යාල්පානම් පලමු දිගහැරුම

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    යාල්පානම් පලමු දිගහැරුම

    ඇත්තටම මම අද කතාකරන්න යන්නේ එළකිරියේ ගොඩක් අය අකමැති දෙයක්
    ඒ හින්දා මම හිතනවා මගේ අදහස් වලට ගරු කරයි කියලා ඇත්තටම මේක අත්දැකීමක්
    සිකුරාදා රෑ කොළඹට බායි කිවුවේ බෝරිං ගතියෙන් පොඩ්ඩක් හරි මිදෙන්න
    ඒ හින්දා යන්න හොදම තැන ගොඩක් අය කැමති තැන නුවරඑළිය අපි තෝරගත්තේ යාල්පානම්
    ඉතිං සෙනසුරාදා උදේ 7.15 ට අපි කන්කසන්තුරේ.. ට සැපත් වුණේ දුම්රියෙන්
    එතනට ආව යාපනයට යන රෝස බස් එකෙන් කිරිමලේ කෝවිලට යන පාර ලඟට ආවත් එතන ඉදං 2km පයින් ඇවිදගෙන යන්න තිබුණා
    පාරේ අවට අලුතින් ඉදිවෙන ගෙවල් සහ ඉදිවුණු ගෙවල් එකම අච්චුවට ඉදිකරන්නේ රජයෙන් ශ්‍රමය හමුදාවෙන් ඒක හොද ලාභදායික්‍රමයක් නිසා වෙන්න ඇති
    පොඩි පොඩි සිල්ලර කඩවල්තැනින් තැන , කියන්න අමතක වුණා මම ගියේ තවත් යාළුවෝ 2ක් එක්ක උන් දෙන්නට දෙමළ බෑ මටත් බෑ ඒත් ටිකක් විතර පටලව ගන්න
    මට පුලුවන් නිසා ගේම ගහන්න උනේ මට
    ඉතිං කිරිමලේ කෝවිල ලගට එනකොට 8 ට විතර ඇති
    මම හොයපු තොරතුරු අනුව කෝවිල ලඟ පොකුණ එච්චරයි අපි දැනගෙන හිටියේ
    හැබැයි ඒතමයි කිරිමලේ හංදිය කදරන්ගොඩ විහාරයට යන්න දඹකොළ පටුනට යන්න එතනින් බස් ගන්න පුලුවන් වැඩි හරියක් තියෙන්නෙ රෝස බස්
    එතන බුන්දි අනං මනං ගන්න පුලුවන් කඩේ යක් ඒක කරන්නේ රත්නපුරයේ කට්ටියක් සිංහල අවුරුදු7ක ඉදං
    එකෙන් ඔප්පු වුණා සිංහල අයට උතුරේ ව්‍යාපාර කරගෙන යන්න හොඳ වාතාවරණයක් තියෙනවා කියලා
    ඒවගේ දකුණේ සිංහල බෞද්ධ ජනතාවගේ චන්දය කඩාගන්න උතුරේ නැති දේවල් උලුප්පා පෙන්වනවා කියලා
    (මේ පලමු පැය තුළ සිදුවූ සිදුවීම් හා මගේ නිරීක්ෂණ සහ නිගමන )
    දෙවෙනි කොටසින් හමුවෙමු ....
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Jaffna people rarely suffered from the war...........compared to Kilinochchi and Mullaitivu.
    They have somewhat comfortable life machan..........kiyagena palayankoo...........hebei putho dawasen deken oya minissu gena therum gannawa boru hodada.........