යුරෝපා ගවේෂණයට සැරසෙන රොබෝ ආඳා

DarK HerO

Member
Apr 22, 2013
444
99
0
-අඳුරේ-
යුරෝපා ගවේෂණයට සැරසෙන රොබෝ ආඳා

යුරෝපා ගවේෂණයට සැරසෙන රොබෝ ආඳා

600px-Europa-moon.jpg


යුරෝපා යනු 1610දී ගැලීලියෝ ගැලලි සිය දුරේක්ශය මගින් නිරීක්ශණය කොට සොයාගත් බ්‍රහස්පතී ග්‍රහයාගේ විශාල චන්ද්‍රයෙකි. සෞරග්‍රහමණ්ඩලයේ චන්ද්‍රයන් අතරින් සයවැනි විශාලම චන්ද්‍රයා වන යුරෝපා සිලිකේට් පාශාණවලින් සැදුම්ලත්, පෘශ්ඨය අයිස් වලින් වැසුනු ග්‍රහයෙකි. ඉතා තුනී වායුගෝලය අණුක ඔක්සිජන් වලින් සමන්විත වන අතර එහි අයිස් පෘශ්ඨයේ ඇති සුමට බවත්, ආවාට රහිතවීමත් නිසා, එම අයිස් තට්ටුව යටින් ජලය සහිත සාගරයක් ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරති. මෙම සාගරය ජලයෙන් සැදුම්ලත් බවට ඇති විද්‍යාත්මක සාක්ශි නිසා, සෞරග්‍රමණ්ඩලයේ ජීවය පැවැතිය හැකියයි විශ්වාස කරන ග්‍රහලෝක අතරින් ප්‍රධාන තැනක් යුරෝපා ග්‍රහයාට හිමිවේ.

දැනට නාසා ආයතනය සැළසුම් කරමින් තිබෙන ආකාරයට යුරෝපා චන්ද්‍රයාගේ ජීවය ඇතිදැයි සොයාබැලීමට අදියර කිහිපයකින් යුතු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත්කල යුතුවේ. ප්‍රථම පියවර වන්නේ යුරෝපා මතට න්‍යශ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන විශාල මව් යානයක් ගොඩ බැස්වීමයි. හිරුගෙන් ඉතා ඈතින් පිහිට ඇති බැවින් යුරෝපා චන්ද්‍රයා මතට වැටෙන සූර්යාලෝකය ඉතා මදවීම හේතුවෙන් සූර්යකෝශ මගින් බලය ලබාගැනීම ඉතා අපහසු බව පැවසේ. එබැවින් යුරෝපා මත ගොඩබසින යානයක් න්‍යශ්ඨික බලයෙන් දීර්ඝකාලයක් ක්‍රියාත්මකවිය හැකි විශාල න්‍යශ්ඨික ප්‍රතික්‍රියාකාරයක් සහිත යානයක් විය යුතුය.

මෙම මව් යානය, යුරෝපා මත ගමන්කල හැකි රෝවරයක් හෝ ඊට සමාන ප්‍රවාහන යානයක් ගෙන යායුතු අතර එය යුරෝපා අයිස් තට්ටුව මත ගමන්කරමින්, අයිස් තට්ටුවේ පැලුම් ඇති ස්ථාන සොයා බලනු ඇත. එම පැලුම් අතරින් යුරෝපා සාගරය තුලට රොබෝ ආඳන් මුදා හැරීම මෙහෙයුමේ ප්‍රධාන තාක්ශණික අභියෝගයයි. සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 160 දරුණු ශීතලක් යුරෝපා මත පවතින බවට ගණන්බලා ඇති අතර මෙවැනි දැඩි ශීතල කාළගුණයක වසර කිහිපයක් දෝශ රහිතව ක්‍රියාත්මක විය හැකි යන්ත්‍ර නිපැදවීම අති විශාල තාක්ශණික ගැටලු මතුකොට ඇත.


PIA17043_ip.jpg

යුරෝපා අයිස් පෘෂ්ඨය නාසා ග්‍රැෆික් නිර්මාණයකට අනුව

රොබෝ ආඳා


යුරෝපාගේ අයිස් තට්ටුව යටැති සාගරය ගවේශණය සඳහා කෝනෙල් සරසවිය ආඳෙකුගේ හැඩය හා පිහිණුම් රටාව ඇති රෝබෝ යන්ත්‍රයක් පිලිබඳ යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයට නාසා ආයතනය මගින් ඩොලර් 100,000ක් ප්‍රදානයක් ලබාදී ඇත. එම පර්යේෂණවල සාර්ථකත්වය මත තවත් මුදල් ප්‍රදාන ලබාදෙනු ඇත.


සම මෙන් ඇදෙන, සුනම්‍ය පොලිමර් සිරුරකින් සමන්විත වන මෙම රොබෝ ආඳාගේ පිටත පෘශ්ඨයේ ආලෝකය විහිදුවන ලුමිනස් රසායණිකයක් ආලේප කිරීමට බලාපොරොත්තුවන අතර මෙම ආලෝකය මගින් රොබෝවාගේ කැමරාවලට අවට පරිසරය ඡායාරූපකරණය කල හැකියයි බලාපොරොත්තු වේ.එපමණක් නොව, එම රොබෝවාට බලය ලබාගැනීමට බලාපොරොත්තුවන්නේ යුරෝපාගේ චුම්බක ක්ශේස්ත්‍රය ආධාරයෙනි. බලය ජනනය කිරීමට බැටරි හෝ වෙනත් ජනන උපක්‍රමයක් රැගෙන යාමේ අපහසුව නිසා මෙවැනි නව ආකාරයකට බලය ලබාගැනිමේ ආකාරයන් යෝජනා වී ඇත.

උපුටා ගැනීම
http://vidya-gaweshana.blogspot.com/2015/05/blog-post_14.html
 

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    පට්ට බන් මම අසම subject එකක්. 6+ ආතර් c ක්ලාර්ක් කියල තියෙන විදිහට ඔකේ ජීවියෝ ඉන්නවා.​
     
    • Like
    Reactions: DarK HerO

    Similar threads