Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යුගයේ_ගායිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන්න තියෙන දේ හොදින්ම කියලා තියෙනවා..

යුගයේ ගායිකාව පහළ වී තිබේ

රූපවාහිනි නාලිකාවල මේ දිනවල හරිම ජනප්‍රිය "රියෑලිටි සංගීත වැඩසටහන් බලන්නට මා පෙළඹුණේ එම්. ඩී. ධනුෂ්ක නිසාය. එම්. එස්. ප්‍රනාන්දු නම් ප්රතාපවත් ගායකයාගේ "හඬ පෞරුෂය" නොනසා ඔහුගේ ගී හරි අපූරුවට ගැයූ ධනුෂ්කගේ ගායනා ශෛලිය හා ගායන විලාශය මා සිත් ගත්තේය.

එතැන් පටන් ඉඩක් ලද හැම විටකම මම දෙරණ නාලිකාවේ "ඩී්රම් ස්ටාර්" ප්රමුඛ යම් යම් රියෑලිටි වැඩසටහන් බලන්නට පුරුදු වූයෙමි. මේ වායේ ගී ගැයූ සමහර තරුණ තරුණියන්ගේ ඇතැම් ගායනා "මුල් ගැයුම්" වලටත් වඩා නිර්මාණශීලීව හා ආකර්ෂණීයව අප හදවත් මෝහණයට පත් කළා මට මතකය.

එහෙත් මේ හැම රියෑලිටි වැඩසටහනකම මම දුටු අප්‍රසන්න කොටස එළැඹෙන්නේ එම ගායනා පිළිබඳ විනිශ්චය කරන විනිසුරුවෝ තම තම විවරණ සපයද්දීය. මේ ඇතැම් විනිසුරුවෝ මොන තරම් "බක පණ්ඩිතකම්" සම්භාරයකින් පරිපීඩිත දැයි හැඟෙන්නේ ඒ විවරණ අසද්දීය. සංගීත විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් හෝ කිසිsදු ගායන හැකියාවක්, ව්‍යවහාරික ඥානයක් නැතිවුවත් "කට වාචාලකම" පමණක් නොමඳව ඇති ඕනෑම අයෙකුට මේ තරග විනිශ්චය කිරීමට සුදුසුකම් ඇති බව මා දැනගත්තේ එහිදීය.

මගේ හිත තුළ කොනක කලක් තිස්සේ පැලපදියම්ව තිබූ එම අදහස අතිශයින් නිවැරැදි බව පසුගිය දිනක එක්තරා නාලිකාවක රියෑලිටි වැඩසටහනක් බලද්දී එහි ගැයුණු ගීතයක් හා ඊට එක්තරා විනිසුරුවරියක් ලබාදුන් විවරණයක් අසද්දී තහවුරු විය.

ගායිකාව ගායනා කළේ අපේ කාලයේ තරුණ පරපුර 80 දශකයේ සිට කඩින් කඩ ගායනා කළ, අසමසම ගායිකා නන්දා මාලිනියගේ ගීයකි. කොටින්ම කිවහොත් 88/89 යුගයේ අනන්ත දුක් ගැහැට විඳි විශ්වවිද්‍යාල ප්‍රජාව සිsය "ආත්මකථනය" ලෙස පිළිගත් භාවනාවක් බඳු ගීයකි. සමාධියකට සමවැදී විශාරද නන්දා මාලිනිය එම ගීය භාවාතිශයව ගායනා කරන විට කොතරම් මිහිරිද... ඊටම උචිත සංගීතය මොන තරම් සුමිහිරිද....

"හන්තාන අඩවියේ

මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස

මේ එන්නේ

ප්‍රේමයේ සුවඳ නොවේ

කුසුම වඳුළු තුරු

සිරස හමාගෙන මේ එන්නේ

ප්‍රේමයේ සුවඳ නොවේ....

1988/89 සමයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස භීෂණයේ රස බැලූ අපට නන්දා මාලිනිය මෙම ගීය ගයන විට එය අපේ රිදුණු තැවුණු සිත්සතන්වලට පවන් සලන්නාක් මෙන් දැනුනේ එය තුළ ලියවී තිබූ "අපේ කාලයේ කතාව" නිසාය. අපේ කතාව නිසාය.

"කුසින් අඩක් දළ අහරින් සකසා

කෙසඟ සිරුරු රළු යහනේ සතපා

අනියත හෙට ගැන සිතමින්

විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා

මානව මානවිකාවන්ගේ

නලියන රුධිරයේ උණුසුම් පැතුමයි

මේ එන්නේ ... ප්‍රේමයේ සුවඳ නොවේ

අපේ කතාව අපේ කාලයේ ගායිකාවගේ හඬින් අපට ගයන විට අපේ පරපුරම එය අපේ කොට ගත්හ. දැන් එය අපේ පරපුරේය.

එය අපේය.

"පීඩනයෙන් පැණසර හිස ඔසවා

පෙරමුණගත් වරදට වෙඩි සැර කා

මල සොයුරන් සිහිකරමින්නේ

විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා

මානව මානවිකාවන්ගේ

කකියන මනසේ උණුසුම් පැතුමයි

ප්‍රේමයේ සුවඳ නොවේ"

රියෑලිටි වැඩසටහනේ ගායිකාව දක්ෂ බව හැබෑය. ඕ මේ ගීය ඇගේ කොටගෙන ඇගේ ආරට අනුව ගායනා කළාය. ගායනා කළා නොව, මේ සුමිහිරි ගීය අමු අමුවේම කටේ දමා ඒ මේ අතට පෙරළා හපා චප චප ගා චප්ප කොට රොඩ්ඩක් කර ගිල දැම්මාය. ගිල දමා නැවත නැවතත් වමාරමින් කෑවාය....

ඈ මෙය ගායනා කළේ බටහිර සංගීත ගායනා විලාශයකට බව මම සිතමි. එම ආරට අනුව ගායනා කළ යුතු ගීත තිබේ.

කවරෙකු හෝ ගයන කිසියම් ගීතයක් ඇගේ හෝ ඔහුගේ හඬ පෞරුෂයට හා ගායන විලාශයට අවනත විය යුතුය. සාධාරණ විය යුතුය. අවනත කරගත යුතුය. ඒ බැව් සැබෑය. එහෙත් එය කළ යුත්තේ පරිස්සමිනි. "ෙඖචිත්‍යය ගුණය සුරැකෙන පරිදිය. ගීතයේ ආකෘතියට හා අර්ථ රසයට හානි නොනැගෙන පරිදිය. ඇයට වටහා ගත හැකි වූයේ ඒ "ෙඖචිත්‍යය" බව පිළිබඳ යථාර්ථය බව සිතූ මම ඊළඟට බලා සිටියේ විනිසුරුවන් ඇයට එම වරද කියා දෙනු ඇතැයි කියාය. ගීයට සාධාරණය ඉටුකරනු ඇතැයි කියාය.

එහෙත් සිදුවූයේ කුමක්ද?.... මුලින්ම විනිසුරු මඬුල්ලේ සිටි විනිසුරුවරිය ඉදිරියට පැන ඇයව සියොළඟින්ම වැළඳ ගන්නා ආකාරයේ විවරණයක් ඉදිරිපත් කළාය.

"මේක තමයි යුගයේ හඬ. යුගයේ අවශ්‍යතාවය. අපේ සංගීතයේ හෙට දවස. මේ ඉන්නේ යුගයේ ගායිකාව. අපි යන්න ඕන මෙන්න මෙතනට. අපේ සංගීතයේ ඩිජිටල් සංගීතයේ කාලීන අවශ්‍යතාවය."

එසේ ඇයට හැකි උපරිමයෙන් වර්ණනා කළ ඕ එතකින් සෑහීමකට පත් වූයේද නැත. තම ප්‍රකාශය සනාථ කරන්නට ඕ එම ගීය ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්වද යොදා ගත්තාය.

"මම කතා කළා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට. එතුමන්ගෙන් මම ඇහුවා මේ ගායන ශෛලියෙන් ගීතයේ අරුතට යම් කිසි හානියක් වී තිබේද කියා. එතුමා කිව්වා කිසිම හානියක් නැහැ අර්ථයට කියා..." එම ප්‍රකාශය කරමින් මහැදුරු සුනිල් ආරියරත්නයන්වද වටේ යෑවූ ඈ එතනින් නැවතුනේ ද නැත. අර ගායිකාවගේ දෙමාපියන්ට කතාකොට... "කවුරු මොනව කීවත් මේ ගායිකාවගේ ගායන ශෛලිය වෙනස් කරවන්න එපා.." කියන අවවාදයද දෙමින් ඔවුන්ගේ සිත් සුවපත් කරන්නට වෙහෙස වූවාය.

මෙම ගීය ඇගේ විලාසයට අනුව ඇගේ ශෛලියට අනුව අසා එදා කී දෙනෙක් සතුටු වූවාදැයි මම නොදනිමි. ඒ ගායිකාව "යුගයේ ගායිකාව" ලෙස නම් කරන්නට කී දෙනෙක් ඉක්මන් වූවාදැයි නොදනිමි. එහෙත් මේ විනිසුරුවරිය ඇයව ඉතා හොඳින් නොමග යෑවූ බව නම් මම විශ්වාස කළෙමි.

නන්දා මාලිනියගේ මෙම ගීය පමණක් නොව බොහෝ ගීත දත්මිටි කා ගිරිය පුප්පා ඇස් උඩ ඉන්දවාගෙන මුහුණේ, ගිරියේ හා බෙල්ලේ මස්පිඬු තදකරගෙන සියොළඟම දරදඬු කරගෙන ගායනා කළයුතු ඒවා නොවේ. "ආත්මීය දමනයකින් යුතුව" භාවනාවකට සමවැදී කිව යුතු ඒවාය.

මෙබඳු අගය කිරීම්වලට ග්‍රහණයට අසුවී අන්තයටම විෂයානුබද්ධව නොමග ගිය ගායිකාව හෙට දවසේ නන්දා මාලිනියගේම "බුද්ධානු භාවේන සිත් නෙත් පහන් වී" ගීය කෙසේ කියනු ඇත්දැයි මම නොදනිමි... "සැඳෑ කළුවර කුර ගගා විත්

මගේ පැල්පත ඔබේ දසුනින්...."

ආදී ගීත කෙසේ ගයනු ඇත්දැයි මම නොදනිමි. සංගීත ඥනයක්, සංගීත හැදියාවක්, විෂයානුබද්ධ හික්මීමක්, කිසිත් නැති ඉහත කී විනිසුරුවරිය මා දන්නේ දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විලසිනි. දක්ෂ නිවේදිකාවක් විලසිනි. ඇයට ඒ කාරිය නිවැරැදිව කළ හැකි බව නිසැකය. එහෙත් මෙබඳු ගීයක් එබඳු ගායිකාවක් ලවා ගායනා කරවා අනවශ්‍ය වටිනාකමක් දී විනාශ කර දැමිය නොහැකිය. ඒ එම ගීතය දැන් සමාජගතවී සමාජ අයිතියක් බවට පත්වී හමාර නිසාය.

ඊටත් වඩා ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සම්බන්ධ කරගෙන අපට කර ඇත්තේද වංචාවකි. "නිවේදිකාව" මහැදුරුතුමන්ගෙන් කරුණු විමසා ඇත්තේ මෙම ගායිකාව මීට පෙර මෙම ශෛලියෙන් ගායනා කළ වෙනත් ගීතයක් ගැනය. එදා ඇය ගායනා කර ඇත්තේ ප්‍රදීපා ධර්මදාස ගැයූ ආවේගාත්මක ගීතයකි. ගීතයේ ආත්මය වූ ආවේගයට ගායිකාව ගිරිය පුප්පා මස් තදකර දත්මිටි කා පෙන්වන ලද ආවේගය සාධාරණය.

මහැදුරුතුමන්ට මම කතා කළෙමි. එතුමන් ඒ ගැන මට විස්තර කළේය. එදා අර්ථයට හානියක් වී නැතැයි ඔහු කියා ඇත්තේ එම ගීය ගැන මිසක් මෙම අපේ කාලයේ "බැති ගීය" ගැන නම් නොවේ. ඈ අනියමාර්ථයෙන් එම අදහස මෙම ගීතය කෙරෙහි කුළුගන්වා රසිකයා මුලාකොට ඇත්තේය.

වරක් එක්තරා සංගීත වැඩසටහනකදී සමන් ද සිල්වාට අමරදේවයන්ගේ ගීතයක් ගායනා කිරීමට අභියෝගයක් ලැබුණ අයුරු මට මතකය. සමන් ගීතයක ෙඖචිත්‍යය ගුණය ගැන දැන සිටියේය. ඔහු අමරදේවයන්ගේ ගීය ගායනා කළේ තමන්ට හුරුපුරුදු බයිලා විලාශයට නොවේ. අමරදේවයන්ගේ ගීයේ සුගායනීය ගුණයට තම කටහඬ ගැලපෙන පරිදිය. සමන් අමරදේව වන්නට ගියේ නැත. අමරදේව සමන් කරගන්නට ගියේද නැත.... රස නොනැසෙන ලෙස ගීතය ගායනා කළේය....

ඒ සමන්ලාය... ඒ එදාය... ප්රශ්නය ඇත්තේ එදා ගැන නොව මෙදා ගැනය... මෙදා අපේ සමාජය, අපේ භාවිතය යන්නේ කොතැනටද කියාය...

මෙම ගායිකාවද දක්ෂ ගායිකාවක් බව කියන්නට මම මැලි නොවේ. එහෙත් ඇගේ අවාසනාවට ඇයට එක දෙයක් අහිමි වී තිබේ. ඒ වූ කලී හැකියාව පිළිබඳව නිවැරැදි තක්සේරුවයි. යථාර්ථවාදී තක්සේරුව ඇයට නිවැරැදිව ලැබුණේ නම් ඇය යායුතු මග ඇය විසින්ම තෝරා ගනු නිසැකය. එහෙත් ඇයට දැන් මග වැරදී ඇති බව පැහැදිළිය. ඒ අන් කිසිවක් නිසා නොවේ. නිවැරැදි තක්සේරුවක් නොමැති නිසාය.

Source : Derana

මෙන්න වීඩියෝ එක

[YOUTUBE]OlC4G3Talp8[/YOUTUBE]

[QUOTE="signshop, post: 19643433, member: 358740"] [COLOR="White"]කියන්න තියෙන දේ හොදින්ම කියලා තියෙනවා..[/COLOR] [SIZE="4"] යුගයේ ගායිකාව පහළ වී තිබේ[/SIZE] [SIZE="3"]රූපවාහිනි නාලිකාවල මේ දිනවල හරිම ජනප්‍රිය "රියෑලිටි සංගීත වැඩසටහන් බලන්නට මා පෙළඹුණේ එම්. ඩී. ධනුෂ්ක නිසාය. එම්. එස්. ප්‍රනාන්දු නම් ප්රතාපවත් ගායකයාගේ "හඬ පෞරුෂය" නොනසා ඔහුගේ ගී හරි අපූරුවට ගැයූ ධනුෂ්කගේ ගායනා ශෛලිය හා ගායන විලාශය මා සිත් ගත්තේය. එතැන් පටන් ඉඩක් ලද හැම විටකම මම දෙරණ නාලිකාවේ "ඩී්රම් ස්ටාර්" ප්රමුඛ යම් යම් රියෑලිටි වැඩසටහන් බලන්නට පුරුදු වූයෙමි. මේ වායේ ගී ගැයූ සමහර තරුණ තරුණියන්ගේ ඇතැම් ගායනා "මුල් ගැයුම්" වලටත් වඩා නිර්මාණශීලීව හා ආකර්ෂණීයව අප හදවත් මෝහණයට පත් කළා මට මතකය. එහෙත් මේ හැම රියෑලිටි වැඩසටහනකම මම දුටු අප්‍රසන්න කොටස එළැඹෙන්නේ එම ගායනා පිළිබඳ විනිශ්චය කරන විනිසුරුවෝ තම තම විවරණ සපයද්දීය. මේ ඇතැම් විනිසුරුවෝ මොන තරම් "බක පණ්ඩිතකම්" සම්භාරයකින් පරිපීඩිත දැයි හැඟෙන්නේ ඒ විවරණ අසද්දීය. සංගීත විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් හෝ කිසිsදු ගායන හැකියාවක්, ව්‍යවහාරික ඥානයක් නැතිවුවත් "කට වාචාලකම" පමණක් නොමඳව ඇති ඕනෑම අයෙකුට මේ තරග විනිශ්චය කිරීමට සුදුසුකම් ඇති බව මා දැනගත්තේ එහිදීය. මගේ හිත තුළ කොනක කලක් තිස්සේ පැලපදියම්ව තිබූ එම අදහස අතිශයින් නිවැරැදි බව පසුගිය දිනක එක්තරා නාලිකාවක රියෑලිටි වැඩසටහනක් බලද්දී එහි ගැයුණු ගීතයක් හා ඊට එක්තරා විනිසුරුවරියක් ලබාදුන් විවරණයක් අසද්දී තහවුරු විය. ගායිකාව ගායනා කළේ අපේ කාලයේ තරුණ පරපුර 80 දශකයේ සිට කඩින් කඩ ගායනා කළ, අසමසම ගායිකා නන්දා මාලිනියගේ ගීයකි. කොටින්ම කිවහොත් 88/89 යුගයේ අනන්ත දුක් ගැහැට විඳි විශ්වවිද්‍යාල ප්‍රජාව සිsය "ආත්මකථනය" ලෙස පිළිගත් භාවනාවක් බඳු ගීයකි. සමාධියකට සමවැදී විශාරද නන්දා මාලිනිය එම ගීය භාවාතිශයව ගායනා කරන විට කොතරම් මිහිරිද... ඊටම උචිත සංගීතය මොන තරම් සුමිහිරිද.... "හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ කුසුම වඳුළු තුරු සිරස හමාගෙන මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ.... 1988/89 සමයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස භීෂණයේ රස බැලූ අපට නන්දා මාලිනිය මෙම ගීය ගයන විට එය අපේ රිදුණු තැවුණු සිත්සතන්වලට පවන් සලන්නාක් මෙන් දැනුනේ එය තුළ ලියවී තිබූ "අපේ කාලයේ කතාව" නිසාය. අපේ කතාව නිසාය. "කුසින් අඩක් දළ අහරින් සකසා කෙසඟ සිරුරු රළු යහනේ සතපා අනියත හෙට ගැන සිතමින් විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා මානව මානවිකාවන්ගේ නලියන රුධිරයේ උණුසුම් පැතුමයි මේ එන්නේ ... ප්‍රේමයේ සුවඳ නොවේ අපේ කතාව අපේ කාලයේ ගායිකාවගේ හඬින් අපට ගයන විට අපේ පරපුරම එය අපේ කොට ගත්හ. දැන් එය අපේ පරපුරේය. එය අපේය. "පීඩනයෙන් පැණසර හිස ඔසවා පෙරමුණගත් වරදට වෙඩි සැර කා මල සොයුරන් සිහිකරමින්නේ විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා මානව මානවිකාවන්ගේ කකියන මනසේ උණුසුම් පැතුමයි ප්‍රේමයේ සුවඳ නොවේ" රියෑලිටි වැඩසටහනේ ගායිකාව දක්ෂ බව හැබෑය. ඕ මේ ගීය ඇගේ කොටගෙන ඇගේ ආරට අනුව ගායනා කළාය. ගායනා කළා නොව, මේ සුමිහිරි ගීය අමු අමුවේම කටේ දමා ඒ මේ අතට පෙරළා හපා චප චප ගා චප්ප කොට රොඩ්ඩක් කර ගිල දැම්මාය. ගිල දමා නැවත නැවතත් වමාරමින් කෑවාය.... ඈ මෙය ගායනා කළේ බටහිර සංගීත ගායනා විලාශයකට බව මම සිතමි. එම ආරට අනුව ගායනා කළ යුතු ගීත තිබේ. කවරෙකු හෝ ගයන කිසියම් ගීතයක් ඇගේ හෝ ඔහුගේ හඬ පෞරුෂයට හා ගායන විලාශයට අවනත විය යුතුය. සාධාරණ විය යුතුය. අවනත කරගත යුතුය. ඒ බැව් සැබෑය. එහෙත් එය කළ යුත්තේ පරිස්සමිනි. "ෙඖචිත්‍යය ගුණය සුරැකෙන පරිදිය. ගීතයේ ආකෘතියට හා අර්ථ රසයට හානි නොනැගෙන පරිදිය. ඇයට වටහා ගත හැකි වූයේ ඒ "ෙඖචිත්‍යය" බව පිළිබඳ යථාර්ථය බව සිතූ මම ඊළඟට බලා සිටියේ විනිසුරුවන් ඇයට එම වරද කියා දෙනු ඇතැයි කියාය. ගීයට සාධාරණය ඉටුකරනු ඇතැයි කියාය. එහෙත් සිදුවූයේ කුමක්ද?.... මුලින්ම විනිසුරු මඬුල්ලේ සිටි විනිසුරුවරිය ඉදිරියට පැන ඇයව සියොළඟින්ම වැළඳ ගන්නා ආකාරයේ විවරණයක් ඉදිරිපත් කළාය. "මේක තමයි යුගයේ හඬ. යුගයේ අවශ්‍යතාවය. අපේ සංගීතයේ හෙට දවස. මේ ඉන්නේ යුගයේ ගායිකාව. අපි යන්න ඕන මෙන්න මෙතනට. අපේ සංගීතයේ ඩිජිටල් සංගීතයේ කාලීන අවශ්‍යතාවය." එසේ ඇයට හැකි උපරිමයෙන් වර්ණනා කළ ඕ එතකින් සෑහීමකට පත් වූයේද නැත. තම ප්‍රකාශය සනාථ කරන්නට ඕ එම ගීය ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්වද යොදා ගත්තාය. "මම කතා කළා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට. එතුමන්ගෙන් මම ඇහුවා මේ ගායන ශෛලියෙන් ගීතයේ අරුතට යම් කිසි හානියක් වී තිබේද කියා. එතුමා කිව්වා කිසිම හානියක් නැහැ අර්ථයට කියා..." එම ප්‍රකාශය කරමින් මහැදුරු සුනිල් ආරියරත්නයන්වද වටේ යෑවූ ඈ එතනින් නැවතුනේ ද නැත. අර ගායිකාවගේ දෙමාපියන්ට කතාකොට... "කවුරු මොනව කීවත් මේ ගායිකාවගේ ගායන ශෛලිය වෙනස් කරවන්න එපා.." කියන අවවාදයද දෙමින් ඔවුන්ගේ සිත් සුවපත් කරන්නට වෙහෙස වූවාය. මෙම ගීය ඇගේ විලාසයට අනුව ඇගේ ශෛලියට අනුව අසා එදා කී දෙනෙක් සතුටු වූවාදැයි මම නොදනිමි. ඒ ගායිකාව "යුගයේ ගායිකාව" ලෙස නම් කරන්නට කී දෙනෙක් ඉක්මන් වූවාදැයි නොදනිමි. එහෙත් මේ විනිසුරුවරිය ඇයව ඉතා හොඳින් නොමග යෑවූ බව නම් මම විශ්වාස කළෙමි. නන්දා මාලිනියගේ මෙම ගීය පමණක් නොව බොහෝ ගීත දත්මිටි කා ගිරිය පුප්පා ඇස් උඩ ඉන්දවාගෙන මුහුණේ, ගිරියේ හා බෙල්ලේ මස්පිඬු තදකරගෙන සියොළඟම දරදඬු කරගෙන ගායනා කළයුතු ඒවා නොවේ. "ආත්මීය දමනයකින් යුතුව" භාවනාවකට සමවැදී කිව යුතු ඒවාය. මෙබඳු අගය කිරීම්වලට ග්‍රහණයට අසුවී අන්තයටම විෂයානුබද්ධව නොමග ගිය ගායිකාව හෙට දවසේ නන්දා මාලිනියගේම "බුද්ධානු භාවේන සිත් නෙත් පහන් වී" ගීය කෙසේ කියනු ඇත්දැයි මම නොදනිමි... "සැඳෑ කළුවර කුර ගගා විත් මගේ පැල්පත ඔබේ දසුනින්...." ආදී ගීත කෙසේ ගයනු ඇත්දැයි මම නොදනිමි. සංගීත ඥනයක්, සංගීත හැදියාවක්, විෂයානුබද්ධ හික්මීමක්, කිසිත් නැති ඉහත කී විනිසුරුවරිය මා දන්නේ දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විලසිනි. දක්ෂ නිවේදිකාවක් විලසිනි. ඇයට ඒ කාරිය නිවැරැදිව කළ හැකි බව නිසැකය. එහෙත් මෙබඳු ගීයක් එබඳු ගායිකාවක් ලවා ගායනා කරවා අනවශ්‍ය වටිනාකමක් දී විනාශ කර දැමිය නොහැකිය. ඒ එම ගීතය දැන් සමාජගතවී සමාජ අයිතියක් බවට පත්වී හමාර නිසාය. [COLOR="Red"]ඊටත් වඩා ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සම්බන්ධ කරගෙන අපට කර ඇත්තේද වංචාවකි. "නිවේදිකාව" මහැදුරුතුමන්ගෙන් කරුණු විමසා ඇත්තේ මෙම ගායිකාව මීට පෙර මෙම ශෛලියෙන් ගායනා කළ වෙනත් ගීතයක් ගැනය. එදා ඇය ගායනා කර ඇත්තේ ප්‍රදීපා ධර්මදාස ගැයූ ආවේගාත්මක ගීතයකි. ගීතයේ ආත්මය වූ ආවේගයට ගායිකාව ගිරිය පුප්පා මස් තදකර දත්මිටි කා පෙන්වන ලද ආවේගය සාධාරණය. මහැදුරුතුමන්ට මම කතා කළෙමි. එතුමන් ඒ ගැන මට විස්තර කළේය. එදා අර්ථයට හානියක් වී නැතැයි ඔහු කියා ඇත්තේ එම ගීය ගැන මිසක් මෙම අපේ කාලයේ "බැති ගීය" ගැන නම් නොවේ. ඈ අනියමාර්ථයෙන් එම අදහස මෙම ගීතය කෙරෙහි කුළුගන්වා රසිකයා මුලාකොට ඇත්තේය. [/COLOR] වරක් එක්තරා සංගීත වැඩසටහනකදී සමන් ද සිල්වාට අමරදේවයන්ගේ ගීතයක් ගායනා කිරීමට අභියෝගයක් ලැබුණ අයුරු මට මතකය. සමන් ගීතයක ෙඖචිත්‍යය ගුණය ගැන දැන සිටියේය. ඔහු අමරදේවයන්ගේ ගීය ගායනා කළේ තමන්ට හුරුපුරුදු බයිලා විලාශයට නොවේ. අමරදේවයන්ගේ ගීයේ සුගායනීය ගුණයට තම කටහඬ ගැලපෙන පරිදිය. සමන් අමරදේව වන්නට ගියේ නැත. අමරදේව සමන් කරගන්නට ගියේද නැත.... රස නොනැසෙන ලෙස ගීතය ගායනා කළේය.... ඒ සමන්ලාය... ඒ එදාය... ප්රශ්නය ඇත්තේ එදා ගැන නොව මෙදා ගැනය... මෙදා අපේ සමාජය, අපේ භාවිතය යන්නේ කොතැනටද කියාය... මෙම ගායිකාවද දක්ෂ ගායිකාවක් බව කියන්නට මම මැලි නොවේ. එහෙත් ඇගේ අවාසනාවට ඇයට එක දෙයක් අහිමි වී තිබේ. ඒ වූ කලී හැකියාව පිළිබඳව නිවැරැදි තක්සේරුවයි. යථාර්ථවාදී තක්සේරුව ඇයට නිවැරැදිව ලැබුණේ නම් ඇය යායුතු මග ඇය විසින්ම තෝරා ගනු නිසැකය. එහෙත් ඇයට දැන් මග වැරදී ඇති බව පැහැදිළිය. ඒ අන් කිසිවක් නිසා නොවේ. නිවැරැදි තක්සේරුවක් නොමැති නිසාය. [/SIZE] Source : Derana [SIZE="5"][COLOR="DarkRed"]මෙන්න වීඩියෝ එක[/COLOR][/SIZE] [YOUTUBE]OlC4G3Talp8[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom