යූ ටියුබ් එක ගැන තොරතුරු ටිකක්

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යූ ටියුබ් එක ගැන තොරතුරු ටිකක්

    images-stories-youtube_logo%201-300x174.png
    අන්තර් ජාල වීඩියෝ කලාවේ පෙරළියක් ඇති කළ You Tube සමාගම 2005 වර්ෂයේදී Paypal සමාගමේ සේවකයින් තිදෙනෙකු විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවියකි.මෙහි මූලස්ථානය කැලිෆෝනියාවේ සෑන් බෲනෝ (Sand Bruno) හි පිහිටා ඇත . මෙම වෙබ් අඩවියේ විශේෂත්වය නම් ඕනෑම පුද්ගලයෙකුට එම වෙබ් අඩවියට වීඩියෝ එකතු කිරීමට ඇති හැකියාවයි.
    එමෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඇතැම් වීඩියෝ දර්ශන නැරඹීම සඳහා අදාල පුද්ගලයාගේ ඊ මේල් ලිපිනය ලබාදී වයස තහවුරු කිරීම අවශ්‍ය වේ. 2006 වර්ෂයේ නොවැම්බර් මාසයේදී Google සමාගම විසින් මෙම You Tube සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට මිළදී ගන්නා ලදී. දැනට එය Google සමාගමේ අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.
    You Tube වෙබ් අඩෙවි නිර්මාතෘවරුන් පවසන අන්දමට මෙම වෙබ් අඩෙවිය නිමාණයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයකදීගත් වීඩියෝ දර්ශනයක් අන්තර් ජාලයට එක් කිරීමට නොහැකි වීමයි. එයට විසඳුමක් ලෙස Paypal සේවකයින් දෙදෙනෙකු මෙම වෙබ් අඩවිය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කර ඇත.
    You Tube වෙබ් අඩවියට මුලින්ම ඇතුළත් කළ වීඩියෝ පටය වන්නේ Me at the zoo යන ආරම්භක නිර්මාතෘවරුන්ගෙන් එක් අයෙකු වන ජාවට් කරීම්(Jawed Karim) සෑන් ඩියර් ද සූ (sand dear go ) සත්ව උද්‍යානයේදී රූපගත කරන ලද දර්ශනයකි. 2005 අප්‍රේල් 23 වනදා නිකුත් කළ මෙය අදටත් You Tube වෙබ් අඩවියේ දැකිය හැක.

    Code:
    www.asianmirror.lk

    [/RIGHT]
     
    Last edited by a moderator: