යුද්ධයට ජයග්‍රාහකයන් නැතිලු..😢😢

signshop

Well-known member
  • May 30, 2011
    12,252
    9,065
    113
    Dubai
    මේ කතාව අහන්න හම්බවුණා ඊයේ..
    මේ වගේ කතා අහන්න තරම් අපි අවාසනාවන්ත වෙලා තියෙනවා..
    හැබැයි අපිට නම් ඒ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය ජයග්‍රහණයක් නෙවෙයි කියලා
    කවදාවත් හිතෙන්නේ නෑ..
    මොකද, ත්‍රස්තවාදියාට ජාතියක් ආගමක් නැහැ..
    අපේ රණවිරුවන් යුද්ධ කරලා පරාජය කළේ අන්න ඒ වගේ ත්‍රස්තවාදයක්....
    ජය සිරිමා බෝධිය වන්දනාමාන කරමින් හිටපු බෞද්ධ බැතිමතුන් සිය ගණනක් ම්ලේච්ඡ විදියට මරලා දැම්මා වගේම,
    ඒ ත්‍රස්තවාදීන් කාත්තංකුඩියෙ පලියේ යාඥා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් සිය ගණනකුත් කෲර විදියට මරලා දැම්මා..
    උතුරේ වෙනත් ද්‍රවිඩ සංවිධානවල තරුණයෝ දහස් ගණනක්,
    උතුරේ ද්‍රවිඩ නායකයෝ විතරක් නෙවෙයි, අවසාන සටනේ තමන් ආරක්ෂාවෙන්න පලිහක් විදියට තියාගෙන ඉඳලා බේරිල පැනල ගිය අහිංසක දෙමළ මිනිසුන්ටත් වෙඩි තියලා මරලා දැම්මා...
    මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ආසන්නව තිබිච්ච ගම්මාන වලට පැනලා ඉතාමත් දුක්ඛිත අසරණ ජීවිත ගත කරපු මිනිස්සු පවුල් පිටින් කපලා පෙති ගහලා මරලා දැම්මා...
    පාසල් දරුවෝ පාසලෙන් කරගෙන එන්න කියපු ගෙදර වැඩ කර කර සිටියදී ,
    අභ්‍යාස පොත් උඩම කපල මරලා දාල තියෙනව දකින්න තරම් පෞද්ගලිකව අපි අවාසනාවන්ත වෙලා තියෙනවා...
    මං හිතන්නේ කාලිංග මාඝගේ ආක්‍රමණවලදිවත්, අසවේදුල වගේ පෘතුගීසී හමුදා සෙනෙවියනගේ ආක්‍රමණවලදිවත් ,
    එච්චර ම්ලේච්ඡ වැඩ නොකරන්න ඇති..
    මේ රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරලා දැම්මා.
    මහ බැංකුව ගුවන්තොටුපළ වරාය
    තෙල් ගබඩා සංකීර්ණය ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක් වුණා..
    අගනුවර බෝම්බ තියලා පුපුරල යනකොට,
    බස් රථවල දුම්රියවල බෝම්බ පිපිරිල යනකොට,
    ඒවායින් මිනිස්සු මැරුණේ ජාති භේද ආගම් භේද බලල නෙවෙයි..
    සිංහල ද මුස්ලිම්ද දෙමළද බර්ගර්ද බෞද්ධ ද ක්‍රිස්තියානි ද сග කතෝලිකද ඉස්ලාම්ද හින්දු ද කියලා බෝම්බයවලට තේරෙන්නේ නැහැ..
    ඒක තමයි ත්‍රස්තවාදීන්ගේ සිරිත..
    තමන්ගේ අරමුණු ඉටු කරගන්න ඕනෑම ම්ලේච්ඡ වැඩක් කරනවා..
    අපේ හමුදාව සටන් කරලා පරාජය කළේ එවැනි බිහිසුණු ත්‍රස්තවාදයක්..
    ඒත් ඒ ත්‍රස්තවාදය පරාජය කිරීම ජයග්‍රහණයක් නෙවෙයිද..?
    ඒ සඳහා අනන්ත අප්‍රමාණ කැපකිරීම් පරිත්‍යාග කරපු විරෝධාර සෙබළුන්ට මේවා ඇහෙන කොට මොනවද හිතෙන්නේ..
    වන්නියේ වනාන්තරවල කොටින්ගෙ පාලන බල ප්‍රදේශවල කිලෝමීටර හතළිහ පනහ ඇතුලට ගිහිල්ලා,
    සති ගණන් රැකගෙන ඉඳලා,
    උන්ගේ මරමස්ථාන විනාශ කරලා ආපු දුර දිග විහිදුම් බලකායේ විශ්මිත මෙහෙයුම් කල
    කර්නල් ලලිත් ජයසිංහලා සමගින් එකට සටන් කරපු නිලධාරින් සෙබලුන් තාමත් ජීවතුන් අතරින් ඉන්නවා..
    ඔවුන් එම මෙහෙයුම්වලට යනවා කියන්නේ One Way journey කියලා..
    මොකද යන එක මිසක් එන එක ෂුවර් නැති නිසා..
    ඒ මිනිස්සුන්ට මොනව හිතෙනව ඇද්ද මේව ඇහෙනකොට...
    මුලතිව් කඳවුර වට කරගෙන කොටි හාරදාහක් විතර පහර දෙනකොට ,
    කඳවුරේ සිරවෙලා සමූල ඝාතනය වෙන්න ගියපු අපේ සෙබලු බේරගන්න,
    විශේෂ බලකායේ තමන්ගේ එකසිය ගණනක භට පිරිසකුත් සමඟ ,
    ගුවනින් ගිහිල්ලා එතෙන්ට බහින්න තරම් ආත්ම ශක්තියක් තිබුණු ,
    එම අසමාන සටනෙදි දිවි පූජා කරපු
    කර්නල් ෆස්ලි ලෆීර්ගේ බිරිඳ දරුවන් තවමත් ජීවතුන් අතර ඉන්නවා..
    තමන්ගේ විරෝධාර ස්වාමියා තමන්ගේ වීරෝධාර තාත්තා සහ ඔහුගේ සගයන් එදා ජිවිත පූජා කරේ මේ වගේ අකෘතඥ කතා අහන්න වෙන රටකද කියල ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති....
    උතුරට හමුදා සෙබළුන් දහස් ගණනක් ප්‍රවාහනය කරන දැවැන්ත නෞකාවට ආරක්ෂාව සපයමින් නාවික හමුදා ඩෝරා යාත්‍රා යන විට,
    කොටි මරාගෙන මැරෙන බෝට්ටු එම දැවැන්ත නෞකාවට පහර දී විනාශ කරන්නට මහ මුහුදේ කුහුඹුවන් මෙන් ම පැමිණෙන විට,
    එම බෝට්ටුත් සමග සටන් කර,
    ඒවා විනාශ කර දැම්මත්,
    නාවික හමුදා ඩෝරා යාත්‍රා අස්සෙන් රිංගාගෙන, එම නෞකාවේ පුපුරන ද්‍රව්‍ය සහිත බෝට්ටුවක් ගැටීමට සැලැස්වීමට උත්සාහ ගන්නා විට ,
    ඒ මොහොතේ එම කොටි බෝට්ටුවට වෙඩි තැබීමට තරම් අවස්ථාවක් නැති බව තේරුම්ගෙන,
    එක් ඩෝරා යාත්‍රාවක අණ දෙන නිලධාරියෙක් සිය නාවිකයන්ද සමග මරාගෙන මැරෙන කොටි බෝට්ටුවේ ඩෝරා යාත්‍රාව හප්පවා තම යාත්‍රාවද එම කොටි බෝට්ටුවද එක විට පුපුරා යමින් විනාශ වීමට සලස්වා,
    එම දැවැන්ත හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන නෞකාව බේරාගත් තේ ආකාරය,
    අපට මෙන්ම එම නාවික යාත්‍රාවේ සිටි නිලධාරීන්ගේ සෙබළුන්ගේ දරු පවුල් වලට අදටද මතක ඇතුවාට සැකයක් නැත..
    තම පියවරුන් එදා දිවි පිදුවේ ,
    එම දිවි පිදීම මෙතරම් හෑල්ලුවට ලක්වෙන කතා ඇසීමට සිදුවන රටකද යන්න කම්පාවෙන් සිහියට ගන්නවා ඇත..
    කොකාවිල් හමුදා කඳවුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් නතුකර ගන්නා යන විට ,
    සුළු සෙබළ සංඛ්‍යාවක් සමග දින ගණනාවක් සටන් කර ,
    අවසානයේ කඳවුර අතහැර පසුබසින්නේ නැතුව, තුවාල ලැබූ සිය සගයන් දමා යන්නේ නැතුව,
    කඳවුරේ ඇති ආයුධ සහ සම්ප්‍රේෂණ උපකරණ ත්‍රස්තවාදින් අතට අසුවීම වැළැක්වීම සඳහා තමාද විනාශවන පරිදි ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙස ඉල්ලා සිටි කපිතාන් සාලිය අලදෙණියගේ මවුපියන්ට,
    මේවා ඇසෙන විට මොනවා හිතෙනවා ඇත්ද ..?
    පුනරින් කඳවුර හතර අතින් වටකර එහි සිටි හමුදා සේනාංකයම සමූල ඝාතනය කරන්නට යන මොහොතක ,
    ගුවනින් ගොඩබිමින් ආධාර දෙන්නට බැරි වූ මොහොතක ,
    මහමුහුදෙන් ආධාර කණ්ඩායම් සමග ගොස් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර ,
    දෙවන ලෝක යුද්ධයේ ප්‍රංශ වෙරළේ සටනට සමාන සටනක් කරමින්,
    සටන් කරමින් සිටි ඉතිරි භට කණ්ඩායම බේරා ගැනීමට කටයුතු කළ,
    රියර් අද්මිරාල් සරත් වීරසේකරලා ,
    අද්මිරාල් රවින්ද්‍ර විජයගුණරත්නලා ඇතුළු ,
    නාවික සෙබළුන් සහ යුද හමුදා විශේෂ බලකායේ විරෝධාර සෙබළුන් ඇතුළු කණ්ඩායමට මේවා ඇසෙන විට මොනවා හිතෙනවා ඇත්ද..?
    අවසාන සටනේ ත්‍රස්තවාදීන්ගේ සමහර
    පස්බැමි කඩාගෙන යාමට,
    මුලින් යන භට කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වී මිය යෑමට ඉඩ ඇති බව දැන දැනම ,
    ඒ සඳහා නිර්භීතව ඉදිරිපත් වූ අපේ තරුණ සෙබළුන්ගේ මව්පියන්ට මේවා ඇසෙන විට මොනවා හිතෙනවා ඇත්ද..
    අවසාන සටන ජයග්‍රහණය කිරීමට සේනාංක මෙහෙයවා අද බටහිර සමහර රටවල විසින් යුධ අපරාධ ලැයිස්තුවට ඇතුළත් කර විදෙස් රටකට යන්නට බැරි මට්ටමට තහංචි වැටී සිටින අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ,
    මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා ඇතුළු හැට ගණනක් වූ සෙන්පතියන්ට, මොනවා හිතෙනවා ඇත්ද..?
    පරම වීර විභූෂණ ලාභීන්ගේ කැපකිරීම් ගැන පමණක් මොහොතකට සිතන්න..
    ලෝක යුධ ඉතිහාසයේ ඕනෑම සටනකදී දැක්වූ නිර්භීත භාවය විරෝධාර ස්වභාවය සම කරමින් හෝ අභිබවා යන කතා ඒ තුළ සැඟවී ඇත..
    ඒ පමණක් නොව සිය දහස් ගණනක් තවත් එවැනි කතා අපගේ මාතෘ භූමියේ නිදහස උදෙසා සටන් කළ රණවිරුවන් සම්බන්ධයෙන් ඇත..
    ඒ සටනේ ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් හැටියට බයෙන් තොර දේශයක නිදහස විඳින අතරේ,
    එම ජයග්‍රහණය ජයග්‍රහණයක් නොවේ යැයි පැවසීමට තරම් අප පහත් මට්ටමකට වැටෙනවා ද..?
    ලෝකයේ සෑම රටක්ම තම දේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ගේ ජයග්‍රහණ අති විශිෂ්ට අන්දමින් සමරද්දී ,
    ලොව බිහිසුනම ත්‍රස්තවාදය ලෙස යුද විශේෂඥයන් අර්ථ දැක්වූ,
    පරාජය කළ නොහැකි ත්‍රස්ත සංවිධානයක් ලෙස ඔවුන් සඳහන් කළ,
    බිහිසුණු බලසම්පන්නත්‍ රස්ත සංවිධානයක් මහා සටනකින් පසු පරදවා ජයග්‍රහණය කළ,
    අපේ රණවිරුවන්ගේ ජයග්‍රහණය ජයග්‍රහණයක් නොවී යැයි,
    පැවසීමට තරම්
    අප මෙවැනි ගුණමකු ජාතියක් රටක් බවට පත්වෙමින් සිටීම කෙතරම් අවාසනාවන්ත ද...?
    සැබවින්ම සිදුවී ඇත්තේ යුද්ධයක ජයග්‍රහණයන් නොමැත යන්න නොවේ..
    යුද්ධයේ ජයග්‍රාහකයන් පරාජිතයන් බවට පත්වී, පරාජිතයන් ජයග්‍රාහකයන් බවට පත්වෙමින් යන තත්ත්වයක්ය...
    එය අද දිනයට වඩා හෙට දිනයේදී අද නොතේරෙන්නට අයටත් තේරුම් යනවා ඇත..
    හැබැයි එතකොට පරක්කු වැඩිය.
    අශ්වයා ස්ථානයෙන් පිටවී ගොස් අවසානය..
    තමන්ට බලය ලබා ගැනීමට හෝ ,
    ලබාගත් බලය රැකගැනීමට හෝ ,
    මාතෘ භූමියේ නිදහස උදෙසා සටන් කළ,
    බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කළ, රණවිරුවන්ගේ කැපකිරීම් සහ ජයග්‍රහණයන් හෑල්ලුවට ලක්වීම කිසිවිටකවත් නොකළ යුත්තක්ය..
    අද කවුරු කවුරුත් උතුරට ගොස් රඟදක්වන්නේ,
    දේශනා පවත්වන්නේ ඒ රණවිරුවන් විසින් මේ පොළොව නිදහස් කර දුන් නිසාය..
    නැතිනම්, උතුරට තබා අනුරාධපුරයෙන් එහාටවත් මේ වන විට යන්න බැරි වී තිබෙන බව ඉතිහාසය මතක ඕනෑම කෙනෙක් තේරුම් ගන්නවා ඇත..

    785136955_1763827098081342_882437433005123862_n.png

    785362998_3711353872347722_3173912922923715815_n.png

    788563341_1368312988812084_1209325075753893883_n.png


    Co
    787059526_1763047141680142_6173438557512252064_n.png


    Copied..

     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,837
    11,280
    113

    යුද්ධයට ජයග්‍රාහකයන් නැතිලු..


    පොන්නයෝ බං එහෙම කියන්නේ . අපි හෙන වෙනස් , දාර්ශනිකයි . මොලේ ලොකුයි කියලා පෙන්නන්න හදන මරි මොංගල් හුත්තලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,488
    14,486
    113
    35
    Spain
    යුද්ධය අවසන් වුන නිසා දිනුවේ මිනිස්සු නේ බන්, මිනිස්සු තමයි ජයග්‍රාහකයෝ. දැන් බෝම්බ පිපිරෙන්නේ නැහැ, අතපය නැතිවෙන්නේ නැහැ. වගා කරගෙන බිස්නස් කරගෙන සන්තෝසෙන් ඉන්න පුළුවන්. ඉතින් එක මහා විශාල ජයග්‍රහණයක්.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,411
    5,766
    113
    කොටි ත්‍රස්තයන් වනසපු අපි ජයාග්‍රහකයෝ. කවුරු මොන බයිලා කිව්වත් ඒකයි ඇත්ත. ඒ වගේම තමයි ඒ ජය අරගෙන නිහතමානීව ඉන්න ඕන, හැම තිස්සෙම ඒක මැතිරුවා කියල ලැබැන ඇති දෙයක් නෑ. දැන් ඉස්සරහට ඒවා වර්තමානයෙන් අමතක කරලා අතීතයේ ආඩම්බර ජයාග්‍රහනයට ඉඩ දීලා අනාගතයට යන එක තමයි කරන්න ඕන. හැමදාම දෙමලුන්ට, තම්බින්ට බැන බැන හිටිය කියලා වැඩක් නෑනේ.

    හරි නම් කියන්න ඕන "මේක අපි හැමෝගෙම රට, හැමෝටම අයිතියක් තියෙන රටක්, හැබැයි තනි අයිතිය ගන්න හැදුවොත් කොටියට වුන දේත් මතක තියා ගන්න" කියලා උන්ට එහෙම හිතෙන්නෙ නැති විදියට උන්ටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන එකයි.
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    348
    63
    Malabe
    ඔකේ රොකට් සයන්ස් නෑ නේ බන්. යුද්දයක් තිබ්බා. අපි දිනුවා. කොටි පැරදුනා. ඒ නිසා ලංකාව එක රටක් විදිහට තියනවා. කොටි දිනුවා නම් ලංකාව රටවල් දෙකකට බෙදෙනවා. ලංකාව ස්වාධීන රටක් නිසා ඒ වැඩ කරන්න දුන් නෑ ඉස්සරහට දෙන්නෙත් නෑ.
    ජයග්‍රාහකයෝ නෑ අරවා මේවා බයිලා කියවන්නේ කොටින්ට චාන්ස් එකක් දීල ආයේ රට බෙදන මතවාද වලට තැනක් දීල ආයේ යුද්දයක් පටන්ගන්න අර අදින ගෝතයෝ.
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,909
    18,001
    113
    උඹල කරන ලොකුම වැරැද්ද තමයි අපි යුද්දේ දිනුව කියල හිතන එක

    අපි යුද්දේ මිලිටරි වශයෙන් දින්නට යුද්දේ දෘස්ටිවාදී පැත්තෙනුයි යුද්දේ ඇති කරපු බෞතික සාධක පැත්තෙනුයි තාම දිනලා නෑ

    රාජපක්ෂලා කොටි ඉවර කලාට උතුරු නැගෙනහිර උන්ගේ චන්දෙ අරන් රට දේශපාලනිකව එක තැනකට ගේන්න බැරි උනා. ඒ වෙනුවට ගෝටා වගේ උන් තවත් කලේ double down කරලා සිංහල ජාතිවාදෙන් තග දාල දෙමල බෙදුම්වාදේ පාලනය කරන්න හදපු එක.

    ඒකෙන් වෙන්නේ උතුරේ ඉන්න බෙදුම්වාදී උන්ට තවත් ඒ පැතිවල උන්ව brainwash කරලා රට ආපහු බෙදන තැනට අරන් යන්න පුළුවන් වෙන එක.

    එහෙම උනාම කොච්චර යුද්දේ දින්න කියල පම්පෝරි ගැහුවත් වැඩක් නෑ

    npp එකේ උන් හමුදාවේ උන්ට රණවිරුවෝ නොකිව්වට උන්ට තමයි පුළුවන් උනේ දේශපාලනිකව දෙමල්ලුන්ව සිංහලු ඉන්න තැනටම ගෙන්න ගන්න.

    බයියො කිව්වට npp එක දෙමල්ලුන්ගේ චන්දෙ ගත්තේ ඩයස්පෝරාවට පුක දීල කියල එහෙම උනානං දෙමල පක්ෂ වල උන් npp එකට විරුද්දව සන්ධාන හදන්නේ නෑ

    උනුත් දන්නවා රාජපක්ෂලාට වඩා ඊලමට threat එක npp එකේ උන් කියල