යුනිට් ඉන්ජෙක්ටර්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යුනිට් ඉන්ජෙක්ටර්



    යුනිට් ඉන්ජෙක්ටර්

    යුනිට් ඉන්ජෙක්ටර් කියන්නේ ඩීසල් සෘජු විදුම් එන්ජින් වල ඩීසල් විදුම් සඳහා භාවිතා කරන ඉන්ජෙක්ටර් වර්ගයක්.

    වර්ෂ 1911 දී බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරැවෙක් වන Frederick Lamplough විසින් තමයි මේ යුනිට් ඩීසල් ඉන්ජෙක්ටරය මුලින්ම නිර්මාණය කරලා ඒ‌ සඳහා පේන්ටඩ් බලපත්‍රය ලබාගෙන තියෙන්නේ.1930 දී ඇ‌මෙරිකානු දුම්රිය,බෝට්ටු සහ නාවික සබ්මැරීන් සඳහා වාණිජ වශයෙන් යුනිට් ඉන්ජෙක්ටර් භාවිතා කිරීම අරම්භකරලා තියෙන තර 1934 දී Arthur Fielden විසින් ඇ‌මෙරිකානු යුනිට් ඉන්ජෙක්ටර් නිර්මාණය සඳහා ඇ‌මෙරිකානු පේන්ටඩ් බලපත්‍රය ලබාගෙන තියෙනවා.1985 දී ඇ‌මෙරිකාවේ ජෙනරල් මෝටර් රථ සමාගම විසින් පලමු ඉලෙක්ට්‍රොනික් යුනිට් ඉන්ජෙක්ටරය හඳුන්වා දීමෙන් පසු 1987 දී අනෙක් නිෂ්පාදකයන් විසින් ද යුනිට් ඉන්ජෙක්ටර් හඳුන්වාදීම ආ‌රම්භ කරලා තියෙනවා.අද යුනිට් ඉන්ජෙක්ටර් නිෂ්පාදකයින් අතරින් Robert Bosch GmbH,CAT,Cummins,Delphi,Detroit Diesel,Electro-Motive Diesel ප්‍රධාන තැනක් ගන්නවා.

    මේ යුනිට් ඉන්ජෙක්ටර් එක පම්ප් එකක් සහ නොසල් එකක් සහිතව තනි ඒ‌කකයක් ලෙස නිර්මාණය කරලා තියෙනවා.කෙලින්ම සිලින්ඩර් හෙඩ් එකට සවිකරන යුනිට් ඉන්ජෙක්ටර් වල පම්ප් ප්ලන්ජර් එක ක්‍රියාකරවීම එන්ජින් කෑම් ශාෆ්ට් එක මගින් සිදුකරනවා.මේ යුනිට් ඉන්ජෙක්ටර් ඩීසල් වලින්ම ලුබ්රිකේට්වීම සහ කූල් වීම සිදුවෙනවා.එක් එක් සිලින්ඩර් සඳහා ඇ‌ති යුනිට් ඉන්ජෙක්ටර් වල වෙන වෙනම තනි සිලින්ඩර් පම්ප් එකක් සහිත පම්ප් එලිමන්ට් එකක් සහ ඉලෙක්ට්‍රොනික් කොන්ට්‍රෝල් සොලනොයිඩ් වෑල් එකක් තියෙනවා.ඉන්ධන සැපයුම් පොම්පය මගින් සිලින්ඩර් හෙඩ් එක ඇ‌තුලතින් විශේෂයෙන් සකස් කරන ලද ඉන්ධන මාර්ගයක් හරහා ඩීසල් ඉන්ධන ඉන්ජෙක්ටර් වලට සපයනු ලබනවා.මේ යුනිට් ඉන්ජෙක්ටර් වල අඩු පීඩන පද්ධතිය බාර් 500 දක්වා සහ අධි පීඩන පද්ධතිය මගින් උපරිම බාර් 2200 දක්වා ඉන්ධන විදුම් පීඩනයක් ලබාදෙනවා.

    යුනිට් ඉන්ජෙක්ටරයේ මූලික ක්‍රියාකාරිත්වයේ අනුපිලිවෙල අනුව පිරවුම් අදියර,කාන්දු අදියර,විදුම් අදියර සහ පීඩනය අඩු කිරීමේ අදියර ලෙස වෙන වෙනම අදියර හතරකට බෙදා දක්වන්න පුලුවන්.

    අඩු පීඩන ඩීසල් සැපයුම් පොම්පය මගින් ෆිල්ටර් කරන ලද ඩීසල්,සිලින්ඩර් හෙඩ් එක ඇ‌තුලින් සකස් කරලා තියෙන ඉන්ධන සැපයුම් මාර්ගය හරහා ඉන්ජෙක්ටර් පිරවුම් සිදුර මගින් ඉන්ජෙක්ටර් පිරවුම් සිදුර වෙත ලබාදෙනවා.

    පිරවුම් පහරේ දී;

    ඉන්ජෙක්ටරයේ තියෙන පොම්ප එලිමන්ට් එක ඉහලට ගමන් කරනවිට සිලින්ඩර් හෙඩ් එක ඇ‌තුලින් තියෙන ඉන්ධන මාර්ගය හරහා ඩීසල් ඉන්ජෙක්ටර් පිරවුම් සිදුර හරහා පිරවුම් කුටීරය තුලට ඇ‌ද ගන්නවා.

    කාන්දු අදියරේ දී;

    පොම්ප එලිමන්ට් එක පහලට ගමන් කරන විට ඉන්ධන මාර්ගය ඇ‌රිලා ඉන්ධන පිටවුම් මාර්ගය දිගේ ආ‌පසු ගමන් කිරීමට සලස්වනවා.

    ** පිරවුම් සහ කාන්දු අදියර වල් තුලදී ඉලෙක්ට්‍රික් සොලනොයිඩ් වෑල් එක බලගැන්වෙන්නේ නැහැ.

    විදුම් අදියරේ දී;

    පොම්ප එලිමන්ට් එක තවමත් පහලට ගමන් කරමින් පවතින අතර එම අවස්ථාවේ දී එන්ජින් පාලන ඒ‌කකය(ECU)මගින් ඉලෙක්ට්‍රික් සොලනොයිඩ් වෑල් එක බලගැන්වෙන අතර ඒ‌‌ සමගම ඉන්ධන කාන්දු මාර්ගය වසා දමානවා.මේ නිසා ඉන්ධන කන්දු මාර්ගයට තුලට ආ‌පසු ගලා යාම වලක්වන අතර විශේෂ ක්‍රියාත්මක පීඩනය දක්වා ලඟාවෙන තුර පොම්ප එලිමන්ට් එක තවදුරටත් පහලට ගමන් කරන අතර අවශ්‍ය විශේෂ පීඩනය වෙත ලඟ වූ පසු ඉන්ජෙක්ටර් නොසල් නීඩල් එක ඉහලට එසවෙලා ඩීසල් ඉන්ධන දහන කුටීරය තුලට අධි පීඩනයකින් විදීම සිදුකරනවා.

    පීඩනය අඩුකිරීමේ අදියරේ දී;

    පොම්ප එලමන්ට් එක තවදුරටත් පහලට ගමන් කරන අතර අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන විදීම අවසන් කල පසු එන්ජින් කොන්ට්‍රෝල් යුනට් එක මගින් සොලනොයිඩ් වෑල් බලගැන්වීම අවසන් කරන අතර ඉන්ධන කාන්දු වෑල් එක ඇ‌රිලා ඉතිරි ඩීසල් කාන්දු මාර්ගය තුලට යැවීම සිදුකරනවා.
    මේ නිසා සිදුවෙන ඉන්ධන පීඩනය පහත වැටීම හේතුවෙන් ඉන්ජෙක්ටර් නොසල් නීඩල් එක පහලට ගමන් කරලා නොසල් තුඩ වසා දැමීම නිසා තවදුරටත් ඉන්ධන විදීම අවසන් කරනවා.

    ඉන්ධන විදීම් ආ‌රම්භවීම සොලනොයිඩ් වෑල්ව එක වැසෙන අවස්ථාව මත ද විදිනු ලබන ඉන්ධන ප්‍රමාණය සොලනොයිඩ් වෑල්වය වැසීමට ඉතරිව තියෙන කාලය අනුව ද තීරණය වෙනවා.මේ සොලනොයිඩ් වෑල්වයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම
    එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් පාලනය කරනු ලබනවා.

    යුනිට් ඉන්ජෙක්ටර් වල වාසි:

    • එන්ජින් සඳහා පිරිසිදු හා බලවත් ඉහළ කාර්‍ය්‍යය සාධනයක් ලබාදීම.

    • අඩු ඉන්ධන පරිභෝජනය සහ අඩු වායු විමෝචනය.

    • සංයුක්ත නිර්මාණය නිසා ඉහල කාර්‍ය්‍යයක්ෂමතාව.

    • එන්ජිමට ඍජු එකලස් ලෙස සවිකර් ඇ‌ති නිසා ශබ්ද අඩු වීම.

    • පරිපූර්ණ ඉන්ධන/වායු සංයෝග සඳහා බාර් 2200 දක්වා උපරිම ඉන්ධන විදුම් පීඩනයක් ලාදීම.

    • අඩු වේග වලදී ද ඉහල එන්ජින් ව්‍යාවර්ථයක් ලබාදීම.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    22/02/2017
     
    • Like
    Reactions: EvilEye

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලෑන්ඩ්මාස්ටර් එන්ජින් වල තියෙන්නේ ඕක තමයි. ඔකේ තව unit pump කියල ජාතියකුත් තියෙනවා. common rail වල ආරම්භය තමයි ඕක.