වෙඩි වැදුණු මේ තාප්පයේ
තවම ලේ සළකුණු තියේ
තුවාලය සුව නොවූ පුර සඳ
ඇද වැටෙයි දිය මත රැයේ
පන්සලේ මෙන් පල්ලියේ
සෙත් පිරිත්, ඔරසන් ගැයේ
කෝවිලේ රන් සීනු අතරේ
කඳුළු හැඩ සෙවනැළි තියේ
හිස් ගැසුම් ලද ජීවිතේ
තැන නොතැන නිරතුරු රැඳේ
විසල් තල් රුක සිරස අහිමිව
නෙරළු තුරු අතරින් නැගේ
සටන් සගයින් මිය ගියේ
සටන් බිම පමණක් නොවේ
කොතැන හෝ උන් දිවි අතැර ගිය
අයුරු උඩු සුළඟේ ගැයේ
මගතොටේ හමුවන වෙලේ
ඥාතිකම් අමතක ලෙසේ
හිස් නො උස්සා අහක බලනා
දනිමි සකිසඳ කාරණේ
පරපුරක් මිය ගිය බිමේ
අද වුනත් ගිනි අවි තියේ
තැලුණ පෑරුණ සිත් හදන්නට
පාලමක් නැත් ඉදිවුණේ
උපන් ගම් බිම් ඇද වැටී
අලුත් නුවරක් නුබ සිඹී
ඉදිවෙනා මතු මහල් අතරේ
සුසුම් පමණක් පිය නගී
අඳුරු පැහැ සළුවෙන් එතී
අහස විසිතුරු බව හරී
පෑල දිග හිරු ඈත කෙළවර
මුදාහල රත නුඹ වැනී
තවම ලේ සළකුණු තියේ
තුවාලය සුව නොවූ පුර සඳ
ඇද වැටෙයි දිය මත රැයේ
පන්සලේ මෙන් පල්ලියේ
සෙත් පිරිත්, ඔරසන් ගැයේ
කෝවිලේ රන් සීනු අතරේ
කඳුළු හැඩ සෙවනැළි තියේ
හිස් ගැසුම් ලද ජීවිතේ
තැන නොතැන නිරතුරු රැඳේ
විසල් තල් රුක සිරස අහිමිව
නෙරළු තුරු අතරින් නැගේ
සටන් සගයින් මිය ගියේ
සටන් බිම පමණක් නොවේ
කොතැන හෝ උන් දිවි අතැර ගිය
අයුරු උඩු සුළඟේ ගැයේ
මගතොටේ හමුවන වෙලේ
ඥාතිකම් අමතක ලෙසේ
හිස් නො උස්සා අහක බලනා
දනිමි සකිසඳ කාරණේ
පරපුරක් මිය ගිය බිමේ
අද වුනත් ගිනි අවි තියේ
තැලුණ පෑරුණ සිත් හදන්නට
පාලමක් නැත් ඉදිවුණේ
උපන් ගම් බිම් ඇද වැටී
අලුත් නුවරක් නුබ සිඹී
ඉදිවෙනා මතු මහල් අතරේ
සුසුම් පමණක් පිය නගී
අඳුරු පැහැ සළුවෙන් එතී
අහස විසිතුරු බව හරී
පෑල දිග හිරු ඈත කෙළවර
මුදාහල රත නුඹ වැනී
[3]