යුනෙස්කෝවේ විධායක මණ්ඩලයට අඛිල විරාජ්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    යුනෙස්කෝවේ විධායක මණ්ඩලයට අඛිල විරාජ්

    යුනෙස්කෝවේ විධායක මණ්ඩලයට අඛිල විරාජ් අති බහුතර ඡන්දයකින් පත්වේ

    akila_vilaj_unesco.jpg


    එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වූ සුප්‍රකට යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලය සඳහා ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා බහුතර ඡන්දයෙන් තේරී පත් වී තිබේ. කාරියවසම් මහතා ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් තේරීපත් වී ඇති අතර ඔහු වෙනුවෙන් ලෝකයේ ඡන්ද හිමි රටවල් 196 න් 149 ක් දෙනා ඡන්දය දී තිබීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙහි ලබා ඇති ජයග්‍රහණය කොතරම් දැයි සිතා ගත හැකිය.

    ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ දී පසුගිය 11 වෙනිදා 38 වන යුනෙස්කෝ මහසමුළුවේ විධායක මණ්ඩලය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අඛිල විරාජ් මෙම තරඟයට අවතීර්ණ විය. මෙම තනතුර වසර 4 ක් සඳහා බලපැවැත්වෙන අතර පත් වූ සෙසු විධායක මණ්ඩල සාමාජිකයන් අතර ලා බාලයා අඛිල විරාජ් විය.

    යුනෙස්කෝ සාමාජික රටවල් 196 ක් අතරින් ඡන්ද 149 ක් තරම් ඉහළ ඡන්ද ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබා ගැනීමට සමත් වීම 1968 වසරේ සිට අද දක්වා ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව මෙම තනතුර සඳහා ලබාගත් ඉහළම ඡන්ද ප‍්‍රමාණය වීම සැලකිය යුතුය. මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විශාල කාර්ය භාරයක් ඉටු කළේය.

    යුනෙස්කෝ විධායක සභාවේ ශී‍්‍ර ලංකාවට නියෝජනය ලැබීමෙන් අත්වන ප‍්‍රයෝජන අතිමහත්ය.

    ඒ අතරින්, විදේශ ණය බැඳීම්වලින් තොර හුදෙක් ආධාර ලෙස පමණක් වන අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් සඳහා ව්‍යාපෘති ලබාගැනීමේ හැකියාව, අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික අංශ සඳහා වරින්වර සැලසුම් කොට කි‍්‍රයාත්මක කරනු ලබන ජාත්‍යන්තර පුහුණුවීම් වලට අවස්ථාව ලබාදීම හා ශී‍්‍ර ලංකාව වැනි රටක් උසස් අන්දමින් හඳුනා ගැනීමෙන් හා පිළිගැනීමෙන් ලැබෙන ජාත්‍යන්තර ගෞරවය ආදිය ඉතා වැදගත් වේ.


    LEN