යුද අපරාධ වලට මෛත්‍රීපාල සිරිසේන එජා සංව&#3538

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    යුද අපරාධ වලට මෛත්‍රීපාල සිරිසේන එජා සංව&#3538

    දෙමළ ජනතාවට එරෙහි ජන ඝාතනයට වගකිව යුත්තකු වන බැවින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන එජා සංවිධානය හමුවට කැදවීමට තමා ඉල්ලා සිටින බව උතුරෙහි ජන්ද වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින පළාත් සභා මංත්‍රිනී ආනන්දි සිසදරන් කියා සිටී.

    ඇය මේබව ප්‍රකාශ කර ඇත්තේ යාපනයේ පැවැති පුවත්පත් සාකච්ජාවක දී ය.

    ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඇය මෙසේ කියා තිබේ.

    “He, who is associated with a genocide, is someone I will be calling to face justice at the UN. Therefore I cannot ask our people to vote for him.

    ඇයගේ ප්‍රකාශය ලොව පුරා එල්ටීටීඊ හිතවාදී කන්ඩායම් විසින් ඉහළින් වර්ණනා කරමින් මහත් ප්‍රචාරයක් ලබා දෙමින් තිබේ.

    ආන්නදි සසිදරන් යනු ත්‍රිකුනාමළයේ හිටපු එල්ටීටීඊ දේශපාලන නායකයා වූ එලීලන්ගේ බිරිඳය.

    2009 මැයි 19දා හමුදාවට බාර වූ ඔහු ගැන මේතාක් කිසිදු තොරතුරත් නැත.

    මෛත්‍රිපාල සිරිසේන නොව ඕනෑම දේශපාලනඥයෙක් එක්සත් ජාතීන්ගේ සංවි‍ධානය ඉදිරියට කැඳවිය යුතු යැයි ප්‍රකාශ කිරිමට ඇයට අයිතියක් තිබේ.

    එසේ නමුත් ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටි සිට යන කියමන අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා ගණනාවක් මගින් ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්දයෙන් චෝදනා නගා ඇති සිය සැමියා ද නායකයකු වූ එල්ටීටීඊ සංවිධානය ගැන ආනන්දි සසිදරන් සිය ස්ථාවරය කියා සිටීම වැදගත් වනු ඇත.

    එලීලන් ත්‍රිකුණාමළ දිසාවේ දේශපාලන නායකයා වශයෙන් සිටි අවධියෙහි එම දිසාවෙහි එල්ටීටීඊ ය විසින් කරන ලද අපරාධ සම්බන්දයෙන් එලීලන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට කැඳවිය යුතු යැයි ආන්නදි සසිදරන් කියන්නේ ද?

    2005 වසරේ දී මෙන් 2015 දීද එල්ටීටීඊ හා ඊට හිතවත් සංවිධාන උත්සාහ කරන්නේ රාජපක්ෂ බලයට ගෙන ඒමට ය.

    2005 වසරේදී රාජපක්ෂ ඒ සඳහා රුපියල් මිලියන 700ක් ප්‍රභාකරන්ට ගෙවුවේ ය.

    මේ වතාවේ ගෙවන ලද ගණන ඊට වැඩි මිසක් අඩු විය හැකි ද?

    අදාළ ටැමිල් ගාර්ඩියන් වාර්තාව පීඩීඑප් ගොනුවක් ලෙස මෙහි කියවිය හැකිය Maithri should face justice at UN, I cannot endorse him – Ananthi Sasitharan

    #PressPollSL, LTTE, ජනාධිපතිවරණය 2015, මෛත්‍රීපාල සිරිසේන

    http://sinhala.srilankabrief.org/2015/01/යුද-අපරාධ-වලට-මෛත්‍රීපාල/
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල, රනිල්, ෆොන්සේකා සින්දු කියයි

     

    Similar threads