යුක්තියෙන් ඇල්ලූ කෝටි 10 වාහන යළි දෙන්න කියයි

wca

Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    (කේ බුද්ධික කුමාරසිරි)


    කඩුවෙල "වැලිවිට සුද්දා" නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරුට වෙත යළි ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (16) දින නියෝග කළාය.


    එම නියෝගය සිදු කරන ලද්දේ මාස දෙකකටත් වැඩි කාළයක් එම රථ වාහන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රදවා ගෙන තිබියදී තව දුරටත් අදාල රථ වාහන රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අවස්ථාව ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.


    කඩුවෙල පොලිසිය මගින් ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කඩුවෙල පදිංචිකරුවකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් "වැලිවිට සුද්දා" නැමැත්තාට අයිති බවට පවසමින් ඔහුගේ සහෝදරියක වන එච්.එම්. හීන්මැණිකේ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක් නවීන මෝටර් රථයක් සහ යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.


    ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනතේ හත්වන වගන්තිය යටතේ අදාල රථ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට සහකාර පොලිස් අධිකාරි එස්.ඊ.ආර්. සමරනායක මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත එම රථ වාහන දින හතක කාළයක් රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අධිකරණය නියෝග කර තිබුණි.


     
    • Haha
    Reactions: Dailco and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    1.

    Weliwita Sudda’ arrested​

    August 6, 2019

    2. ‘Weliwita Sudda’, was arrested in a raid carried out by the STF at Kotelawala,
    January 30, 2023

    3. කඩුවෙල "වැලිවිට සුද්දා" නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරුට වෙත යළි ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (16) දින නියෝග කළාය.

    2024 පෙබරවාරි මස 16


    🤌 🤌 🤌
     

    Similar threads