කැරැල්ලත් යළි කරළියට
- මේ ගෙවෙමින් තිබෙන්නේ එළැඹෙන 2020 වසරේ කරළියට එන ජනාධිපතිවරණ සාධකය හමුවේ සමස්‌ත යහපාලනයම
සලිතව සිටින ගෝඨාභය භීතිකාවේ උච්ඡතම කාලය යෑයි කිවහොත් එය නිවැරදිය.
අනාගතයේ වෙන්ඩ ජනාධිපතිලා වී රට කරන්වන්ට සුරංගනා සිහින දකින සිල් බිඳගත්තවුන්ගේ මෙන්ම ඇට නැති දිව හරවා "මම ඇස් දෙකින් දැක්‌කා" යෑයි කියමින් ඇතැම් පොලිස් විමර්ශන පිළිබඳ අරුම පුදුම කුණු කතා සමාජගත කරන සමහර යහපාලන මැති ඇමැතින්ගේ සිට සමස්‌තයම දැන් ඉන්නේ රෑ නින්දෙනුත් ගෝඨා.. ගෝඨා.. ලෙසින් දොඩවන තැනක බව සිදුවන සියල්ල තුළින් රටට පැහැදිලි වෙමින් ඇත.
p12 1ගෙවී ගිය තෙවසරක කාලය තුළ ගෝඨාභය දඩයම් කිරීම සඳහා ආණ්‌ඩුව බොහෝ දේ භාවිත කළේය. මුලින්ම ආවේ ඇවන්ගාර්ඩ් හෙවත් පාවෙන අවි නගබඩාවේ ජවනිකාවය. පසුව රක්‌නා ලංකා සමාජගත විය. එයින් පසුව ගුවන් හමුදාවේ මිග් ප්‍රහාරවලින් නන්නත්තාර වූ කොටින්ටත් වඩා වියරු වැටී මිග් යානා ගනුදෙනුවක් ගැන ගෝඨාභයට චෝදනා කරන්නට විය. ඒ අතරේ ඩී. ඒ. රාජපක්‍ෂ පදනමද විෂයකොටගෙන ගෝඨාභයට පහර දෙන්නට විය.
එහෙත් මේ එකම අවස්‌ථාවකදීවත් දඩයම හරියට කරන්නට කිසිවකුටත් නොහැකි විය. ඇවන්ගාර්ඩ් සිද්ධියේදී වරක් ඇප අත්සන් කෙරෙනතුරු ගෝඨාභය රාජපක්‍ෂ නම්වූ රටට නිදහස දිනා දෙන්නට ජීවිත තර්ජනද නොතකා අභීතව කටයුතු කළ රණවිරුවා හෙවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා උසාවි සිරමැදිරියක මොහොතක් රඳවන්නට සමත් වූවා මිස ඔහුව වැලිකඩ බෝඩිමට ගෙන යන්නට නම් නොහැකි විය.
p12 3මේවා කාටත් පෙනෙන්නට එළිපිට කෙරුණු දේවල්ය. ඒ අතරේ තිරය පිටුපස තිබූ දේ ද බොහෝ විය. ඊනියා මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ එක් රණවිරුවකු හෝ ප්‍රශ්න කිරීම් හමුවේ එදා "ජීආර්" කියා කීවේ නම් ඔහුට සිරබත වෙනුවට සුරසැප විඳින්නට අවස්‌ථාවක් තිබිණි.
එහෙත් යහපාලනයේ අවාසනාවට එකී නින්දිත පාවාදීම සිදුකොට සත්‍ය වසන් කර අසත්‍ය වපුරා සුරසැප විඳින්නට රට වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ ඒ වීරයෝ සූදානම් නොවූහ.
p12 2එසේම තාජුඩීන් සිද්ධියට සාක්‍ෂි වසන් කළේයෑයි කියමින් පසුගිය සමයේ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වසරකටත් අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි බස්‌නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාද සිරගත කිරීමට පෙර මේ ලියුම්කරු හමුවේ වරක් කියා සිටියේ තමන්ගෙන් ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්‍ෂව බවය.
ඒ වගේ අසත්‍යයක් ප්‍රකාශ කළහොත් තමන්ට හෙණ ගසනු ඇතැයිද හේ හැඟීම්බරව එදා සඳහන් කළේය. එපමණක් නොව තවත් දේ තිබිණ. රතුපස්‌වල සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර්Êදේශප්‍රියද සීඅයිඩීය ඉල්ලන මේ අකුරු දෙකේ කතාව වරෙක කීවා අපේ මතකයේ.
මාධ්‍යවේදී කීත් නොයාර් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු රණවිරුවන් පිරිස අත්අඩංගුවට පත්වූ අවස්‌ථාවේදීත් එයම සිදුවූ බව කතාව දැන සිටි පිරිස් කීහ.
හැමදාම හැමතැනකදීම මෙතෙක් අත්අඩංගුවට ගත් රණවිරුවන්ගෙන් ඉල්ලා තිබුණේ ජීආර් ය. එහෙත් ඒ වීරයෝ එසේ සිදුකර නින්දිත පාවා දෙන්නන්ගේ තත්ත්වයට ඇද නොවැටුණාහ. එහෙයින් ආණ්‌ඩුව මෙසේ හතිදාගෙන ගෝඨාභය භීතිකාව හමුවේ "ඇස් කූඩෙන්" වතුර අදිද්දී සත්‍ය නිතර ජයගනිමින් ගෝඨාභය සුරක්‍ෂිත විය.
මෙසේ විමර්ශන සිදුවෙද්දී ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතීන් සිදු කළ ගොබ්බ කතා ඇසූ රටේ ජනතාව ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී එක පෙළට සිට අත දිගහැර යහපාලනය දෙදරන්නට කනේ පාරක් දුන්නේ රාජපක්‍ෂ රෙජීමයක් ගැන කියමින් සිදු කළ මෙවන් තුට්‌ටු දෙකේ වැඩ නිසාය.
එහෙත් එවන් කන් කිස් කන පාරක් ආණ්‌ඩුවට වැදී තිබියදීත් අදටත් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? සියල්ල පෙරසේම ය. දැන් හැමෝම යළිත් ගෝඨාභය.. ගොAඨාභය.. කියමින් දොඩවමින් සිටින්නාහ. එයින් රටට පැහැදිලි වන එකම කරුණ වන්නේ මේ හැමෝටම ඇත්තේ 2020 ගෝඨා බය බවය.
මෙකී භීතිය හමුවේ දැන් ගෝඨා දඩයම යළිත් වරක් වෙනත් මානයකින් ඇරඹී තිබෙන බවක් ද පෙනන්නට ඇත. මෙවර එය සිදු වෙමින් තිබෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය ගෙන ගෝඨාභය කුරුසයේ සැරසීමෙනි.
මාධ්‍යවේදී ලසන්ත ඝාතනය කෙරුණේ මීට වසර නවයකට පෙරය. ඒ කාලය පුරාම විවිධ පොලිස් කණ්‌ඩායම් ලසන්ත ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කළහ. යහපාලනයෙන් පසු එය සීඅයිඩීයට භාරවිය. සීඅයිඩීයත් පසුගිය කාලයේ ඒ පිළිබඳ විමර්ශන සිදු කළේය. එහෙත් ඝාතකයා කවරෙක්‌දැයි යන්න මේ දක්‌වාම අබිරහසක් බවට පත්ව ඇත.
එසේ තිබියදී පරණ කතාවක් අලුත් කළ සීඅයිඩීය මීට දෙසතියකට පමණ ඉහතදී ලසන්ත ඝාතනය කෙරුණු කාලයේ ගල්කිස්‌ස පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිව සිටි උපපොලිස් පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මහතා අත්අඩංගුවට ගෙන ලසන්තගේ දිනපොතක කතාවක් පෙරට ගෙන ආවේය.
පසුව ඒ සම්බන්ධයෙන් එවකට බස්‌නාහිර දකුණ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාරවද අත්අඩංගුවට ගත්තේය. දැන් තිස්‌ස සුගතපාලත් ප්‍රසන්න නානායක්‌කාරත් යන දෙදෙනාම සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. ඒ ලසන්තාගේ දිනපොත අතුරුදන් කරමින් සාක්‍ෂි වසන් කිරීමේ චෝදනා යටතේය.
මෙකී අත්අඩංගුවට ගැනීම් සමඟ ඉකුත්දා රහස් පොලිසිය ඒහා සම්බන්ධ බී වාර්තාවක් ලසන්ත ඝාතන නඩුව විභාගයට ගන්නා ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. එම බී වාර්තාවේ එක්‌තැනක සීඅයිඩීය සඳහන් කර ඇත්තේ ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව හිටපු ආරක්‍ෂක ලේකම් නන්දදාස ගෝඨාභය රාජපක්‍ෂ ලසන්ත ඝාතනයේ සැකකරුවකු ලෙස පෙනී යන බවය.
නූගත් තැමියන් ඉදිරියේ දැලි ගා කලු කළ අඳුන බලන අංජනම් දේවියත් මෙවන් කතා කියනු අප කුඩා කාලයේ නම් අසා ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධිය නිසාමදොa ඊයේ (28 වැනිදා) මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සීඅයිඩීයේ මේ කතාවලට අපූරු පිළිතුරක් ලබා දී ඇත.
එය අද (01 වැනිදා) දිවයින පුවත්පතේ වෙනම තැනක පළ වේ. කෙසේ වෙතත් රහස් පොලිසිය ලසන්ත ඝාතන විමර්ශනය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් හිටපු ආරක්‍ෂක ලෙක්‌ම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම සඳහන් කිරීමත් සහ එම සඳහන අනුව මේ දක්‌වා සිදු කෙරුණු සියලු දේ පෙන්වා දෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට හමුවේ කරුණු දැක්‌වීමත් තුළින් පැහැරදිලිවම පෙනී යන්නේ මෙතෙක් සිදු කෙරුණු සියල්ලට අමතරව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලසන්ත ඝාතනයේ කොටස්‌කරුවකු බව සඳහන් කිරීමටත් කටයුතු සිදුවී තිබෙන බවය.
එය එසේ නොවන්නේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය. එය එතැනින් නතර වූවක් වන්නේද? නැත. මේ අතරේ දැන් අලුයටට සැඟවුණු තවත් කතාවක්‌ද බිඳෙන් බිඳ මතුවෙමින් ඇත.
එය වන්නේ 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සිරකරු කැරැල්ලය. එදා වැලිකඩ බන්ධනාගාරයේ මත්කුඩු අල්ලන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය එහි ගියේය. සිරකරුවෝ එයට විරෝධය පා එස්‌ටීඑµa නිලධාරීන්ට එරහිව කැරළි ගසන්නට වූහ. එහිදී එස්‌ටීඑµa නිලධාරීන් කඳලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
අවසානයේ සිරමැදිරි කඩාගෙන එළියට ආ සිරකරුවෝ බන්ධනාගාර අවි ගබඩාව කඩා ගිනි අවි අතට ගෙන රජයේ ආරක්‍ෂක අංශ සමඟ යුද වදින්නට වූහ. පසුව මෙම කැරල්ල මර්දනය කිරීමට යුද හමුදාව බන්ධනාගාරය වෙත ළඟා වූහ. එදා යුද හමුදා ඛණ්‌ඩ දෙක් එහි පැමිණ තිබිණි. එස්‌ටීඑµa නිලධාරීන් ඉවත් කෙරිණි. සියල්ල යුද හමුදාවට භාර විය. අවසානයේ සිරකරුවන් යුද්ධ කFළ් යුද හමුදාව සමඟය.
යුද්ධයකදී මරණය සිල්ලරය. එහි කතා දෙකක් නැත. මේ අනුව අවසානයේ සියල්ල නිමා වූයේ සිරකරුවන් විසිහත් දෙනකුට මරණය ළඟා කර දෙමිනි. එහිදීත් මිය ගොස් තිබුණේ සමාජයට සදාකාලික පිළිලයන් වූ දරුණු අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවෝය. වැලිකඩ කැරැල්ලේදී එදා සිදුවූ කතාව සරලව කිවහොත් එය වන්නේය.
එහෙත් දැන් මෙකී සිද්ධිය අරබයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවක් ඉකුත් සතියේ වාර්තා විය. මේ රංගජීව යනු කවරෙක්‌ද?
රංගජීව සිදු කළ කුඩු මෙහෙයුම් නිසා දැනට මේ රට වැනසූ මත්කුඩු ජාවාරම්කරුවන් 43 දෙනකු මරණීය දණ්‌ඩනයට හා ජීවිතාන්ත සිර දඳුවම්වලට යටත්ව වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කන්නාහ. එසේම රංගජීව කළ මෙහෙයුම් අනුව ඔහු විසින් කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසුව දැනට මහාධිකරණ හමුවේ නඩුඅ 200 ක් පමණ විභාග වෙමින් ඇත.
ඔහු සිදු කළ අත්අඩංගුවට ගැනීම් හමුවේ පසුගිය කාලයේ රට තුළට මත්කුඩු කන්ටේනර් ගණනින් ගෙන්වූ සහ නැව් මගින් කුඩු ජාවාරම මෙහෙයවූ මහ මොළකරඑeවන් කිහිපදෙනකුද මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින්නාහ.
එසේම මීට මාස කිහිපයකට ඉහතදී මාකඳුරේ මධුෂ් නමැති පාතාල ප්‍රබලයාගේ කුඩු ජාවාරමකට එරෙහිව මෙහෙයුමක් සිදුකරන අතරවාරයේ පිළියන්දලදී කුඩු ජාවාරමුන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මාරාන්තික තුවාල ලැබුවේද මේ රංගජීවය. එහිදී මාස කිහිපයක් රෝහල ඇඳක වැතිරී ජීවිතයත් මරණයත් අතර සටනක් කර යළි ජීවිතය දිනා ගන්නට ඔහුට හැකි විය.
එසේ රටට සේවය කළ රංගජීවව වැලිකඩ සිද්ධිය හමුවේ අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ කුමන පදනමක් යටතේද? සියල්ල සිදු වෙමින් තිබෙන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්‌ථාවේදී සිගතව සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකුගේ සාක්‍ෂියක් පදනම් කරගෙනය.
මුන් එදා බන්ධනාගාරගතව සිටියේ කුඩු ජාවාරම නිසාය. මේ රටේ සමස්‌ත කුඩු ජාවරම් කාරයන්ට රංගජීව යනු විෂබීජයකි. ඒ ඔහුගෙන් කිසිවිටකත් ගැලවීමක් නැති නිසාය. එකී කුඩු ජාලයට සම්බන්ධ වූවන් කිහිප දෙනකු අද කියන්නේ එදා වැලිකඩ කැගල්ල අවස්‌ථාවේ පොලිස් පරීක්‍ෂක රංගජීව පැමිණ සිරකරුවන් තෝර තෝරා මරා දැමූ බවය.
රංගජීව වැඩ කරන්නේ පොලිසියේය. වැලිකඩ කැරැල්ල මර්දනය කළේ යුද හමුදාවය. එසේ නම් රංගජීවට යුද හමුදාව අතරට කඩා වැදී මෙවැන්නක් කිරීමට හැකිවේද? කිසි සේත්ම නොහැකිය. එය යුද හමුදාවද මේ වන විට තහවුරු කර ඇත.
යථාර්ථය එසේ වෙද්දී මෙම සිද්ධියට රංගජීව අත්අඩංගුව ගතහොත් ඉන් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? මෙරට කුඩු ජාවාරමට එරෙහිව ඔහු සිදු කළ වැටලීම් අනුව දැනට මහාධිකරණ හමුවේ පවරා ඇති 200 ක් පමණ වන නඩු අරාජික විය හැකිය. ඉන් වාසි සැලසෙන්නේ කුඩු ජාවාරමුන්ටය. ඒ අතරේ මේ රටට කිලෝ ගණනින් කුඩු පොම්ප කළ ප්‍රධාන පෙළේ ජාවාරමුන්ද සිටින්නේය.
වැලිකඩ සිද්ධියට රංගජීවව අත්අඩංගුවට ගතහොත් ඔහුව බන්ධනාගාරගත කිරීම නියත වශයෙන්ම සිදුවිය හැකිය. කුඩු ජාවාරම්කරුවෝ රංගජීවව මරන්නට හැදුවේ පිළියන්දලදීය. එහෙත් එය වැලකී ගියේය. එසේ තර්ජන මැද සිටින රංගජීව බන්ධනාගාරයට ගියහොත් කුමක් සිදුවිය හැකිද? කතා දෙකක් නැත. ඔහු සමඟ බද්ධ වෛරයකින් පසුවන ජාවාරම්කරුවන් රංගජීවව කීතු කරනු ඇත.
එසේ නම් දැන් මේ යහපාලනය කරන්නට හදන්නේ වැලිකඩ කැරැල්ලට ලොවෙත් අදාළ නොවන රංගජීව වැනි රටට සේවය කළ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන පිළියන්දලදී ඔහුට කළ නොහැකි වූ දේ වැලිකඩදීම කරවන්නටද?
අද වැලිකඩ කැරැල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ යෑයි කියන රංගජීවගේ කතාව එසේ වෙද්දී මේ වැලිකඩ කැරැල්ල යන්නද ආරම්භයේ සිටම රටට ෙද්‍රdaහී වූ විවිධ එන්ජීඕ කාරයෝ ගෝඨා.. ගෝඨා.. කියමින් සමාජගත කරන්නට වෙහෙසුන එකක් බවද මෙහිදී සඳහන් කළ යුතුය. මේ අතරේ එදා කොළඹට කොටි බෝම්බ ගෙන ආ සිංහල කොටිද වූහ.
දැන් ආණ්‌ඩුව කරන්නේ යහපාලනය හෙවත් සම්මුතිවාදය ය. ඒ සම්මුතියේ සමහර පාර්ශ්වවල උපදේශකයන් වී සිටින්නේ මෙකී එන්ජීඕ කාලකණ්‌ණි බවද පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. උන්ට ඕනේද ගෝඨාය. ඒ එල්ටීටීඊයට සිදු කළ විනාශයේ පලිය ගැනීමටය. ඒ අතරේ ආණ්‌ඩුවටද දැන් ගෝඨා ඕන වී ඇත. එයට හේතු වී තිබෙන්නේ 2020 මැතිවරණ භීතිකාවය.
එහෙත් මේ සියල්ල පිළිබඳ දැන් රටේ ජනතාව සිටිනුයේ අවදියෙනි. එහෙයින් ආණ්‌ඩුව මේ තුට්‌ටු දෙකේ දේශපාලන නාඩගම් නතර නොකළහොත් සිදුවිය යුතු දේ 2020 ටත් පෙරම සිදුවනු ඇතැයි අපේ හැඟීමය.
සමන් ගමගේ

Last edited: