මේ අනුරාධපුරයේ ප්‍රසිද්ධ viewpoint එක.
පොතු මාර ගස් 3 ක් මැද්දෙන් රුවන් මැලි මහා සෑය ඇතුළු සෑය වල් 3 ක් පෙනුන තැන. ශ්‍රි ලංකාවේ පළවෙනි වැව වෙච්චි බසවක්කුලම වැවේ වැව් බැම්මේ වැඩුණු මේ මාර ගස් අපේ පරම්පරාවටත් වඩා කාළයක් මෙහි තියෙන්න ඇති.
ගම්මුන්ගෙන් විමසීමක් කළහම කිව්වේ ගස් තුනම එක වර මිය ගිය බවත් අනතුරුව දැව සංස්ථාවෙන් පැමිණ ඒවා කපා ගෙන ගිය බවත්.
සාමාන්‍යයෙන් ක්‍රමය තමයි පොදු ඉඩමක ගහක් ඉවත් කර ගත්තත්, ඒක දෙන්නේ දැව සංස්ථාවට. ඒ අනුව මිය ගිය ගස් ඔවුන් ඉවත් කර ගෙන තිබෙනවා. කඳන් වලින් කොටසක් රැගෙන ගිය බවත් ගම්මුන් කීවා. තවත් කොටසක් මෙහි දමා ගොස් තිබෙනවා.
ගැටලුව ගස් 3 ක් එකවර මිය ගියේ කෙළෙස ද යන්නයි. දැන් මරණ පරීක්ෂණයක් කිරීමට ක්‍රමයක් නැති නිසා ඒකට හේතු හොයන්න බැරි වේවි. අපිට ක්‍රියාත්මක වීමට තිබුනේ ගස් මිය යමින් තිබූ විට මිසක කපා දැමූ කඳන් දුටු විට නොවෙයි. එනයින් මේ ගස් මෙන්ම ඒවායේ ඡායාරූප ඉතිහාසයට එක් වීම හැර වෙන දෙයක් සිදු වන්නේ නෑ.
හැබැයි අපිට ගස් හිට වන්න පුළුවන්.
පොතු මාර ලේසියෙන් හැදෙනවා. ඉක්මනින් ලොකු වෙනවා. පැල හොයා ගන්න තවාන් වලත් තියෙනවා. එක පැලයක් රුපියල් 250/= විතර සිට 1500/= විතර දක්වා ගන්න පුළුවන් උස අනුව.
මේ ගස් පෙලට ආදරේ කළානම් අපි තව එවන් ගස් හිටවමු. මේ ගස් හිටවපු මිනිස්සුන්ට පිං ලැබුනා වගේම අපිටත් ලැබේවි.
චායාම් අන්යස්ය කුර්වන්ථී
ශිෂ්ඨන්ති ස්වමාතපේ
පලාන්‍යෙපි පරාර්ථාය
වෘක්ෂාහ් සත්පුරුෂායිව...
පැතුම් කර්නර්