යාපනේ දන්ත වෛද්‍යවරිය නෝර්වේහිදී ඝාතනය වේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණ දෙමළ දන්ත වෛද්‍යවරියක නෝර්වේ රාජ්‍යයේ එල්වෙරුම් ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද සිද්ධියක් වාර්තාවේ. රෝහලක් පිටතදී මෝටර් රථයක් තුළදී වෛද්‍යවරිය ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
    මේ අතරවාරයේ මෝටර් රථයේ සිටි අයෙකු බරපතල තුවාල ලබා සිටියදී සොයා ගෙන තිබෙන අතර එරට පොලිසිය ඔහුව බේරාගෙන ගුවනින් ඔස්ලෝහි රෝහලකට රැගෙන ගිය පසුව ඔහුද මියගොස් තිබෙන බව වාර්තා විය. එසේ මියගියේ වෙඩික්කරු බවට සැක කෙරේ.ජනවාරි මස 1 දා මෙම සිදුවීම වාර්තා විය.
    එල්වෙරුම්හි ජීවත් වූ ඇය තම පවුලේ සාමාජිකයෙකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
    මෝටර් රථය තුළ තිබී අත්බෝම්බයක් ද සොයා ගෙන ඇත.

    ඝාතනයට යොදාගෙන ඇත්තේ තුවක්කුවක් බවට සැක කෙරේ. තරුණයෙකු විසින් තරුණ වෛද්‍යවරියට වෙඩි තබා ඝාතනය කර වෙඩි තබාගෙන සියදිවි හානිකර ගන්නට ඇති බවට අනුමාන කර ඇත. කෙසේ වෙතත් මෙයට තුන්වන පුද්ගලයෙකු සම්බන්ධ දැයි දැනගැනීමට පොලිසිය සාක්ෂිකරුවන්ගෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටී.

    ඝාතනයට ලක්වූ අය තිස් හැවිරිදි රාඝවි වර්දරාජන් නැමති දන්ත වෛද්‍යවරියකි. මියගිය අනෙක් පුද්ගලයා පිළිබඳ තොරතුරු නොදනී. එසේම මියගිය කාන්තාවට ජීවිත තර්ජන කිහිපයක් එල්ල වී පොලිසියට පැමිණිලි කර ඇති බව විමර්ශනයේදී අනාවරණයවී ඇත.
    දන්ත වෛද්‍යවරිය නෝර්වේ රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම විමර්ශනය කරන අතර ඇගේ පැරණි පෙම්වතා බව කියන අයෙකු නෝර්වේ පොලිසිය විසින් 6 දා අත්අඩංගුවට ගෙන තිබේ.

    වරදරාජන් රාඝවි නමැති 30 හැවිරිදි මෙම දන්ත වෛද්‍යවරිය සිය පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයකුගෙන් විවිධ හිරිහැරවලට ලක්වන බවට නෝර්වේ පොලිසිය වෙත මීට පෙර පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කොට තිබීම එසේ අත්අඩංගුවට ගන්නට හේතුවයි.

    මියගිය යාපනයේ පදිංචි වෛද්‍යවරියගේ දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    එසේම මියගිය කාන්තාවට ජීවිත තර්ජන කිහිපයක් එල්ල වී පොලිසියට පැමිණිලි කර ඇති බව විමර්ශනයේදී අනාවරණයවී ඇත.

    Refugee visa aran koheta hari yanna thibune

    suspect ex-boyfriend - terrorism nemai

    ex bf is probably an ex terrorist
    ------ Post added on Jan 8, 2024 at 4:02 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නෝර්වේ රාජ්‍යයේ
    මෝටර් රථය තුළ තිබී අත්බෝම්බයක්
    ජීවිත තර්ජන කිහිපයක් එල්ල වී
    රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය
    පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයකුගෙන් විවිධ හිරිහැරවලට ලක්වන බවට
    දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබේ

    Animated GIF
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Lankave hitiyath ochchara thama.

    namuth Norway vala baya nethuwa burial karanna puluwan, ai goda aran kawruth rape karanne na body eka.

    මචන් මම දන්නේ නැහැ උඹට තියෙන ඇරියස් එක මොකද්ද කියලා ලංකාවේ එවුන් එක්ක. මම දන්න දෙමල මිනිස්සු ඔක්කොම වගේ සෑහෙන්න හොඳට ඉන්නවා. මම කිව්වේ ඔය රට පැන්න සෙට් එක ඉන්නෙ අමුතුම සීන් එකක කියල විතරයි.