යාළුවාගේ crush එකට ලියපු කවිය සින්දුවක් වුනු හ

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    යාළුවාගේ crush එකට ලියපු කවිය සින්දුවක් වුනු හ

    හැමෝම මේකේ දාන thread දැක්කම මටත් එක සින්දුවක් පිටිපස්සේ තියෙන රස බර කතාවක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා. මේක හැබැයි ඔයාලා වැඩිය අහල පුරුදු ජනප්‍රිය සින්දුවක් නෙවෙයි වෙන්නැති. ඒ නිසා ඉස්සෙල්ල සින්දුව අහල ඉන්න. එළකිරියේ ඉන්නේ හොඳ රසවින්දනයක් තියෙන මිනිස්සු නිසා මම හිතනවා මේකට හොඳ ප්‍රතිචාරයක් ඔයාල දක්වයි කියල.

    ඉතින් ඔන්න කැම්පස් යන කාලේ මගේ හොඳ යාලුවෙක් හිටියා. මිනිහ ඇත්තටම තමන්ගේ පාඩුවේ ඉන්න හොඳ කොල්ලෙක් ඉතින්. වැරද්දක් ඇත්තෙම නෑ ඔය ඉඳල හිටලා පොඩ්ඩක් යාලුවෝ එක්ක සෙට් වෙන එක ඇරෙන්න. ඉතින් ඔහොම ඉන්න අතරේ කොල්ලට කැම්පස් එකේ වෙන ෆැකල්ටියක කෙල්ලෙක්ට හිත ගියා. ඒ කෙල්ල හැබැයි අර අහිංසක ගෑනු ලාලිත්‍යයක් තියෙන අපේ හීන වල දකින කෙල්ලෝ වගේ නෙවෙයි. උසයි සුදුයි කෙට්ටුයි. athletic එහෙම කරපු ටිකක් එක විදිහක කෙල්ලෙක්.
    ඉතින් අපේ මිනිහ ඔන්න ඉතින් හිතක් පහල වෙලා නම් ගම් හොයාගෙන වැඩේට බැස්සා. හැබැයි ඉතින් කෙල්ලගෙන් නම් මේකට යහපත් ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. හැබැයි ඉතින් අපේ පොර ගේම අතෑරියේත් නෑ.
    එක සැරයක් කෙල්ලගෙන් ඇහුවම කෙල්ල බෑ කිව්වා. ඉතින් ඊට පස්සේ අපේ කොල්ලොන්ගේ තියෙන්නේ අනුකම්පාව දින ගන්න method එකක් නේ. ඔන්න ඉතින් දුක හිතෙන post එහෙම share කරනවා. පාරේ යද්දී බලන් ඉන්නවා. bike එකෙන් ගිහින් ගේ ඉස්සරහ බලන් ඉන්නවා. යාලුවෝ අතේ තෑගි යවනවා. එක සැරයක් fb එකෙනුත් block කළා. මන් කිව්වනේ ටිකක් දරදඬු කෙල්ලෙක් කියල. ඉතින් මොනා කලත් කිව්වත් මේකිගේ හිත උණු වෙන්නෙත් නෑ. මූ අතාරින්නේත් නෑ. කොහොම හරි මිනිහට හොඳටම sick එක වැදිලා තිබ්බේ.

    ඉතින් ඔය අතරේ මිනිහගේ තත්වය බලන් ඉන්න අමාරු මිනිහගේ යාලුවෙක් හිටියා. මිනිහ ගැන පොරට හරි දුකයි. ඉතින් මිනිහට කරන්න පුළුවන් උදව්වක් තියෙනවද කියල හිත හිතා ඉද්දි ඔය යාලුවට පොඩි idea එකක් ආවා. යාළුවා කිව්වා "මචන් ඔය කෙල්ලෝ සාමාන්‍යයෙන් ඔය කවි සින්දු වලට ආසයි නේ. අපි ඒකිට කවියක් යවමු උඹේ හිතේ දුක ලියලා" ඉතින් මේ යාලුවට පොඩ්ඩක් කවි එහෙම ලියන්න පුළුවන්. ඉතින් මිනිහගේ හිතේ තියෙන දේ යාළුවා කවියකින් ලිව්වා. ලියල යාළුවාට දුන්නා යවන්න කියලා. ඉතින් ඔය කවිය යැව්වට පස්සේ කෙල්ලගේ reply එක උනේ "ඇයි මෙහෙම දේවල් කරන්නේ අප්පා" වගේ එකක්. ඉතින් කලින්ට වඩා ප්‍රතිචාරේ හොඳ නිසා එක කවිය, කවි series එකක් බවට පත් උනා. මිනිහගේ අදහස් වලට හරියන්න මිනිහගේ යාළුවාත් දිගටම කවි ලියල දුන්නා. අන්තිමට අඬ අඬ දුක කියපු එකා අඬ අඬ කවි යවන තැනට පත් උනා. ඔහොම ඉතින් කැම්පස් කාලේ ඉවර වෙලා අපි ජොබ් වලටත් ගියා. හැබැයි මිනිහගේ try එකවත් කෙල්ලගේ විරෝධයවත් නැවතුනේ නෑ.

    ඉතින් ඔය දේවල් වෙලා දැන් අවුරුදු ගානක් ගිහින්. ඔයාල බලනවා ඇති අවසානය මොකද උනේ කියල. දැන් ඒ කෙල්ල බැඳලා නිවුන්නුත් ඉන්නවා. ඒත් කොල්ලා නම් තාම බලන් ඉන්නවා. ඔව් බන් සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකතා වල වගේ අවසානයක් නැති උනාට ඒ නවකතා වල ඉන්නවා වගේ කොල්ලෝ කෙල්ලෝ නම් සැබෑ ලෝකෙත් ඉන්නවා.


    ..............................................................................................

    ඕක තමයි ඉතින් කතාව. ඉතින් ඔය දේවල් වෙලා ටික කාලෙකින් අර කවි ලියන යාළුවගේ ඉස්කෝලේ අයියා කෙනෙක් සින්දුවක් කරන්න lyrics වගයක් ලියල ඉල්ලනවා. ඒ දවස් වල කවි ලියන යාළුවා ලොකු විභාගෙකට පාඩම් කරන ගමන් ඉන්නේ. ඉතින් වෙලාවක් නැති නිසා කවි ලියන යාළුවා ගාව තමන් කලින් ලියපු කවි තියෙන folder එකක් lyrics ඉල්ලපු අයියට යවනවා හොඳ එකක් තියෙනවනම් ගන්න කියලා. හැබැයි ඒ කවි ලියන යාලුවට අමතක වෙනවා කලින් යාළුවගේ crush එකට යවන්න ලියල දුන්නු කවිත් අර folder එකේ තියෙනවා කියල.
    ඉතින් අර lyrics ඉල්ලපු අයියා එයාට හොඳයි කියල හිතෙන ඒවා ටිකක් select කරලා music කරන්න රෝහණ වීරසිංහ මහත්තයට යවනවා. ඒවා අතරින් රෝහණ වීරසිංහ මහත්තයා තෝරාගන්නේ අර crush එකට ලියපු කවියක්. කොහොම හරි තනු වැටිලා music දාල voice කරන්න යද්දී තමා අර කවි ලියන යාළුවා දැනගන්නේ අර අයියා කරන්න යන්නේ මේ සින්දුව කියල. ඉතින් කෙල්ල හිතාගෙන ඉන්නේ ඒ කවිය ලිව්වේ අපේ කතා නායකයා කියලනේ. ඉතින් මේක වෙන කෙනෙක් ලියපු එකක් කියල දැනගන්න එක හොඳ නැති නිසා කවි ලියන යාළුවා කියනවා ඒ song එක තමන්ගේ නමින් නැතුව තමන්ගේ යාළුවගේ නමින් යවන්න කියල. ඒත් අර අයියා ඒකට කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඒ සින්දුව හදලත් voice නොකර අතෑරලා දානවා.

    ඉතින් අන්තිමට අර ගෑනු ළමය කසාද බැන්දටත් පස්සේ තමා ඒ ගීතය එලියට එන්නේ. ඒ සින්දුව තමයි මේ. සින්දුව කියන්නේ චරිත් විජේනායක. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්. එතකොට ගීතේ පදවැල අපේ අර කවි ලියන යාළුවගේ. (ඒ කවි ලියන යාලුවා කවුද කියලනම් මගෙන් අහන්න එපා දැන්. :rofl: ) එහෙනම් අහල බලන්නකෝ හොඳ නම් comment එකක් දාගෙනම යන්න.



    අහස නුඹ මට මගේ හිස මත
    මවන පෙම් රස ගුලාවක්
    මගේ හිත වැසි නැතිව ලතැවෙන
    කටුක රළු වැලි තලාවක්
    බලා හිඳ වැහි වැටෙන තුරු දැන්
    ගත වෙලා හුඟ වෙලාවක්
    අඩුම තරමේ තාම නොදුටිමි
    එකම එක වැහි වලාවක්

    අගුලු ලා සිත වසා ගත්තෙමි
    ඔබේ රුව මැවි මැවි පෙනේ
    කඳුළු වූ මතකය පවා ඔබෙ
    දැවි දැවී සැනසුම ගෙනේ
    සතුට කලෙකින් නොලද හදකට
    වෙහෙස හරි හරියට දැනේ
    බලා ඉමි හැමදාම ඔබ දෙස
    හිතේ තද කරගෙන සෙනේ

    මගේ හිත අද මටම අහිමිව
    හුඟක් මම අසරණ වෙලා
    නැගෙන තුරු එක සිනාවක් හෝ
    මියැදුනත් මග ඉමි බලා
    සිතැඟි එකිනෙක බිඳුණු හදකට
    පැටලෙමින් එන විට ගලා
    අරුත නොම දැන ගැයෙන ගීයක
    තනුව තනිකර නුඹ වෙලා




    https://www.youtube.com/watch?v=PdDMrsas0xo
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ කාලේ ජනප්‍රිය යැයි කියාගන්නා ප්‍රේම ගීත එක්ක බැලුවාම මේක සුපිරි...
    අහන්න ලැජ්ජා හිතෙන තාලේ එක වචනයක් නෑ.
    එළකිරි...! :)
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    බම්පි




    මේ කාලේ ජනප්‍රිය යැයි කියාගන්නා ප්‍රේම ගීත එක්ක බැලුවාම මේක සුපිරි...
    අහන්න ලැජ්ජා හිතෙන තාලේ එක වචනයක් නෑ.
    එළකිරි...! :)

    යාලුව ච. මේ. මි. නේහ්? ;)

    උඩට






    hamotama thanx mchanlaa :yes::love: