යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

කෙළිදෙළෙන් උන් අපෙන්
වෙලාවත් සොරාලා
ගිය මගේ අඩි ලකුණු
පමණක්ම තියාලා
වෙන්ව යන්නට නොසිතූ
ගමනක්ම ගිහිල්ලා
ආයෙමත් ආ හැටිත්
පුදුමයකි හමුවෙලා

ගතින් නුඹ අතහැර
මිතුදමේ මතක තැබ
දුරින් සිට අමතන්න
දහස් වර තැත් කළා
ඒත් ඒ ඇමතුම
අංකයක් නැති තැන
හිතින් හිත යාවෙන්න
පාලමක් සෙව්වා

එයත් නොලැබූ සඳ
දොළොස් වසකට පසුව
ඇයත් ගොනු වී මටම
අංකයක් ලැබුවා
කුමක්දෝ මේ අරුම
ජීවිතේ කැළඹුම
ඇයම සිහිවනු නිතර
මතක පොත විමසුවා


මාලන් විදානපතිරණ
(යාළුවකු කළ ඉල්ලීමකට අනුව නොසිතූ පැරැණි ආදරයක් ආයෙත් ලියලීම ගැන ලියූවකි)