යින් සහ යැන්

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    aaa.png
    ggg.jpg






    ඔබ මේ සලකුන ගැන මොනාද දන්නේ? කුන්(ග්)ෆූ ක්‍රීඩාවේ සලකුනක් කියලා පමණද​?
    මේ සලකුන පිටුපස ජීවිතය පිළිබඳ​ ලොකු තේරුමක් තියෙනවා.. ප්‍රධාන වශයෙන් එය සමබරතාවය කියලා හඳුන්වන්න පුලුවන්.

    මේ සලකුනේ රූපමය තේරුම පිළිබඳ සැලකුවොත් පිටත කලු රවුමෙන් අදහස් කරන්නේ "සියල්ල​" යන්නයි...

    මැද ඇති කලු සහ සුදු කොටස් වලින් ශක්තීන් දෙකක අන්තර් ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනවා..
    කලු කොටස "යින්" ලෙසත්, සුදු කොටස "යැන්" ලෙසත් හැඳින්වෙනවා.. සියල්ල සිදුවීමට හේතුවන්නේ මේ ශක්තීන් දෙක ලෙස සලකනවා.. ඒ වගේම විශේෂ දෙයක් වන්නේ මේ කොටස් සම්පූර්ණයෙන් කලු හෝ සුදු නොවීමයි.. ජීවිතයේ සෑම දෙයක්ම කලු හෝ සුදු නොවන බව මයින් අදහස් කරනවා..
    ඒ වගේම මේ ශක්තීන් දෙකට එකකට එකක් නොමැතිව පැවතීමටද නොහැකි බව අදහස් කරනවා..


    යින් යන්නෙන් අඳුරු, පසුගාමී, සීතල​, දුර්වල යන්න පිළිඹිබු කරන අතර යැන් යන්නෙන් ආලෝකමත්, ක්‍රියාශීලී, උනුසුම්, ශක්තිමත් යන්න පිළිඹිබු කරනවා.. යින් සහ යැන් දෙකෙහි හැඩයෙන් නොනවතින ක්‍රියාකාරීත්වයක් ඇති බව පෙන්වනවා.. යින් වලින් යැන් වලට හා යැන් වලින් යින් වලට ලෙසින් සියල්ලම සිදුවීමට හේතුවන බව පෙන්වනවා...

    සෑමවිටම මේ දෙකෙහි පවතින්නේ එකකට එකක් විරුද්ධ තේරුම්... ජීවිතයේ සෑමවිටම මේ ශක්තීන් දෙක අදාල වනවා..
     
    • Like
    Reactions: virajintel