එක්සත් ජනපදය ප්‍රමුඛ ලොව ප්‍රබල රටවල් කිහිපයකට තම සේවාව ලබාදෙන ලොක්හීඩ් මාර්ටින් ආයතනය මේ වන විට යුද අවි නිෂ්පාදනය අතින් ලෝකයේ විශාලතම සමාගම බවට පත් වී හමාර යි. ඉතින් අද ලිපිය දිග හැරෙන්නේ ඇමෙරිකානු හමුදාවට ප්‍රහාරක හා ප්‍රවාහන යානා නිර්මාණය කරන පෙන්ටගනයේ ප්‍රධානම කොන්ත්‍රාත් සමාගම වන ලොක්හීඩ් මාර්ටින් පිළිබඳව යි.
P-38 Lightning
මාර්ටින් මරියැටා නම් රසායන ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන සමාගම 1961 දී ආරම්භ වන්නේ එක්සත් ජනපදයේ දී යි. අැමෙරිකාව තුළ ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට හා එක්සත් ජනපද හමුදා න්‍යෂ්ටික වැඩසටහන්වලට මෙම සමාගම විසින් දායකත්වය ලබාදෙනවා. ඊට අමතරව ඇමෙරිකානු බැලස්ටික් මිසයිල වැඩි දියුණු කිරීමේ අවස්ථාවලට ද ඔවුන් විසින් වරින් වර සම්බන්ධ වෙනවා.
Ventura
1994 දී මෙම සමාගම් දෙක එකතු වී තනි සමාගමක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1995 දී සමාගම් දෙක එකතු වීමෙන් ලොක්හීඩ් මාර්ටින් ආරම්භ වෙනවා. ආරම්භයේ දී ආරක්ෂක සේවා සැපයීමේ මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත් සමාගමක් ලෙස කටයුතු කරනවා
P3 Orion [Modified]
ට්‍රයිඩ්න්ට් නම් සබ්මැරීනයක සිට ගුවන්ගත කළ හැකි බැලස්ටික් මිසයිලය 1981 දී ප්‍රථම වතාවට හඳුන්වා දුන් අතර එය මුලින්ම නිපදවන්නේ ලොක්හිඩ් සමාගම යි. 1962 දී හඳුන්වා දුන් P-3 Orion ප්‍රහාරක යානය සබ්මැරීන විනාශ කිරීමට හා සාගර මුර සංචාර සඳහා යොදා ගන්නවා. එක්සත් ජනපදයට අමතරව දකුණු කොරියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් විසින් මෙම යානය භාවිතා කරනවා.
F-16 Fighting Falcon
ජෙනරල් ඩයිනමික්ස් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් 1978 දී හඳුන්වා දුන් General Dynamics F-16 Fighting Falcon ප්‍රහාරක ගුවන් යානය 1993 සිට නිෂ්පාදනය කරන්නේ ලොක්හීඩ් සමාගම විසින්. වර්තමානය වන විට එය රටවල් 25ක ගුවන් හමුදා විසින් භාවිතා කරනවා. C-130 Hercules නම් ප්‍රවාහන ගුවන් යානය ද 1954 දී ඔවුන් විසින් හඳුන්වා දෙනවා.
C-130 Hercules
මෙම සියලු යානා 1995 වසරෙන් පසුව ලොක්හීඩ් මාර්ටින් ගුවන් යානා ලෙස නිෂ්පාදනය හා හැඳින්වීම සිදු කරනවා.
F-22 Raptor
5 වන පරම්පරාවේ උසස් තාක්ෂණයෙන් යුක්ත F-22 Raptor ප්‍රහාරක ගුවන් යානය 2005 දී හඳුන්වා දෙන අතර එය භාවිතය එක්සත් ජනපද ගුවන් හමුදාවට පමණක් සීමා කර තිබෙනවා. 1997 දී හඳුන්වා දෙන A-4AR Fightinghawk නම් ගුවනේ සිට ගොඩ බිමට ප්‍රහාර එල්ල කළ හැකි යානය ආජන්ටිනා ගුවන් හමුදා විසින් භාවිතා කරනවා. තව ද අඟහරු වෙත යැවුණු Viking 1 හා Viking 2 යානා නිර්මාණයට ද සමාගම තම දායකත්වය දක්වා තිබෙනවා.
Viking 1
Missle and Fire Control
Lockheed-Martin_Raytheon_Javelin-dc
Lockheed Martin Interceptor
Lockheed-Martin-General-Atomics-Boeing-compete-for-laser-armed-drone
F-35 Lightning II
2001 දී මෙම සමාගම විසින් F-35 Lightning II ප්‍රහාරක ගුවන් යානය ඇමෙරිකානු ගුවන් හමුදාව සඳහා සැපයීමට පෙන්ටගනයෙන් අනුමැතිය ලබාගන්නවා. ඒ තුළින් සැලකිය යුතු අදායමක් උපයා ගැනීමට සමාගමට හැකි වන අතර යානා 3000ක් පමණ නිපදවනවා. 2014 වසරෙන් පසුව දකුණු කොරියාව වෙත මෙම ප්‍රහාරක යානා නිෂ්පාදනය කර දීමට ද ලොක්හීඩ් මාර්ටින් ආයතනය එකඟ වෙනවා.
2006 දී ආර්ථික අතින් ප්‍රබල තත්ත්වයකට පත්වෙන ලොක්හීඩ් මාර්ටින්හි සේවක පිරිස 100,000 සිට 130,000 දක්වා වර්ධනය වෙනවා. 2006 වසරෙන් පසු නාසා ආයතනයේ අභ්‍යවකාශ වැඩසටහන් බොහෝ ප්‍රමාණයකට තම සේවා සැපයීම සිදු කරනවා.
2015 දී ඔවුන් විසින් සිකොස්කි නම් ගුවන් යානා නිෂ්පාදන සමාගම මිල දී ගන්නවා. 2015 දී ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක යානා පැදවීම සඳහා ගුවන් නියමුවන් පුහුණු කරවීමේ ගිවිසුමකට ඕස්ට්‍රේලියානු රජය හා අත්සන් තැබීම සිදුවෙනවා. 2006 වසරේ කැනඩාව සමග ද, 2017 දී සෞදි අරාබිය සමග ද මිලිටරි සැපයීම පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීම ලොක්හීඩ් මාර්ටින් ආයතනය විසින් සිදු කරනවා.
අැමෙරිකානු ජාතික අභ්‍යවකාශ සංගමයෙන් වාර්ෂිකව අභ්‍යවකාශ විද්‍යාවේ ප්‍රගමනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දක්වන සමාගම වෙනුවෙන් පිරිනමන කෝලියර් සම්මානය හය වතාවක් දිනාගැනීමට ලොක්හිඩ් මාර්ටින් සමාගමට හැකියාව ලැබී තිබෙනවා.
මීට අමතරව ඔවුන් විසින් පුනර්ජනනීය බලශක්ති පද්ධති, බලශක්තිය බෙදාහැරීම සුහුරු ක්‍රොමෝපායන් හා න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳව පර්යේෂණ පවත්වනවා.
Source
Blogger Lasantha Kularathna
Roarmedia
Lockheenmartin.com
Twitter.com
Fotune.com
Pictures from Internet
ලොක්හීඩ් මාර්ටින්හි ආරම්භය
1926 දී එක්සත් ජනපදයේ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් ලෙස ලොක්හීඩ් කෝපරේෂන් බිහි වෙනවා. මෙම සමාගම විසින් දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකානු ගුවන් හමුදාව සඳහා බෝම්බ හෙළන ගුවන් යානා හා ප්‍රහාරක ගුවන් යානා නිර්මාණය කරනවා. (P-38 Lightning යනු එම සමයේ ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද ජනප්‍රිය ප්‍රහාරක යානාවක් වූ අතර වෙන්චූරා යනු ඔවුන් නිෂ්පාදනය කළ බෝම්බ හෙළන යානයකි). දෙවන ලෝක යුද සමය තුළ එක්සත් ජනපදයේ යුද අවි නිෂ්පාදන සමාගම් අතුරෙන් 10 වන ස්ථානයේ රැදී සිටින්නේ මෙම සමාගම යි.
P-38 Lightning
මාර්ටින් මරියැටා නම් රසායන ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන සමාගම 1961 දී ආරම්භ වන්නේ එක්සත් ජනපදයේ දී යි. අැමෙරිකාව තුළ ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට හා එක්සත් ජනපද හමුදා න්‍යෂ්ටික වැඩසටහන්වලට මෙම සමාගම විසින් දායකත්වය ලබාදෙනවා. ඊට අමතරව ඇමෙරිකානු බැලස්ටික් මිසයිල වැඩි දියුණු කිරීමේ අවස්ථාවලට ද ඔවුන් විසින් වරින් වර සම්බන්ධ වෙනවා.
Ventura
1994 දී මෙම සමාගම් දෙක එකතු වී තනි සමාගමක් නිර්මාණය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1995 දී සමාගම් දෙක එකතු වීමෙන් ලොක්හීඩ් මාර්ටින් ආරම්භ වෙනවා. ආරම්භයේ දී ආරක්ෂක සේවා සැපයීමේ මධ්‍යම ප්‍රමාණයේ කොන්ත්‍රාත් සමාගමක් ලෙස කටයුතු කරනවා
මිලිටරි ගුවන් යානා නිෂ්පාදනය
වර්තමානය වන විට ඔවුන්ගේ අදායමෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ මිලිටරි ප්‍රහාරක යානා හා ඒ ආශ්‍රිත නිපදවීම්වලින්. සිවිල් ගුවන් යානා නිපදවීමෙන් ලබන අදායම සාපේක්ෂව ඉතා කුඩා අගයක් ගන්නවා.
P3 Orion [Modified]
ට්‍රයිඩ්න්ට් නම් සබ්මැරීනයක සිට ගුවන්ගත කළ හැකි බැලස්ටික් මිසයිලය 1981 දී ප්‍රථම වතාවට හඳුන්වා දුන් අතර එය මුලින්ම නිපදවන්නේ ලොක්හිඩ් සමාගම යි. 1962 දී හඳුන්වා දුන් P-3 Orion ප්‍රහාරක යානය සබ්මැරීන විනාශ කිරීමට හා සාගර මුර සංචාර සඳහා යොදා ගන්නවා. එක්සත් ජනපදයට අමතරව දකුණු කොරියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් විසින් මෙම යානය භාවිතා කරනවා.
F-16 Fighting Falcon
ජෙනරල් ඩයිනමික්ස් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් 1978 දී හඳුන්වා දුන් General Dynamics F-16 Fighting Falcon ප්‍රහාරක ගුවන් යානය 1993 සිට නිෂ්පාදනය කරන්නේ ලොක්හීඩ් සමාගම විසින්. වර්තමානය වන විට එය රටවල් 25ක ගුවන් හමුදා විසින් භාවිතා කරනවා. C-130 Hercules නම් ප්‍රවාහන ගුවන් යානය ද 1954 දී ඔවුන් විසින් හඳුන්වා දෙනවා.
C-130 Hercules
මෙම සියලු යානා 1995 වසරෙන් පසුව ලොක්හීඩ් මාර්ටින් ගුවන් යානා ලෙස නිෂ්පාදනය හා හැඳින්වීම සිදු කරනවා.
නවීනතම ප්‍රහාරක යානා
F-22 Raptor
Lockheed F-117 Nighthawk
5 වන පරම්පරාවේ උසස් තාක්ෂණයෙන් යුක්ත F-22 Raptor ප්‍රහාරක ගුවන් යානය 2005 දී හඳුන්වා දෙන අතර එය භාවිතය එක්සත් ජනපද ගුවන් හමුදාවට පමණක් සීමා කර තිබෙනවා. 1997 දී හඳුන්වා දෙන A-4AR Fightinghawk නම් ගුවනේ සිට ගොඩ බිමට ප්‍රහාර එල්ල කළ හැකි යානය ආජන්ටිනා ගුවන් හමුදා විසින් භාවිතා කරනවා. තව ද අඟහරු වෙත යැවුණු Viking 1 හා Viking 2 යානා නිර්මාණයට ද සමාගම තම දායකත්වය දක්වා තිබෙනවා.
Viking 1
අනිකුත් නිෂ්පාදන
Missle and Fire Control
Lockheed-Martin_Raytheon_Javelin-dc
Lockheed Martin Interceptor
Lockheed-Martin-General-Atomics-Boeing-compete-for-laser-armed-drone
ප්‍රබල සමාගමක් බවට
1996 දී තවත් ඇමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන ලෝරල් කෝපරේෂන් මිල දී ගැනීමට ලොක්හීඩ් මාර්ටින් විසින් කටයුතු කරනවා. තව ද 1998 දී නෝත්රොප් ගෘමන් නම් මිලිටරි ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගම ද එකතු කරගැනීමට කටයුතු කරන අතර, ඒ ඔස්සේ ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශයේ මිලිටරි මිල දී ගැනීම්වලින් 25% ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට ඔවුන් විසින් කටයුතු කරනවා.
F-35 Lightning II
2001 දී මෙම සමාගම විසින් F-35 Lightning II ප්‍රහාරක ගුවන් යානය ඇමෙරිකානු ගුවන් හමුදාව සඳහා සැපයීමට පෙන්ටගනයෙන් අනුමැතිය ලබාගන්නවා. ඒ තුළින් සැලකිය යුතු අදායමක් උපයා ගැනීමට සමාගමට හැකි වන අතර යානා 3000ක් පමණ නිපදවනවා. 2014 වසරෙන් පසුව දකුණු කොරියාව වෙත මෙම ප්‍රහාරක යානා නිෂ්පාදනය කර දීමට ද ලොක්හීඩ් මාර්ටින් ආයතනය එකඟ වෙනවා.
2006 දී ආර්ථික අතින් ප්‍රබල තත්ත්වයකට පත්වෙන ලොක්හීඩ් මාර්ටින්හි සේවක පිරිස 100,000 සිට 130,000 දක්වා වර්ධනය වෙනවා. 2006 වසරෙන් පසු නාසා ආයතනයේ අභ්‍යවකාශ වැඩසටහන් බොහෝ ප්‍රමාණයකට තම සේවා සැපයීම සිදු කරනවා.
Himars - Lockheed Martin
2015 දී ඔවුන් විසින් සිකොස්කි නම් ගුවන් යානා නිෂ්පාදන සමාගම මිල දී ගන්නවා. 2015 දී ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක යානා පැදවීම සඳහා ගුවන් නියමුවන් පුහුණු කරවීමේ ගිවිසුමකට ඕස්ට්‍රේලියානු රජය හා අත්සන් තැබීම සිදුවෙනවා. 2006 වසරේ කැනඩාව සමග ද, 2017 දී සෞදි අරාබිය සමග ද මිලිටරි සැපයීම පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීම ලොක්හීඩ් මාර්ටින් ආයතනය විසින් සිදු කරනවා.
වර්තමානය
මේ වන විට ලෝකය පුරා විවිධ රටවල විවිධ වර්ගයේ ආයතන සමග එක්වෙමින් තම ප්‍රධාන අරමුණු වන මිලිටරි හා අභ්‍යවකාශ ක්ෂේත්‍රය ආශ්‍රිත නිපදවීම් සිදු කරනවා.

Last edited: