යුද්ධය සහ ආර්ථිකය

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
යුද්ධය සහ ආර්ථිකය

රටක යුධ මෙහෙයුම් පවතිද්දී ආර්ථිකයේ කඩා වැටීම යලිත් සාක්ෂි සහිතව ඔප්පු කල යුතුයැයි මම නොසිතමි. මන්ද රටේ හැසිරීම සහ සමාජය සම්බන්ධ කුඩා හෝ දැනුමක් ඇත්තා ඒ බව දන්න බැවිනි. නමුදු රටේ ඉහලම පුටුව සදහා තරග වදින සරත් ෆෝන්සේකා මහතා දඹුල්ලේදී ප්‍රකාශ කර සිටියේ යුද්ධය පැවති අපේ රට තුල ආර්ථිකය කඩා වැටීමට එය හේතුවක් නොවූ බවයි.ප්‍රධාන වශයෙන් රටක් යැපෙන්නේ , ආදායම් උපයන්නේ අපනයනය , බදු , විදේශීය ආයෝජන ,විශෙෂයෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරය වැනි කාරණාවන් හේතු සාධක කොටගෙනය.
අපේ රටේ යුද්ධය පවතින විට සංචාරකයන් බියෙන් මෙහි එන්නේ නැත , රටේ ආර්ථිකය කඩා වැටේ යැයි සිතා ආයෝජන නැත , විශාල පරිමාණයේ බුද්ධිමතුන් , ව්‍යාපාරිකයන් මෙය හැර ගියහ, උතුරු නැගෙනහිර රටේ සංවර්ධනයට දායකත්වයක් නැත...
මේවා මිනිසුන් දන්නා කාරණාය , නොදන්නවානම් දැන්ම දැනගත යුතු කාරණාය.
තම විජ්යග්‍රහණය තහවුරු කිරීමට මන්ධ බුද්ධික ප්‍රකාශ ඉදිරිපත් කරණ මෙම මහතා තවත් මෙවැනි ප්‍රකාශ මගින් තමන්ට හිමිවන චන්දත් අහිමි කර ගනී.
තම ජයග්‍රහණය තහවුරු කරගැනීමට අවශ්‍යනම් තමාගේ දර්ශනය ,ප්‍රතිපත්ති වහා ජනතාව හමුවේ ප්‍රකාශ කල යුතුව ඇත.
එය විනා නූගත් ප්‍රකාශ මේ සදහා සාදනය නොවනු ඇත