යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි &#3

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි &#3

    වේයන්ගොඩ පෙහෙකම්හල් පරිශ්‍රයේ පිහිටා ඇති යුද හමුදාවට අයත් මධ්‍යම අවි උණ්ඩ ගබඩඩාව එම ස්ථානයෙන් ඉවත් කර ජන ශුන්‍ය ප්‍රදේශයක ස්ථාපිත කිරීමටත්, දැනට ආරක්ෂක අංශවලට අවශ්‍ය ගිනි අවි සහ පතරොම් පමණක් මෙහි රදවාගෙන ඉතිරිය ඒවා මිලදී ගත් රටවලට ප්‍රතිඅලෙවි කිරීමට කටයුතු කරගෙන යන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

    වේයන්ගොඩ ගබඩාව සහිත කඳවුර පිහිටා ඇත්තේ අතිශය ජනාකීර්ණ ප‍්‍රදේශයක වීමත්, කොස්ගම සාලාව කඳවුරේ තරම් හෝ ආරක්ෂිතභාවයක් නොමැති උණ්ඩ ගබඩා කිරීම සහ එම ගබඩා කිසිසේත්ම උණ්ඩ ගබඩා කිරීම සඳහා සුදුසු තත්වයෙහි නොවීමත් ඇතුළු කරුණු රැසක් සලකා බලමින් අවි ගබඩාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

    ශ්‍රී ලංකා යුද හමුදාව සතු බර අවිතොග ඒවා මිලදීගත් සමාගම්වලට සහ, රටවලට විකිණීම සදහා රජය සැළසුම්කර තිබී ඇති අතර ඒ සදහා 2016 අපේ‍්‍රල් 07 වන දින කැබිනට් පත්‍රිකාවක් අනුමත වී ඇත. මෙම පතරොම් සහ උණ්ඩ තොග මිලදී ගැනීමට චීනයේ නොරින්කෝ නමැති සමාගමක් කැමැත්ත දක්වා ඇති අතර ඒ අනුව රජයට අයත් ‘ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලජීස් ලිමිටඩ්’ සමාගම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලකට එම ගනුදෙනුව සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

    යුද්ධයක් නොපවතින නිසා යුද හමුදාව සතු අතිරික්ත අවි තොග නිශ්ක්‍රීය කිරීමට සහ, ඒවා මිලදී ගත් රටවලට නැවත විකිණීමට රජය තීරණය කර ඇති බව ඇමති සාගල රත්නායකද පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.

    මේ අතර යුද හමුදාව සතු අවි බලය දුර්වල කිරීමට එරෙහිව පාර්ශව ගණනාවක් අදහස් පලකර ඇත. යුද්දයක් නොමැති වුවද ඕනෑම රටක් ආරක්ෂාව වෙනුවෙන් තම හමුදා ඕනෑම අවස්ථාවක යුද සූදානමක තබා ඇති බවත් අවි සංචිත රහසිගතව පවත්වාගෙන යන බවත් පෙන්වා දෙන එම පාර්ශව මෙලෙස ශ්‍රී ලංකා ආරක්ෂ අංශ දුර්වල කරන්නේ ජාත්‍යන්තර උවමනාවකටදැයි ප්‍රශ්න කරයි. රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාවේ වොෂින්ටන්හීදී ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය 37%කින් අඩු කිරීමට කටයුතු කරන බවයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඔය පොන්නයා අනිවා ඔහොම කියන්න ඇති.unp පොන්නයෝ..:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුද්දෙ කාලෙ අපුරැවට ආරක්ෂා කරගත්ත අවි ගබඩා... දැන් මුන්ට ඒකත් ආරක්ෂා කරගන්න ශක්තියක් නැද්ද