්බලයෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කළ මිලේනියම් සිටි ද්‍රෝහියා, රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වේ.
මහ මැතිවරණයේදී අලියාට විරුද්ධව ඡන්දය දුන් අතිවිශාල මහජනතාවගේ මතයට පයින් ගසා එජාප ආණ්ඩුවක් නිර්මාණය කෙරේ.
විකෘති ජනවරමින් බලයට පත් MS, ශ්‍රීලනිපයේ මෙන්ම සන්ධානයේද සභාපති වන අතර කිසිදු රහස් ඡන්ද විමසීමකින් තොරව විපක්ෂ නායකයා පත්වේ/පත් කෙරේ. අවසානයේදී ආණ්ඩු පක්ෂ නායකයා (කිසිදු ජනවරමකින් තොරව ) පත්කළ තැනැත්තාම විපක්ෂ නායකයාවද පත් කරයි.
මෙලෙස යහපාලන වෛරසය විධායකය හා ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම ගිලගනී. ඉතිරි වන්නේ අධිකරණය පමණි.
අධිකරණය ගිලගැනීම සඳහා අගවිනිසුරුට සියළු දෙනා එකතුවී වටකර පහර දේ. ඔහු නොසැලේ. පාප් වහන්සේ ලව්වා අස්වන්නට කියයි. ඔහු නොසැලේ. ඔහු අස්වූ බව දත් දොස්තරයා කියයි. එසේ නොවූ බව පසුව හෙළි වේ. අස්වන්නට බැරිනම් එළවන හැටි දන්නා බව දත් දොස්තරයා කියයි. වැඩක් නැත.
යහපාලන තදියම සියල්ලටම වඩා වැදගත් නිසා අන්තිමට අගවිනිසුරු බලයෙන්ම එලවා දමයි. අගවිනිසුරු වරු දෙදෙනෙකු සිටි එකම රට, අගවිනිසුරු කැබිනට් පත්‍රිකාවකින් එලවූ එකම රට ආදී ලෙස ලෝක වාර්තා දෙකක් බිහි වේ.
යහපාලන ටොයියන් හුරේ දමයි. අගවිනිසුරු දේශපාලන පත්වීමක් බව ටොයියෝ බයියන්ට කියා දෙති. ශිරාණි පත්කලේද ජේෂ්ඨයින් කපා දමා දේශපාලන පත්වීමක් ලෙස බව බයියෝ මතක් කරන විට ටොයියෝ කිපෙති. ශිරාණි ගේ දෙවන පත්වීම දේශපාලන පත්වීමක් නොව යහපාලන පත්වීමක් බව ටොයියෝ කියා දෙති.
බයියන් මතක් කරන්නේ ශිරාණි ඉවත්කළ කමිටුවේ සාමාජිකයෙකු ලෙස දත් දොස්තරයාද සිටි බව සහ මෛත්‍රිපාල සිරිසේන යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා පමණක් නොව කතාවක් ද කළ බවත්ය.
යහපාලන ටොයියෝ කිපෙති. ශිරාණි ඉවත්කළ ක්‍රමවේදය වැරදි බව කියා කෑ ගසති. එය වැරදි නම් එසේ තීරණයක් දිය හැක්කේ අධිකරණයට මිස ජනපතිට නොවන බව බයියෝ පෙන්වා දෙති. (ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයක් නම් එය කෙරිය යුතුව ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් වන අතර පාර්ලිමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ව නම් එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිනි. දෙකම බල්ලාට දමා ජනපති තීරණය දී ඇත.) ටොයියෝ නිරුත්තර වෙති.
කිසිදු ජනවරමක් නැති පිං ගොනෙකු වන රනිල්, කථානායකතුමා ගේ තීරණය වැරදි බව හැන්සාඩ් වාර්තාවද බල්ලාට දමා පාර්ලිමේන්තුවේ කියයි. මේ අතර වැරැද්ද වැරැද්දක් ලෙස කියන්නට කොන්දක් ඇති කීප දෙනක් පමණක් කතා කරති. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතරයෙන් සම්මත කරනු ලබන දෝෂාභියෝග යෝජනාවක් මගින්ම මිස අගවිනිසුරු තනතුරින් මොහාන් පීරිස් මහතා ඉවත් කිරීමට වෙනත් කිසිම ආකාරයකින් නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරයි.
මේ අතර මෛත්‍රීපාල මෙහෙයුමේ ආරම්භකයෙකු වන නිර්මාල්, "විප්ලවයකදී දේශපාලනය නීතිය ඉක්මවා කටයුතු කිරීමේ වරදක් නැති බව" කියයි.
කෙසේ හෝ අවසානයේ යහපාලන වෛරසය අධිකරණයද ගිලගනී. (අනාගතයේදී බෙදුම්වාදී යෝජනා/ප්‍රතිසංස්කරණ ආදියට ජනමතවිචාරණ අවශ්‍ය නොවන බවට ක්ෂණික නූඩල්ස් මෙන් අධිකරණ තීන්දු ලැබීමට නියමිතය.)
දැන් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුනම ජනතාව වාර ගණනාවක් ප්‍රතික්ෂේප කළ කීප දෙනෙකුගේ පාලනයට නතු වී ඇත. මෙය යහපාලනය නම් වේ.
මේ අතර.....
රටට යමක් ගෙන්විය හැකි වරාය, ගුවන් ආදී සියලු මර්මස්ථාන තම්බිකරණය කෙරේ.
මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දුන් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වේ.
කොටි සංවිධානයේ ප්‍රබල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් හොරුන්ගෙත් හොරා වන රවී කරුණානායක මුදල් ඇමති වේ.
ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩවිතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වේ.
එදා සටන් විරාම සමයේ පුලිදේවන් නම් ත්‍රස්ථවාදියාට මචං කියූ, තමිල් සෙල්වම් නම් ත්‍රස්ථවාදියා රෝහල්ගතව සිටින විට ඔහු බලන්නට ඇපල් මල්ලක් රැගෙන ගිය, මිලේනියම් සිටි මහා පාවාදීමේ කොටස්කරු හිටපු අපකිරීතිමත් ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල ජනාධිපති උපදේශකවරු බවට පත් වේ.
LTTE සන්විදානයේ නිල වෙබ් අඩවිය වු, උතුරේ දෙමල ජනයා අතර බෙදුම්වාදී මතවාද පතුරවන, මෙරට තුල අවහිර කර තිබූ “ටැමිල් නෙට්“ වෙබ් අඩවිය නැවත මෙරට තුල විකාශනය කිරීමට ලයිසන් ලැබේ.
දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කෙරේ.
ඩයස්පෝරාවේ ප්‍රධාන හතුරෙකු වන හිටපු මහා ඇමති පිල්ලයාන් ගේ ආරක්ෂාව ඉවත් කෙරේ.
කරුණා නම් කබරගොයා පමණක් විධායක බලතල අනුව තලගොයෙකු වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. (මේ අනුව "කරුණා, කේ. පී. එපා.." කියා කෑ ගැසූ යහපාලන මහත්වරු කරුණා බෙදුම්වාදය අත්හැරි නිසා අවුලක් නැති බව බයියන්ට කියා දෙති.)
ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කෙරේ.
දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා; චාල්ස් ඥානකොන් කදිරගාමර් මහතා ඝාතනයට චෝදනා එල්ලකර රටින් පිටුවහල් කල අයෙකි ) හා මෙරට හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා නගමින් චිත්‍රපටි හැදූ චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළු වේ. ඔවුන් කරන්නේ කුමක්දැයි දන්නා අයෙක් නැත.
එදිනම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කර තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරන අතර උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කෙරේ.
බෙදුම්වාදයට එරෙහිව මතවාදිව හඩ නෑගූ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනේ.
හිටපු ආරක්ෂක ලේකම්ට එල්ලවි ඈති අසත්‍ය චොදනාවක් ගෑන ප්‍රකාශයක් කල නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් ජනාධිපතිවරයා නිදහසට කරුණු විමසයි. (හිටපු ආරක්ෂක ලේකම්ට එල්ලවි ඈති චොදනාව සත්‍යයක් නම් දත් දොස්තරයාට අනුව ඕනෑම පුද්ගලයෙකුගේ පෞද්ගලික ගිණුමක ඇති මුදල් එක එකාට අවශ්‍ය ලෙස කිසිදු හේතුවක් නොදක්වා රාජසන්තක කළ හැක. එසේ නොකළ බව කී අයගෙන් නිදහසට කරුණු විමසා එම බොරුව කී එකා අනුමත කිරීම යහපාලනය නම් වන බව බයියන්ට නොවැටහේ)
දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ උතුරු පළාත් සභාවේ ලේකම්වරිය ඉවත් කෙරේ.
ඉන්දියාවේ NDTV නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් බලතල ලබා දීම සම්බන්දයෙන් පෑන නෑගී ඈති ගෑටලු TNA සමග සාකච්චා කරන බවත් කියයි.
උතුරු නෑගෙනහිර පූර්ණ ස්වයං පාලනයකට එකඟ යැයි ඇමති මංගල ඉන්දියානු මාධ්‍යවලට කියයි.
ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන ලෙස යුධ හමුදාවට උපදෙස් දී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දේ. එම මාධ්‍ය හමුවේදී එතුමා පවසන්නේ යුද්ධය අවසනදී අක්කර 26,000 ක හමුදා කඳවුරු දැනටමත් 10,000 ක් දක්වා අඩුකර ඇති බවත්, තවත් අඩුකරන්න කියලා කියන නිසා එය කිරීමට උත්සහ දරණ බව කියයි.
ඉන් පසු දවස් 2 කින් එතුමා හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කෙරේ. (යුද්ධයක් නැති නිසා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු අවශ්‍ය නොවන බව දත් දොස්තරයා දැනුම් දේ.)
බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වේ.
මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාතික විධායක සභාවේ සභිකයෙක් ලෙස රැස්වීමට සහභාගී වීමෙන් පසු ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියා කියයි.