යූතනේසියාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    යූතනේසියාව

    යූතනේසියාව

    b2ed511460398be5bbbcf8c0ce7a9d00_1520886040-b.jpg

    මීගමුව රෝහලේදී මා හඳුනා ගත් එක් වෛද්‍යවරයෙක් සිටියේය​. ඔහු සේවය කලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ති මාලා මහත්මියගේ වාට්ටුවේය​. වෛද්‍ය ශාන්ති මාලා මහත්මිය සහ ඇයගේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරිනිය වාට්ටුවේ පොඩි පොඩි සාද තිබෙන විට මටද ආරාධනා කරති. වෛද්‍ය ශාන්ති මාලා මියට ප්‍රථම සිටි ළමා රෝග විශේෂඥ වින්සන්ට් පෙරේරා මහතාද මා සමග කුළුපගව සිටි හෙයින් ළමා වාට්ටුව මට සුපුරුදු ස්ථානයක් විය​. එම නිසා මේ වාට්ටුවේ සිටි වෛද්‍යවරු සහ හෙදියෝ මා සමග මිතුරු වූහ

    මෙම වෛද්‍යවරයා ඉන්ටර්න්වරයෙකු ලෙස ළමා වාට්ටුවට ආවේය​. ඔහු ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබූ නිසාදෝ අප අතර සුහදතාව වර්ධනය විය​. අප සේවා මුරයෙන් පසු නිතර හමු වූයෙමු. යම් කාලයක් ගතව පසු ඔහු මට යම් රහසක් නිරාවරණය කලේය​. මෙය ඇසූ මගේ සියොලඟ සලිත විය​. ඔහු කියූ පරිදි ඔහු විසින් උපතේදී බරපතල විකලතාවන් තිබෙන බිළිඳුන් කිහිප දෙනෙකු ඔක්සිජන් සැපයුම නවතා ඔවුන් මරණයට පත් කොට තිබේ. මෙය ඉතා බරපතල ක්‍රියාවක් බව මම ඔහුට කීවෙමි. එහෙත් ඔහු මා සමග තර්ක කලේ මෙමගින් දෙමාපියන්ට මෙන්ම සමාජයට මතු වන අනවශ්‍ය බර ඉවත් කිරීම මගින් ඔහු කලේ සමාජ සේවයක් බවයි. කෙසේ නමුත් ඒ කාලයේ ජීවිතය පිලිබඳව මම ගැඹුරින් කියවා සිටියේ නැත​. එහෙත් මෙම ක්‍රියාව වැරදි බව මගේ හදවත කීවේය​. එම නිසා මෙම ක්‍රියාවේ වැරැද්ද මෙන්ම වෛද්‍යවරුන් ලෙස අපට ජීවයක් නසන්නට නොහැකි බව මම පුන පුනා කීවෙමි. නමුත් ඔහු මගේ තර්කය බිඳ හෙලමින් මවකගේ ජීවිතයට හාණි විය හැකි අවස්ථාවකදී වෛද්‍යවරයා කළළය ගබ්සා කරන බව කීවේය​. එසේම උපත් සංකූලතා නිසා ඇවිදගත නොහැකි උග්‍ර කායික මානසික පසුබෑම් වලට ලක්ව සිටින බිලිඳෙකු නිසා දෙමාපියන් අත් විඳින පීඩනය ගැන කීවේය​. මෙවැනි බිලිඳුන් නිසා සෞඛ්‍යය සේවාවන් දරණ අනවශ්‍ය වියදම් ගැන කීවේය​. ඔහු තදින්ම තම මතයේ සිටිමින් තමා කරන්නේ සමාජ සේවාවක් බව කීවේය​. අවසානයේදී මෙම වාදය අපගේ මිතුදම පළුදු කිරීම දක්වා දුර දිග ගියේය​. පසු කාලයක් ඔහු මට නොදන්වා විදේශ ගත විය​. ඉන් පසු ඔහු මට ලිපියක්වත් නොඑවීය​. ඔහු මගෙන් දුරස්ව ගියේය​.

    කෙසේ නමුත් පසු කාලයක මම ඔහුගේ ක්‍රියාව විශලේෂණය කොට බැලුවෙමි. මේ කාලයේදී කැනඩාවේ සෙනෙකා පාසලේ කිං කැම්පස් හි යූතනේසියාව හෙවත් අනායාස මරණය පිලිබඳ සිසුන් ඉදිරියේ දේශනයක් කිරිමට මට අවකාශ ලැබුනි. මේ නිසා මම වඩ වඩාත් ගැඹුරින් අනායාස මරණය පිලිබඳව කියවූයෙමි. මෑත ඉතිහාසයේ උපත් සංකූලතා තිබෙන බිලිඳුන් ඝාතනය කිරීම බහුලව සිදු කරන ලද්දේ නට්සි ජර්මනිය විසිනි. ඔවුන් බිලිඳුන් පමණක් නොව ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු ළමුන් පවා මරා දැමූහ​. එසේම ශාරීරික ආබාධිත තිබූ ළමුන් ද මරා දැමූහ​. නට්සීන් ගේ මෙම ඝාතන ක්‍රියාවලිය කරන ලද්දේ ජර්මානු වෛද්‍යවරයෙකු වූ වික්ටර් බ්‍රැක් විසිනි. නට්සීන් යුද්දයෙන් පරාජය වීමෙන් පසුව වෛද්‍ය වික්ට බ්‍රැක්ට එදිරිව නඩු විභාගයක් පවත්වනු ලැබීය​. නඩුවේදී වෛද්‍ය වික්ට බ්‍රැක් ප්‍රකාශ කලේ තමන් විසින් සිදු කලේ දෙමාපියන්ට මෙන්ම සමාජයටද සේවයක් බවයි.

    වෛද්‍යවරයෙකුට උපත් සංකූලතා තිබෙන බිලිඳෙකු දෙමාපියන්ට හෝ සමාජයට බරක් යැයි කියා ඝාතනය කල හැකිද ? මගේ අදහස නම් වෛද්‍යවරයාට ඒ සඳහා නෛතික මෙන්ම සදාචාරාත්මක හැකියාවක් නැති බවය​. ​සමහර විට දෙමාපියන්ටද එවැනි ළමුන් බරකි. එහෙත් එවැනි ආබාධිත ළමුන්ටද ජීවත් වීමේ අයිතියක් තිබේ.

    1995 වසරේ ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කල කාලයේදී ගම්බද තරුණ යුවලක් විසින් ඔවුන් ගේ අවුරුද්දක් පමණ වයසැති එකම දැරිය මවෙත ගෙන එන ලදි. මෙම කුඩා ළමයා හයිඩ්‍රෝකෙෆල්ස් තත්වයෙන් හෙවත් මෂ්තිෂ්කයේ මස්තිෂ්ක සුෂම්නා තරලය අධික ලෙසින් එකතු වීමේ සංකූලතාවයෙන් පෙළුනාය​. මේ නිසා මතු වන අධි පීඩනය නිසා ඇයගේ හිස් කබල කල ගෙඩියක් මෙන් විශාලව තිබුනාය​. දෙමාපියන් දරුවා ගේ හිස තුවායකින් වසාගෙන ආවෝය​.

    ළමයාගේ තත්වය නිසා ඔවුන් ආර්ථිකව මෙන්ම සමාජීය වශයෙන් පීඩා විඳින බව පෙනෙන්නට තිබුනේය​. මෙම ළදරුවාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව වෙද නලාව තිබූ විගස මට ප්‍රත්‍යක්‍ෂ විය​. ළදරුවාව වහාම මහ නුවර රෝහලට ගෙන යා යුතු බව මම කීවෙමි. එහෙත් පියා ඊට දැක්වූයේ උකටලී ප්‍රතිචාරයකි. සමහරක් විට පෙනහළු ආසාදනය වැඩිවී ආබාධිත ළදරුවා ගේ මරණය ඔහු රහසින් අපේක්‍ෂා කලා විය හැක​. මම වෙද නලාව බිළිඳිය ගේ පපු ප්‍රදේශය මත තබත්ම ඇය විශාල හිස හරවා මදෙස බලා සුරතල් ස්වරයක් නිකුත් කලාය​. දෙමාපියන් මෙන්ම සමාජය විසින් ප්‍රත්ක්ශේප කරන මේ ආබාධිත ශරීරය තුල අහිංසක බිලිඳෙකු සිටින බව මට වැටහිනි. මම මට හැකි පරිදි බිළිඳියට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය බව දෙමාපියන් සමග කීවෙමි. එහෙත් ඔවුන් ප්‍රතිචාරයක් නොදක්වා යන්නට ගියහ​. ඉන් පසු මේ බිළිඳියට කුමක් වූයේද කියා මා නොදත්තෙමි.

    වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ අනායාස මරණයට එරෙහිව සටන් කල කැනේඩියානු වෛද්‍යවරයෙකි. ඔහු ජීවත් වූයේ කුබෙක් ප්‍රාන්තයේය​. මට වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ හමු වීමේ අවශ්‍යතාවක් තිබුනේය. මම මොන්ට්‍රියොල් වෙත කිහිප වතාවක් ගියද මට වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ හමුවීම අතපසු විය​. ඔහු 2012 වසරේදී මිය ගියේය​. වෛද්‍ය ඇන්ඩ්‍රේ බොර්කියූ කියූ පරිදි වෛද්‍යවරුන් විසින් නැසිය යුත්තේ රෝගය මිස රෝගියා නොවේ.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    http://transyl2014.blogspot.com/2018/05/blog-post_17.html
     
    • Like
    Reactions: Vandetta

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    වෛද්‍යවරුන් විසින් නැසිය යුත්තේ රෝගය මිස රෝගියා නොවේ
     
    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa

    Good one
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    මම දන්න පවුලක් ඉන්නවා පුතා අර ඔටිසම් වගේ ඒ මිනිස්සු මානසිකව මාර දුකක් විදින්නේ ගොඩක් සල්ලි තියනවා ඒත් කරන්ඩ දෙයක් නැ
    ඇත්තටම ඒ මිනිස්සු ඒ ළමයා උපතේදී මරුනනම් හොදයි කියලා හිතනව ඇති
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ පෙරටම !!!
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    නව ජනපති මෛත්‍රීපාල මැතිතුමා බලයට ගෙන ඒමට Elakiriයේ දැවැන්ත ලෙස හඩ නැගූ ඒ සොයුරන් ආදරයෙන් සිහිපත් කරමු !
    ඔබගේ මතකයේ රැදි එවන් සොයුරන්ගේ නම් පහල කොටා යන්න...

    ස්තූතියි ඔබට...
    මෛත්‍රී පාලනයක් සමඟ පෙරටම !!!

    Thanks අපිව මතක් කරාට
    ඔව් ගං කබර පවුල ගෙදර යැව්වේ අපි තමයි