යුදඟනා පිටිය..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...
    යුදඟනා පිටිය ගැන කතන්දර දෙකක් තියෙනවා. ඒවා ආවාට ගියාට කියපු දේවල් නෙවෙයි. එකක් තමයි රාවණ රජතුමා ගැන සම්බන්ධයක් තියෙන කතන්දරය. අනෙක දුටුගැමුණු රජතුමා ගැන ලියැවුණු කතාන්දරය. රාවණ රජතුමා 'ඉලක්ක ගලේ' ඉඳලා තමයි යුද කළේ කියලා පැරැණි අය කියනවා. ඉලක්ක ගල කියන්නේ ලංකාවේ පිහිටීම හොඳටම පෙනෙන තැන.

    එතැන ඉඳලා ලංකාවේ කොනට වුණත් බර අවිවලින් පහර දෙන්න පුළුවන්. ඉලක්ක ගලේ ඉඳලා ඒ වගේ බර අවියකින් පහර දෙද්දි ඒ පහර දුන්න ඊතලේ බලේට ලකේ ගල කෑලිවලට කැඩිලා ගියා කියලා ජනප්‍රවාදයේ කියැවෙනවා. ලකේගල පාමුල ගල කඩා වැටුණු කෑලි අදටත් දකින්න තියෙනවා. එදා 'ලකේගල' මධ්‍යස්ථානය කරගෙන හිටියේ රාවණ රජු.

    රාවණ රජුට පහර දෙන්න ආවේ රාම කුමාරයා ත්‍රිකුණාමලයෙන්. ලංකාවට ඇවිත් 'යුදඟනා පිටියේ' ඉඳලා යුද්ධය සංවිධානය කළා. රාම කුමාරයාගේ 'බර අවි' ඔක්කොම යුදඟනා පිටියේ තැන්පත් කරලා තිබුණා කියලා කියනවා. යුදඟනා පිටියේ ඉඳලා තමයි රාම කුමාරයා 'ලකේගලට' පහර දීලා තියෙන්නේ. ඒ කාලේ තිබුණ අවි මොන වගේද කියලා කියන්න අමාරු වුණාට ඒ පහර දුන්න එක ඊතලේක 'මහකෑල්ල' වැටුණු තැන මාතලේ කියලා හඳුන්වනවා කියලා කියනවා. ලකේ්ගල කන්දක් වගේ පෙනුණට කන්ද මුදුන ගොඩක් පැතැලියි. ඒ කියන්නේ සීයකට දෙසීයකට කන්ද මුදුනේ ඉන්න පුළුවන්. අපි හිතුවොත් කන්ද මුදුන කඩා වැටුන කියලා, ඒ කන්ද කඩා වැටුණු කෑලි අද වුණත් ලකේගල පාමුල තියෙනවා.

    අනිත් කතාවේ විදියට දුටුගැමුණු කුමාරයා අනුරාධපුරයට පහර දෙන්න යද්දි නතර වූ තැන යුදඟනා පිටිය කියලා කියනවා. මෙතැන ඉඳලා සේනාව සංවිධානය කරලා අවි ආයුධ තනන්න යපස් උණු කළා කියලා කියැවෙනවා. ඒ උණු කරපු යපස්වල කොටස් ඉවත් කළාට පස්සේ ඒ කොටසේ හින්දා යුදඟනා පිටියේ පස් මේ තත්ත්වයට පත් වුණා කියලා කියන අයත් ඉන්නවා. කොහොම වුණත් දුටුගැමුණු රජතුමාගේ කතාව වුණත් පිළිගන්න පුළුවන් සාක්ෂි තියෙනවා. මොකද අවි ආයුධ හදන්න යපස් උණු කළාම 'ටින්' කියන ලෝහය හැදෙනවා. 'ටින්' සංඝටකයක් විදියට තියෙන්නේ යපස්වල. දුටුගැමුණු කුමාරයා කඳවුරු බැඳලා සේනාව සංවිධානය කරන්න මේ පිටියේ නතර වුණා කියන එක පිළිගන්න අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේ ඉතිහාසගත කරුණු දෙකක් යුදඟනා පිටියට එකක්ක බැඳිලා තියෙනවා.

    එලෙස පවසා සිටියේ මඟ පෙන්වන්නාය. අප නැවතත් හඳුන්ගමුව කරා පැමිණෙමින් සිටියෙමු. හඳුන්ගමුවේ සිට රණමුරේට ඇත්තේ හැතැප්ම කීපයකි. අපි කෙමෙන් රණමුරේගමට පැමිණියෙමු. සත්කාරකයා රණමුරේගෙදර හේරත් බණ්ඩාය. කඳු බෑවුම් හෙල් මළු ක්‍රමයට වගා කරන හේරත් බණ්ඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශූර ගොවියෙකි. හෙළ ගොවිතැන කරපින්නාගෙන නව ඉසව් සොයා යන්නෙකි. ඒ නිසාම ඔහුට කළු කුමාරයා හමුවීලු. කළු කුමාර යනු වී ප්‍රභේදයකි. හේරත් බණ්ඩාට කළු කුමාර ඒ හමු වුණේ ඇමැත්තන්වලදීය. ගෞරව බහු මානයෙන් අපව පිළිගත් හේරත් බණ්ඩා ආගන්තුක පුද සත්කාර නියම ගැමියකු ලෙස ඉටු කළේය.

    මෙතැන ඉඳලා කිලෝමීටර් 5ක් පයින් ගියාම මී මුරේට යන්න පුළුවන්. මිනිස්සු කිලෝමීටර් 98ක් යන දුර මෙතැන ඉඳලා කිලෝමීටර් 5යි. හැබැයි අපි යන්න ඕනෑ පයින්. පුදුම ලස්සන පරිසරයක්. රාවණ රජ්ජුරුවන්ගේ කළුනික පොකුණ තියෙන්නේ ඔය මාර්ගයේ අතරමැද.
    මිනිස්සු කියන්න අකැමැති දේ තමයි මෙතැන ඉඳලා මීමුරේට ගොඩක් ළඟයි කියන එක. මොකද කොළඹ ඉඳලා මීමුරේ යන්න ලෑස්ති කරන උදවිය ලොකු ගාණක් හොයා ගන්නේ මීමුරේට යන පාර දුෂ්කරයි කියලා. ඒකට ලංකාවේ මිනිස්සු රැවටුණාට විදේශිකයෝ රැවටෙන්නේ නෑ. ඒ අය අන්තර්ජාලයෙන් බලලා තමයි මීමුරේ එන්නේ.

    ප්‍රභාත් අත්තනායක​
     
    • Like
    Reactions: Smartm

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    කාට හරි පුලුවන්නම් මුළු රාවණා කතාවම හරියට මෙතන ලියන්න හරි වටිනවා.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    යුධංගනාව

    බුත්තල නගරයේ සිට කිලෝමීටර් දෙකක දුරකි. ප‍්‍රධාන පාරෙන් ඇතුළට යා යුතුය. යුධංගනා රජ මහා විහාරය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. රාජ්‍ය බලලෝභීත්වය වෙනුවෙන් දුටුගැමුණු හා සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර මහා සංග‍්‍රාමය පැවැතියේ මේ භූමියේය. අද නටබුන් ලෙස ඉතිරිව ඇති චූලාංගනී දාගැබ ඇති තැනදීය.


    DSC_0531%2Bcopy.jpg


    DSC_0532%2Bcopy.jpg

    පසු කලෙක ඒ පිළිබඳව පසු තැවෙන දුටු ගැමුණු කුමරුන් එය සිහි වීම පිණිස යුධංගනා චෛත්‍යය කරවයි.

    Photo6016%2Bcopy.jpg


    DSC_0515%2Bcopy.jpg


    DSC_0521%2Bcopy.jpg


    DSC_0518%2Bcopy.jpg



    එය චූලාංගනී වෙහෙරට මීටර් පන්සියයක් පමණ ඈතින් පිහිටා ඇත. එම චෛත්‍යය පාමුළ කුඩා විහාර ගෙයකි. මහනුවර යුගයට අයත් සිතුවම් එහි දක්නට ලැබේ.


    DSC_0522%2Bcopy.jpg


    DSC_0523%2Bcopy.jpg


    DSC_0525%2Bcopy.jpg


    DSC_0530%2Bcopy.jpg




    ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ ‍බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයේ යුධගනාව ග්‍රාම‍‍‍‍‍යේ පිහිටා ඇත.

    වැල්ලවාය ‍මොණරාගල මාර්ග‍යේ ‍වැල්ලවා‍‍යේ සිට කි.මී16 ක් පමණ ගිය විට හමුවන යුදගනාව හන්දි‍‍යෙන් වමට ඇති මාර්ග‍‍‍‍‍‍‍‍යේ කි.මී.1 ½ ක් ගිය විට මෙම දාගැබ හමු ‍‍වේ.

    ක්‍රි.පු.2 සියව‍‍‍‍‍‍‍ස දී දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරු සටන් වැදුණු ස්ථානය යුද අංගනයක් ‍‍‍‍‍‍ ‍‍‍‍‍ලෙස සැලකූ බවත් පසුව එය යුදගනාව වු බව කිය‍‍යි. ඒ හැරුණු විට 12 වන සියවසේ දී මහාපරාක්‍රමබාහු රජු විසින් සිය මෑණියන් වු රත්නාවලී බිස‍‍ව‍‍ගේ භෂ්මා‍‍‍‍‍වශේෂ තැන්පත් ‍‍‍කොට ‍මෙ‍ම දාගැබ ඉදිකළ බව තවත් අදහසකි.

    මෙම දාගැබ ඌව පළා‍‍තේ පිහිටි විශාලතම පැරණි දාගැබ ‍‍ලෙස හඳුනා‍‍‍‍‍‍‍‍‍‍ගෙන ඇත. කාලය නිශ්චිතවම හඳුනා ගැනීමට අපහසු වන අතර ‍මෙම දාගැබ අසළ නුවර යුගයට අයත් විහාර ‍‍‍‍‍‍ගෙයක් ‍වේ. එ‍‍‍හෙත් ‍‍කොටවෙ‍හෙර ආකෘතියට අනුව ඉදි වුණු බව සැල‍කෙන දැදිගම පිහිටි සූතිඝර ‍චෛත්‍යයත්, ‍‍පො‍ළොන්නරු‍වේ ‍‍දෙමළ මහා සෑයත් යුදගනාව ස්තූපයත් ආකෘති‍‍යෙන් එක සමාන බව පිළිගැනේ. මෙම ස්ථූප තුනම ග‍‍‍‍ඩොලින් අඩක් නිම කළ ස්තූප වන බැවින් සමකාලීන විය හැකි බව අනුමාන කළ හැකි ය.


    ඓතිහාසික යුදගනා දාගැබ කොට වෙහෙරක් බව කියැවේ. කොට වෙහෙරක් යනු පේසා වලලු වලට ඉහලින් චෛත්‍යය සමතලා කොට ඒ මැද කුඩා දාගැබක් ඉදිකිරිමයි. එහෙත් නුතන පුරා විද්‍යා සම්ක්ෂණ වලට අනුව සතරැස් කොටුව සහිත විශාල චෛත්‍යයක්ව පැවැති බව පුරා විද්‍ය සාක්ෂි ඇතැයි පුරා විද්‍යඥයන් පවසතී. යුදගනා චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 1038 යි අගල් 6 කී.

    මෙම ඓතිහාසික යුදගනා භූමිය දුටුගුමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා යන දෙසෙහොයුරන් සටන් කල ස්ථානය යැයි ජන ප්‍රවාදය කියයි. මෙය "යුදගනාපිටිය" ලෙස ඒ ඓත්හාසික යුගයේ හැදින්විනි. එයට පෙර වකවාණුවක මෙම ස්ථානය " චුල අංගන පිටිය" නමින්ද හදුන්වා ඇත.

    Source : http://www.inforinbuddhist.blogspot.com/2012/08/youdaganawa-dagaba-and-image-house.html
     
    • Like
    Reactions: AnuradhaRa

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මේ යුදගනාව වෙහෙර සංරක්ශනය කරමින් පවතිනවා හදල ඉවර උනාමනම් මහා විසාල එකක් වෙයි රාවනා කතාවක් නම් මම දන්නේ නෑ
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo

    රාවණ රජුට පහර දෙන්න ආවේ රාම කුමාරයා ත්‍රිකුණාමලයෙන්.

    සිරාවට?:oo:අපි අහල තියෙන විදිහට රාම අවේ මන්නාරමට, අර හනුම හදපු පාලමෙන්