යාපනයේ එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළලු බිද වැ&#

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    යාපනයේ එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළලු බිද වැ&#

    යාපනයේ එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළලු බිද වැටෙයි.
    යාපනය මුහමාලෙයි සහ නගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ලේ අද (ජනවාරි 30) උදෑසන එල්.ටී.ටී.ඊ. ය සහ යුද හමුදාව අතර දරුණු ගැටුම් ඇවිලි ගියේය. තම ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට ගමන් කළ යුද හමුදාව එල්ටී.ටී.ඊ. ත්*රස්තවාදින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලට සාර්ථක ප්*රහාරයක් එල්ල කර ඇත.

    යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ප්*රහාරයේදී ත්*රස්තවාදින්ගේ බංකර් 35 ක් විනාශ වී ඇත. ඉතාමත් සැලසුම් සහගතව දියත් කළ මෙම මෙහෙයුමෙන් ත්*රස්තවාදින්ට දැඩි හානි සිදු වු බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

    ප්*රහාරය සඳහා පාබල සේනාංක මෙන්ම යුද ටැංකිද උපයෝග කරගෙන ඇත. හමුදා ප්*රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදින් ඉදිරි පෙළ බංකර් අතහැර පලාගොස් තිබේ. ප්*රහාරයෙන් ත්*රස්තවාදින් 25 ත් 35 ත් අතර සංඛ්*යාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. ත්*රස්තවාදින් 10 දෙනෙකු මියගොස් ඇති බවට මේවන විටත් එල්.ටි.ටී.ඊ පණිවුඩ හුවමාරු වලින් සනාථ කරගෙන ඇත.

    ගැටුමේදි යුද හමුදා සාමාජිකයින් 07 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. පසුව කරන ලද සෝදිසි මෙහෙයුම් වලදි ආර්.පි.ජී. අවියක් සහ මිමි 60 වර්ගයේ බෝම්බ 01 ක්, ආර්.පී.ජී. උණ්ඩ රැසක්, මැගසින් සහ උණ්ඩ රැසක් සොයා ගැනිමට හැකි වි ඇත.