යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙක් එකම දිනයේ සිය දිවි නසාගෙන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,876
    56,390
    113
    යුද හමුදාවේ සේවය කරන දෙදෙනෙක් එකම දිනයක එකම ආකාරයට ගම්පොල සිය නිවෙස් තුළ සියදිවි හානිකරගෙන තිබේ. විසිඑක් හැවිරිදි තෙල්ගේ ලසන්ත පීරිස් ගම්පොල උනම්බුවේ නිවසේත් 42 හැවිරිදි ජයසිංහ දේවලයාගේ චන්ද්‍රපාල පල්ලේ දෙල්තොට සිය නිවසේත් මෙසේ සියදිවි හානිකර ගෙන තිබුණි. මොවුන් දෙදෙනාම යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් නිල දැරූ අය වෙති.

    යුද හමුදා ඉංජිනේරු බළකා පල්ලේකැලේ කඳවුරේ සේවය කළ ලසන්ත පීරිස් මියගියේ යුද හමුදාවේ එකට සේවය කරන පිරිස එල්ල කරන දැඩි පීඩනය දරා ගැනීමට නොහැකි ව බව ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ.මැදිවක මහතා ඉදිරියේ ඔහුගේ මව හා පියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළහ.

    හමුදා කඳවුරේ අය මොහුගෙන් නිතර නිතර මුදල් ඉල්ලා සිදුකරන බලපෑම් හේතුවෙන් එම මුදල් සොයා දීමට ලසන්තගේ මව රන් භාණ්ඩ පවා උකස් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

    මොහුගේ විසි එක්වන උපන් දිනය පසුගිය මස 23 දා සිය නිවසේ දී මහ ඉහළින් සමරා ඇති අතර ඊට පසුදා හමුදා කඳවුරෙන් ලැබුණ දුරකථන ඇමතුම් අනුව එම පිරිස් හට සාදයක් නොපැවැත්වීම පිළිබඳව මොහුට දැඩි ලෙස දෝෂාරෝපණය හා තර්ජනය කළ බව ද මෙහිදී මව පවසා සිටියේ පැමිණි දුරකථන අංක ද පෙන්වමිනි. ඔහුගෙන් බලෙන් මුදල් ලබාගැනීම ඇතුළු විවිධ බලපෑම නිසාම උනම්බුව නිවස තුළදී සිය දිවි නසාගෙන සිටියදී පසුගිය පළමුවන දින සොයාගෙන තිබුණි.

    මේ පිළිබඳව මරණ පරීක්ෂණය පැවැත්වූ නලින් මැදිවක මහතා පැමිණ සිටි යුද හමුදා පොලීසියට අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවැනි සිද්ධීන්ගෙන් යුද හමුදාවේ විනය පිළිබඳව ගැටලු මතුවන බවත්,

    බාල වයස්කරුවන්ට දරා ගැනීමේ සීමාවක් ඇති බවත්, ඉහළ නිලධාරීන් මේවා සොයා බැලිය යුතු බවත්ය.

    පල්ලේදෙල්තොට පදිංචි හමුදා සෙබළා නිවාඩුවට නිවසට පැමිණ සිටියදී ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් සිය දිවි නසාගෙන ඇති බව පරීක්ෂණ පැවැත්වූ ගලහ පොලීසිය පැවසීය. දෙදරු පියෙකු වූ ඔහු බිරිඳ සමග ඇති වූ ආරවුලක් සමග ගලහ.පොලීසියට පැමිණ තිබූ අතර නිවසට ගොස් පළවෙනි දින අලුයම මෙසේ මියගොස් තිබුණි.

    මෙහි මරණ පක්ෂණය පාතහේවාහැට හදිසි මරණ පරීක්ෂක බී. ජී. ආර්යරත්න මහතා විසින් පැවැත් වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.පී.පී.සේනසිංහ මහතා විසින් සිදු කරන ලදි.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,077
    5,674
    113
    වෙපන් එකක් තියෙනවා නම් වෙඩිතියන්න දන්නවා නම් කරදර කරන උන් කලින් යවලා ඌට⁣ පොඩ්ඩක් පහුවෙලා යන්න තිබුණා. අපරාදේ.