යුගයේ_ගායිකාව

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,868
    113
    Dubai
    කියන්න තියෙන දේ හොදින්ම කියලා තියෙනවා..


    යුගයේ ගායිකාව පහළ වී තිබේ


    රූපවාහිනි නාලිකාවල මේ දිනවල හරිම ජනප්‍රිය "රියෑලිටි සංගීත වැඩසටහන් බලන්නට මා පෙළඹුණේ එම්. ඩී. ධනුෂ්ක නිසාය. එම්. එස්‌. ප්‍රනාන්දු නම් ප්‍රතාපවත් ගායකයාගේ "හඬ පෞරුෂය" නොනසා ඔහුගේ ගී හරි අපූරුවට ගැයූ ධනුෂ්කගේ ගායනා ශෛලිය හා ගායන විලාශය මා සිත් ගත්තේය.

    එතැන් පටන් ඉඩක්‌ ලද හැම විටකම මම දෙරණ නාලිකාවේ "ඩී්‍රම් ස්‌ටාර්" ප්‍රමුඛ යම් යම් රියෑලිටි වැඩසටහන් බලන්නට පුරුදු වූයෙමි. මේ වායේ ගී ගැයූ සමහර තරුණ තරුණියන්ගේ ඇතැම් ගායනා "මුල් ගැයුම්" වලටත් වඩා නිර්මාණශීලීව හා ආකර්ෂණීයව අප හදවත් මෝහණයට පත් කළා මට මතකය.

    එහෙත් මේ හැම රියෑලිටි වැඩසටහනකම මම දුටු අප්‍රසන්න කොටස එළැඹෙන්නේ එම ගායනා පිළිබඳ විනිශ්චය කරන විනිසුරුවෝ තම තම විවරණ සපයද්දීය. මේ ඇතැම් විනිසුරුවෝ මොන තරම් "බක පණ්‌ඩිතකම්" සම්භාරයකින් පරිපීඩිත දැයි හැඟෙන්නේ ඒ විවරණ අසද්දීය. සංගීත විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ හෝ කිසිsදු ගායන හැකියාවක්‌, ව්‍යවහාරික ඥානයක්‌ නැතිවුවත් "කට වාචාලකම" පමණක්‌ නොමඳව ඇති ඕනෑම අයෙකුට මේ තරග විනිශ්චය කිරීමට සුදුසුකම් ඇති බව මා දැනගත්තේ එහිදීය.

    මගේ හිත තුළ කොනක කලක්‌ තිස්‌සේ පැලපදියම්ව තිබූ එම අදහස අතිශයින් නිවැරැදි බව පසුගිය දිනක එක්‌තරා නාලිකාවක රියෑලිටි වැඩසටහනක්‌ බලද්දී එහි ගැයුණු ගීතයක්‌ හා ඊට එක්‌තරා විනිසුරුවරියක්‌ ලබාදුන් විවරණයක්‌ අසද්දී තහවුරු විය.

    ගායිකාව ගායනා කළේ අපේ කාලයේ තරුණ පරපුර 80 දශකයේ සිට කඩින් කඩ ගායනා කළ, අසමසම ගායිකා නන්දා මාලිනියගේ ගීයකි. කොටින්ම කිවහොත් 88/89 යුගයේ අනන්ත දුක්‌ ගැහැට විඳි විශ්වවිද්‍යාල ප්‍රජාව සිsය "ආත්මකථනය" ලෙස පිළිගත් භාවනාවක්‌ බඳු ගීයකි. සමාධියකට සමවැදී විශාරද නන්දා මාලිනිය එම ගීය භාවාතිශයව ගායනා කරන විට කොතරම් මිහිරිද... ඊටම උචිත සංගීතය මොන තරම් සුමිහිරිද....

    "හන්තාන අඩවියේ
    මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස
    මේ එන්නේ
    ප්‍රේමයේ සුවඳ නොවේ
    කුසුම වඳුළු තුරු
    සිරස හමාගෙන මේ එන්නේ
    ප්‍රේමයේ සුවඳ නොවේ....

    1988/89 සමයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස භීෂණයේ රස බැලූ අපට නන්දා මාලිනිය මෙම ගීය ගයන විට එය අපේ රිදුණු තැවුණු සිත්සතන්වලට පවන් සලන්නාක්‌ මෙන් දැනුනේ එය තුළ ලියවී තිබූ "අපේ කාලයේ කතාව" නිසාය. අපේ කතාව නිසාය.

    "කුසින් අඩක්‌ දළ අහරින් සකසා
    කෙසඟ සිරුරු රළු යහනේ සතපා
    අනියත හෙට ගැන සිතමින්
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    නලියන රුධිරයේ උණුසුම් පැතුමයි
    මේ එන්නේ ... ප්‍රේමයේ සුවඳ නොවේ

    අපේ කතාව අපේ කාලයේ ගායිකාවගේ හඬින් අපට ගයන විට අපේ පරපුරම එය අපේ කොට ගත්හ. දැන් එය අපේ පරපුරේය.

    එය අපේය.

    "පීඩනයෙන් පැණසර හිස ඔසවා
    පෙරමුණගත් වරදට වෙඩි සැර කා
    මල සොයුරන් සිහිකරමින්නේ
    විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
    මානව මානවිකාවන්ගේ
    කකියන මනසේ උණුසුම් පැතුමයි
    ප්‍රේමයේ සුවඳ නොවේ"

    රියෑලිටි වැඩසටහනේ ගායිකාව දක්‍ෂ බව හැබෑය. ඕ මේ ගීය ඇගේ කොටගෙන ඇගේ ආරට අනුව ගායනා කළාය. ගායනා කළා නොව, මේ සුමිහිරි ගීය අමු අමුවේම කටේ දමා ඒ මේ අතට පෙරළා හපා චප චප ගා චප්ප කොට රොඩ්ඩක්‌ කර ගිල දැම්මාය. ගිල දමා නැවත නැවතත් වමාරමින් කෑවාය....
    ඈ මෙය ගායනා කළේ බටහිර සංගීත ගායනා විලාශයකට බව මම සිතමි. එම ආරට අනුව ගායනා කළ යුතු ගීත තිබේ.

    කවරෙකු හෝ ගයන කිසියම් ගීතයක්‌ ඇගේ හෝ ඔහුගේ හඬ පෞරුෂයට හා ගායන විලාශයට අවනත විය යුතුය. සාධාරණ විය යුතුය. අවනත කරගත යුතුය. ඒ බැව් සැබෑය. එහෙත් එය කළ යුත්තේ පරිස්‌සමිනි. "ෙඖචිත්‍යය ගුණය සුරැකෙන පරිදිය. ගීතයේ ආකෘතියට හා අර්ථ රසයට හානි නොනැගෙන පරිදිය. ඇයට වටහා ගත හැකි වූයේ ඒ "ෙඖචිත්‍යය" බව පිළිබඳ යථාර්ථය බව සිතූ මම ඊළඟට බලා සිටියේ විනිසුරුවන් ඇයට එම වරද කියා දෙනු ඇතැයි කියාය. ගීයට සාධාරණය ඉටුකරනු ඇතැයි කියාය.

    එහෙත් සිදුවූයේ කුමක්‌ද?.... මුලින්ම විනිසුරු මඬුල්ලේ සිටි විනිසුරුවරිය ඉදිරියට පැන ඇයව සියොළඟින්ම වැළඳ ගන්නා ආකාරයේ විවරණයක්‌ ඉදිරිපත් කළාය.

    "මේක තමයි යුගයේ හඬ. යුගයේ අවශ්‍යතාවය. අපේ සංගීතයේ හෙට දවස. මේ ඉන්නේ යුගයේ ගායිකාව. අපි යන්න ඕන මෙන්න මෙතනට. අපේ සංගීතයේ ඩිජිටල් සංගීතයේ කාලීන අවශ්‍යතාවය."

    එසේ ඇයට හැකි උපරිමයෙන් වර්ණනා කළ ඕ එතකින් සෑහීමකට පත් වූයේද නැත. තම ප්‍රකාශය සනාථ කරන්නට ඕ එම ගීය ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්වද යොදා ගත්තාය.

    "මම කතා කළා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට. එතුමන්ගෙන් මම ඇහුවා මේ ගායන ශෛලියෙන් ගීතයේ අරුතට යම් කිසි හානියක්‌ වී තිබේද කියා. එතුමා කිව්වා කිසිම හානියක්‌ නැහැ අර්ථයට කියා..." එම ප්‍රකාශය කරමින් මහැදුරු සුනිල් ආරියරත්නයන්වද වටේ යෑවූ ඈ එතනින් නැවතුනේ ද නැත. අර ගායිකාවගේ දෙමාපියන්ට කතාකොට... "කවුරු මොනව කීවත් මේ ගායිකාවගේ ගායන ශෛලිය වෙනස්‌ කරවන්න එපා.." කියන අවවාදයද දෙමින් ඔවුන්ගේ සිත් සුවපත් කරන්නට වෙහෙස වූවාය.

    මෙම ගීය ඇගේ විලාසයට අනුව ඇගේ ශෛලියට අනුව අසා එදා කී දෙනෙක්‌ සතුටු වූවාදැයි මම නොදනිමි. ඒ ගායිකාව "යුගයේ ගායිකාව" ලෙස නම් කරන්නට කී දෙනෙක්‌ ඉක්‌මන් වූවාදැයි නොදනිමි. එහෙත් මේ විනිසුරුවරිය ඇයව ඉතා හොඳින් නොමග යෑවූ බව නම් මම විශ්වාස කළෙමි.

    නන්දා මාලිනියගේ මෙම ගීය පමණක්‌ නොව බොහෝ ගීත දත්මිටි කා ගිරිය පුප්පා ඇස්‌ උඩ ඉන්දවාගෙන මුහුණේ, ගිරියේ හා බෙල්ලේ මස්‌පිඬු තදකරගෙන සියොළඟම දරදඬු කරගෙන ගායනා කළයුතු ඒවා නොවේ. "ආත්මීය දමනයකින් යුතුව" භාවනාවකට සමවැදී කිව යුතු ඒවාය.

    මෙබඳු අගය කිරීම්වලට ග්‍රහණයට අසුවී අන්තයටම විෂයානුබද්ධව නොමග ගිය ගායිකාව හෙට දවසේ නන්දා මාලිනියගේම "බුද්ධානු භාවේන සිත් නෙත් පහන් වී" ගීය කෙසේ කියනු ඇත්දැයි මම නොදනිමි... "සැඳෑ කළුවර කුර ගගා විත්

    මගේ පැල්පත ඔබේ දසුනින්...."

    ආදී ගීත කෙසේ ගයනු ඇත්දැයි මම නොදනිමි. සංගීත ඥනයක්‌, සංගීත හැදියාවක්‌, විෂයානුබද්ධ හික්‌මීමක්‌, කිසිත් නැති ඉහත කී විනිසුරුවරිය මා දන්නේ දක්‍ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්‌ විලසිනි. දක්‍ෂ නිවේදිකාවක්‌ විලසිනි. ඇයට ඒ කාරිය නිවැරැදිව කළ හැකි බව නිසැකය. එහෙත් මෙබඳු ගීයක්‌ එබඳු ගායිකාවක්‌ ලවා ගායනා කරවා අනවශ්‍ය වටිනාකමක්‌ දී විනාශ කර දැමිය නොහැකිය. ඒ එම ගීතය දැන් සමාජගතවී සමාජ අයිතියක්‌ බවට පත්වී හමාර නිසාය.

    ඊටත් වඩා ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සම්බන්ධ කරගෙන අපට කර ඇත්තේද වංචාවකි. "නිවේදිකාව" මහැදුරුතුමන්ගෙන් කරුණු විමසා ඇත්තේ මෙම ගායිකාව මීට පෙර මෙම ශෛලියෙන් ගායනා කළ වෙනත් ගීතයක්‌ ගැනය. එදා ඇය ගායනා කර ඇත්තේ ප්‍රදීපා ධර්මදාස ගැයූ ආවේගාත්මක ගීතයකි. ගීතයේ ආත්මය වූ ආවේගයට ගායිකාව ගිරිය පුප්පා මස්‌ තදකර දත්මිටි කා පෙන්වන ලද ආවේගය සාධාරණය.

    මහැදුරුතුමන්ට මම කතා කළෙමි. එතුමන් ඒ ගැන මට විස්‌තර කළේය. එදා අර්ථයට හානියක්‌ වී නැතැයි ඔහු කියා ඇත්තේ එම ගීය ගැන මිසක්‌ මෙම අපේ කාලයේ "බැති ගීය" ගැන නම් නොවේ. ඈ අනියමාර්ථයෙන් එම අදහස මෙම ගීතය කෙරෙහි කුළුගන්වා රසිකයා මුලාකොට ඇත්තේය.


    වරක්‌ එක්‌තරා සංගීත වැඩසටහනකදී සමන් ද සිල්වාට අමරදේවයන්ගේ ගීතයක්‌ ගායනා කිරීමට අභියෝගයක්‌ ලැබුණ අයුරු මට මතකය. සමන් ගීතයක ෙඖචිත්‍යය ගුණය ගැන දැන සිටියේය. ඔහු අමරදේවයන්ගේ ගීය ගායනා කළේ තමන්ට හුරුපුරුදු බයිලා විලාශයට නොවේ. අමරදේවයන්ගේ ගීයේ සුගායනීය ගුණයට තම කටහඬ ගැලපෙන පරිදිය. සමන් අමරදේව වන්නට ගියේ නැත. අමරදේව සමන් කරගන්නට ගියේද නැත.... රස නොනැසෙන ලෙස ගීතය ගායනා කළේය....

    ඒ සමන්ලාය... ඒ එදාය... ප්‍රශ්නය ඇත්තේ එදා ගැන නොව මෙදා ගැනය... මෙදා අපේ සමාජය, අපේ භාවිතය යන්නේ කොතැනටද කියාය...

    මෙම ගායිකාවද දක්‍ෂ ගායිකාවක්‌ බව කියන්නට මම මැලි නොවේ. එහෙත් ඇගේ අවාසනාවට ඇයට එක දෙයක්‌ අහිමි වී තිබේ. ඒ වූ කලී හැකියාව පිළිබඳව නිවැරැදි තක්‌සේරුවයි. යථාර්ථවාදී තක්‌සේරුව ඇයට නිවැරැදිව ලැබුණේ නම් ඇය යායුතු මග ඇය විසින්ම තෝරා ගනු නිසැකය. එහෙත් ඇයට දැන් මග වැරදී ඇති බව පැහැදිළිය. ඒ අන් කිසිවක්‌ නිසා නොවේ. නිවැරැදි තක්‌සේරුවක්‌ නොමැති නිසාය.


    Source : Derana


    මෙන්න වීඩියෝ එක

     
    Last edited:
    • Like
    Reactions: 9dimuthu

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙත් මේ හැම රියෑලිටි වැඩසටහනකම මම දුටු අප්‍රසන්න කොටස එළැඹෙන්නේ එම ගායනා පිළිබඳ විනිශ්චය කරන විනිසුරුවෝ තම තම විවරණ සපයද්දීය. මේ ඇතැම් විනිසුරුවෝ මොන තරම් "බක පණ්‌ඩිතකම්" සම්භාරයකින් පරිපීඩිත දැයි හැඟෙන්නේ ඒ විවරණ අසද්දීය. සංගීත විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ හෝ කිසිsදු ගායන හැකියාවක්‌, ව්‍යවහාරික ඥානයක්‌ නැතිවුවත් "කට වාචාලකම" පමණක්‌ නොමඳව ඇති ඕනෑම අයෙකුට මේ තරග විනිශ්චය කිරීමට සුදුසුකම් ඇති බව මා දැනගත්තේ එහිදීය.

    සහතික ඇත්ත :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,868
    113
    Dubai
    රඹා;19643545 said:
    ඒකෙ ලින්ක් එකක් නැද්ද

    මට මතකයි ඒ වීඩියො ටික ගැන දවස් කීපයකට කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුනා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඇත්ත කතාව මචං..

    මේකි සිංදුව කියනව බලන් ඉද්දි හිතට වෛරයක් වගේ සිතුවිල්ලක් එන්නේ....එපා වෙනවා....:(


    You must spread some Reputation around before giving it to signshop again.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඉතා අමාරුවෙන් අසා සිටියෙමි..සිත මෙව්වා වී ගියේය... තරහව සමග සංවේගයක් සිතට දැනුනි...නමුත් මෙය මාකටින්ය...එය ඔවුන්ගේ ලෝකයයි...ප්‍රශංසාව හෝ තරහව අප පිට කිරීම ඔවුන්ගේ ඉලක්කයයි...අවස්තා දෙකේම සිදුවන්නේ ඔවුන්ගේ වැඩසටහන ප්‍රසිද්දවීමයි..ඔවුන්ගේ ඉලක්කයයි.... හොදම දේ නම් මෙවැන් ගීත ඇසීමට සලස්වන ,මෙවැනි ගීත විකුර්ති කර ගායනාකරන ගායකයන් ගායිකාවන් දිරිමත් කරන වැඩසටහන් නැරබීම වර්ජනය කිරීමයි ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලේ තාලේ බන් ..

    රට බේරාගත්තු ගැමුණු රජතුමා දුෂ්ටය වෙනකාලේ
    යුද්දේ දිනන්න දිවි හිමියෙන් කැපවෙච්ච හමුදා නිලදාරීන් මිනි මරුවෝ කියල හිරට දාන කාලේ
    අහිංසක මිනිස්සු කපල කොටලා බෝම්බ ගහල මරපු මිනීමරු කොටියෝ නිදොස් කර නිදහස් කරන කාලේ
    උසාවියට අපහාස කල හම්බය ඇමතිකම් කරද්දී උසාවියට අපහාස කල හාමුදුරුවෝ සිර කරන කාලේ
    ඔව්ව මොනවද බන්

    තාම මේවා ඉවර නෑ හොද හොද එව්ව් ඉස්සරහට

    මේක දේශපාලනේ නෙමේ අද කාලේ ඇත්ත ..සමහරුන්ට රිදුනට ඇත්ත වෙනස් වෙන්නේ නෑ :angry::sorry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විනාඩියයි බැලුවෙ බන්. වමනෙ යන්න එනව.
    මාර තරහක් හිතට එන්නෙ
    රටකට ගිය කලක්
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    These are the comments on YouTube for this video

    සසංක lakpriya 4 days ago
    අනේ අක්කේ ඔයාගේ කලින් සින්දුවනම් හොදට ගැලපෙනවා අමුත් විනිශ්ය මණ්ඩලය මොනවා කිවත් මේ ගායන නම් අන්තිමයි. ඔයාගේ ගායනයට මේ සින්දුව ගැලපෙන්නේ නැහැ අන්තිමයි ඔයාට ගැලපෙන සින්දු තොර ගන්න. මේක ඇහුවම මට අද බඩ බුරුලෙන් ගියා. කරුණා කරලා මේවා විකුර්ති කරන්න එපා. ඔර්ගිනල් song එකේ අහල බලන්න හොදට https://www.youtube.com/watch?v=eHDMempNsgA
    Read more Show less

    Reply · 1
    dinindu rumesh 3 days ago
    නන්දා මාලිනියගේ ගීතය පොඩි තුප්පහි ස්ට්යිල් එකක් දාල කියපු මේ විසේකාර කෙල්ල යුගයේ ගායිකාව කරපු ‘යුගයේ එළදෙන’ එතකොට නන්දා මාලනිය හඳුන්වන්නේ යුගයේ කවුරු කියලද…?
    Read more Show less

    Reply · 9 10
    Zimfiverrgigs 5 days ago
    Mama nam sangeethe gana danne naa habai nandaa malinige sinduwe thibuna e hageemen dashamayak wath danenawada meka ahaddi???? thalewath thiyanawada manda.....ara tharam watina sinduwak mod kalama eke watinaakamata mokada wenne ??Mod karanna ona nam aluthma sinduwak kiyaaganna thibunane anunge sindu winaasa nokara....
    Read more Show less

    Reply · 9 10
    Sarath Dayarathna 4 days ago
    Sirasa is in a mission to destroy traditional Sri Lankan culture for the shake of making money. They westernised all most everything in S L and now the our musical heritage. Why the judging penal can't understand that SHOUTING and SINGING is two different things? I think you know the answer. They also don't know the difference.
    Read more Show less

    Reply ·

    Thusitha Dissanayake 4 days ago
    Listen to the original and see how good it is. https://www.youtube.com/watch?v=w4QhSDB6810&feature=youtu.be
    Read more Show less

    Reply · 1

    Lalitha Srilal 5 days ago
    do not destroy our old songs. When finding judges find suitable persons than considering their popularity........damn announcers
    Read more Show less

    Reply · 1
    Nihal Rathnayake 3 days ago
    "උඩගු ලියන් ගොතා බදින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ..." ඔය සිංදුව කියන්න. මේකට වඩා හොදට තියෙයි.
    Read more Show less

    Reply · 2 3
    Lahiru Hasthanayake 5 days ago
    No doubt...Nanda Malini is far better than her....No point in comparing great Nanda Malini with those new artists.....
    Read more Show less

    Reply · 1

    Agasthi Chathuranga 1 day ago
    apooooo mona thran kethada oke original eka ahala balanna. meka nm kathai. katha eke uparaimai
    Read more Show less

    Reply · 1
    Aruna Weerasooriya 4 days ago
    Absolutely pathetic! There is no doubt that this singer has talent BUT who is the one labeling this singer as the singer of era? She needs to wake up from her dream. Sirasa is progressing well towards the destruction of Sri Lankan music. Shame! Shame!! Shame!!!
    Read more Show less

    Reply ·

    Sudesh sanjaya kumara 2 days ago
    Mutated minded....
    Read more Show less

    Reply · 1

    Nirshan Ibrahim 5 days ago
    The singing is good, but the pronunciation of the words are wrong.. Sounds like an Englishman trying to speak Sinhalese.. If you are singing a Sinhalese songs, pronounce it right, don't imitate..
    Read more Show less

    Reply · 4 5

    nihal weerasinghe 1 day ago
    නන්දා මාලිනියගේ ගී වලින් මා වැඩියෙන්ම ආසා කරන්නේ ඇය ගායනා කළ විරෝධාලාප වලටය. පවතින රජය කුමක් වුවත් රජයේ අමන ක්‍රියාවන් හෙළා දකිමින් ගීයට ගයා ජනතාවට කියා පෑවේ ඇයයි. ඇත්තටම කලාකරුවෙකුගේ යුතුකමද එයමයි. නන්දා මාලිනී කුමන ආකාරයේ ගීයක් ගැයුවත් ඇය ගී ගයන සංවර විලාසය බලන්න. ගිරිය පුප්පා ගෙන ගයන ගී එකක්වත් ඇය ගයා නැහැ. පිං සිද්ද වෙයි. මේ රියැලිටි වැඩ සටහන්වලට සංගීතය ගැන දැනුමක් ඇති අය විනිසුරන් හැටියට පත් කරගන්න. ගීතයක රස 9 ක් ඇති බව සඳහන් වේ. හන්තාන අඩවියේ ගීතයේ ඇත්තේ කුමණ රසයක්දැයි මට හිතා ගත නොහැක. එම ගීය මා අසන්නේ කෝපය, භීතිය,දුක , වෛරය මුසු මිශ්‍ර හැඟීමකින්ය. කාගේ ගීත වෙනස් ආකාරයකින් ගැයුවත් නන්දා මාලිනියගේ ගී වෙනස් කරන්න එපා. එය ජාතික අපරාධයක්. හන්තාන අඩවියේ ගීයෙන් කියැවෙන යතාර්තය ගැන "යුගයේ ගායිකාව" තබා සියල්ල දත්තන් ලෙස පණ්ඩිත වාක්‍ය කියන විනිසුරන්වත් නොදන්නා සේය. මෙය ජාතික අපරාධයකි.
    Read more
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේකට ලොකු හේතුවක් තියනවා බන්....88/89 භීෂණ යුගය ගැන දන්නේ නැති 85 න් විතර එහා ඉපදුනු කිරි සප්පයන් ඒ අදුරු යුගය ගැන දන්නේ නෑ වගේම අඩුම තරමේ එහෙම යුගයක් ගැන හිතල බලන්නවත් උවමනාවක් නෑ ...fb skype viber යුගයක් තමයි බන් උන් ලොකු මහත් වෙනකොට දැක්කේ....ඉතින් නන්දා මාලිනි මෙහෙම සින්දු කිව්වේ ඇයි කියල මුන් දන්නෙවත් නෑ ...සුනිල් ආරියරත්න මෙහෙම සින්දු ලිව්වේ ඇයි කියල මුන් දන්නේ නෑ ...මේ සින්දු වලට එහායින් තිබුන කටුක යථාර්තය ගැන අහලවත් තිබුනානම් මේ ගායිකාව මේ සින්දුව කියන එකක් නෑ ....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකට ලොකු හේතුවක් තියනවා බන්....88/89 භීෂණ යුගය ගැන දන්නේ නැති 85 න් විතර එහා ඉපදුනු කිරි සප්පයන් ඒ අදුරු යුගය ගැන දන්නේ නෑ වගේම අඩුම තරමේ එහෙම යුගයක් ගැන හිතල බලන්නවත් උවමනාවක් නෑ ...fb skype viber යුගයක් තමයි බන් උන් ලොකු මහත් වෙනකොට දැක්කේ....ඉතින් නන්දා මාලිනි මෙහෙම සින්දු කිව්වේ ඇයි කියල මුන් දන්නෙවත් නෑ ...සුනිල් ආරියරත්න මෙහෙම සින්දු ලිව්වේ ඇයි කියල මුන් දන්නේ නෑ ...මේ සින්දු වලට එහායින් තිබුන කටුක යථාර්තය ගැන අහලවත් තිබුනානම් මේ ගායිකාව මේ සින්දුව කියන එකක් නෑ ....
    :yes:
    අනිවා ......
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
    හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    හැන්ථාන ඇඩවියේහ් මැඩුරුහ් ඛුළුණුහ් ශුඩු ශඬළු ථලාහ් පිශ මේ එණ්ණේහ් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
    හැන්ථාන ඇඩවියේහ් ඛුශුමහ් වඩුළු ථුරුහ් ශිරශ නමාහ් ඝෙණ මේ එණ්ණෙහ්් ෆ්‍රේමයේහ් ශුවඬ නොවේහ්
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • මේකට ලොකු හේතුවක් තියනවා බන්....88/89 භීෂණ යුගය ගැන දන්නේ නැති 85 න් විතර එහා ඉපදුනු කිරි සප්පයන් ඒ අදුරු යුගය ගැන දන්නේ නෑ වගේම අඩුම තරමේ එහෙම යුගයක් ගැන හිතල බලන්නවත් උවමනාවක් නෑ ...fb skype viber යුගයක් තමයි බන් උන් ලොකු මහත් වෙනකොට දැක්කේ....ඉතින් නන්දා මාලිනි මෙහෙම සින්දු කිව්වේ ඇයි කියල මුන් දන්නෙවත් නෑ ...සුනිල් ආරියරත්න මෙහෙම සින්දු ලිව්වේ ඇයි කියල මුන් දන්නේ නෑ ...මේ සින්දු වලට එහායින් තිබුන කටුක යථාර්තය ගැන අහලවත් තිබුනානම් මේ ගායිකාව මේ සින්දුව කියන එකක් නෑ ....

    :yes::yes::dull::dull::dull:
     

    waligamaya

    Well-known member
  • නරුමයෝ කියන්නේ වරද කරපු මිනිහ නෙවෙයි එම වරද හරි කියන නරුම විනුසුරුවෝ. මිනිස්සුන්ට වරදිනවා නමුත් එක හදාගන්න් කවදාවත් ලැබෙන්නේ නැ, මෙවැනි තුප්පහි නරුම විනිසුරුවන් නිසා