යෙහාලි සහ පාස්ටර්
පෞද්ගලිකව මම මූලධර්මවාදී විරෝධී උනත් අද ෆේස්බුක් එක පුරාම කතාවෙන යෙහාලි සංගක්කාරගෙ කතාව ගැන මේ දේ ලියන්න හිතුවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි එතනදි යෙහාලි හෝ අදාල පාස්ටර් සම්බන්ධව ශෙයා වෙන වීඩියෝ කොටස තුල වැරදි යැයි හැගෙන බරපතල යමක් නැති නිසයි.
අදාල පාස්ටර් යෙහාලිගෙන් අහනවා ක්‍රිස්තුන්වහන්සේ එක්ක යන ජීවිත ගමන සම්බන්ධව ඇයගේ අදසක්. ඇය කරන්නේ පාස්ටර් ඇසූ ප්‍රශ්නයට ඇගේ පවුල් ජීවිතය අදාල කරගෙන පිලිතුරු දීමයි.
එහෙනම් ඇයි සමහර පිරිස් මේ තරම් කලබල වෙලා අපහාසාත්මක පෝස්ට් තුලින් කිතුනු විශ්වාසයන් විවේචනය කරන්නේ කියලා සිතාබැලිය යුතු නොවේද
ඇය පවසන පරිදි ඇය සාම්ප්‍රදායික කිතුනු නිකායකට සම්බන්ධව සිට පසුව බෝර්න් අගේන් නම් කණ්ඩායමක කිතුනුවෙකු බව පවසයි. කාදිනල්තුමා මින් පෙර මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ පැවසූ ලෙස කතෝලික සභාව බෝර්න් අගේන් කණ්ඩායම් සමග සම්බන්ධයක් නොපවතී. නමුත් අපගේ සම්බන්ධය ජේසුස්වහන්සේ සමගත් දෙවියන්වහන්සේ සමගත් පවතී. ශුද්ධවු ත්‍රිත්වය තුල අපට යම් ඒකත්වයක් පවතී.
යෙහාලි තව තැනක කියනවා ඇයව ඇගේ අම්මගෙ කුසට දැම්මෙ ජේසුස්වහන්සේ කියලා . සමහරක් අපහාසාත්මක කල්ලි මේ වචනය පිලිකුල්සහගත අර්ථකතන ලබාදීම ඔවුන්ගේ ජන්මයේ ඇති අඩුවක් විය හැකියි. ඇත්තෙන්ම යෙහාලි මෙතැනදී කියන්නට උත්සහ කල දෙයනම් කිතුනුවන් ලෙස අප විශ්වාස කරන විශ්වාසයක් පිලිබදවයි.
ඒ තමයි මැවුම්වාදය විශ්වාස කරන පිරිසක් ලෙස මැවුම්කරුවාණන් අපේ ජීවිත තුල උපතටත් පෙර සිට මෙන්ම මරණයට පසුත් දක්වා යම් සැලසුම් සැලසුම් කර පවතී. ඒ සැලසුම අනුව ඇගේ ජීවිතය උන්වහන්සේ සැලසුම් කර ඇති බව අන්‍යාකාරයකින් පැවසීමට උත්සාහ දැරීමට යෙහාලි මේ ප්‍රකාශය ඔස්සේ උත්සාහ දරයි.
ඇය දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගසා යාච්ඤා කිරීම නම් ඇත්තෙන්ම විශිෂ්ටයි . කිතුනුවා ශක්තිමත් වන්නේ යාච්ඤාවය තුලයි. මැවුම්කරුවාණන් සමග අප පවත්වන සම්බන්ධතාවය යාච්ඤාව ලෙස සරලව අර්ථකතනය කල හැකියි. ඉතින් ඇය ක්‍රිකට් විතරක් නෙවේ ඇගේ පවුල් ජීවිතයේ බොහෝ අවස්ථාවන් සදහා ඈ යාච්ඤා කල ආකාරය පවසනවා. සමස්ත කිතුනු සමාජය සේම ඇයද කරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියේ දණින් වැටී යැදීමයි. ඒ වගේම දෙවි කෙනෙක් ඉන්නවා කියන දෙයටත් ඇය හරි ලස්සන පිලිතුරක් දෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට්
යෙහාලි කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා ඇගේ ආගමික විශ්වාසයක් ඇතුල් කිරීමට ඒ වීඩියෝව පුරාම උත්සාහ දරනු අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නෙ ? යෙහාලි පිලිතුර දෙන්නෙ පාස්ටර් අහපු ප්රශ්නයටයි. එතනදි ඇය කතාව තුල ගලායන අතර මග එක් සංධිස්ථානයක් ලෙස ඇගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය තුල මොහොතක් නතර වෙනවා.
යෙහාලි කොහිම තැනකවත් ක්‍රිකට් කණ්ඩායමක් ගැන කතා කරන්නේ නෑ. දෙවියන්වහන්සේ ඉදිරියේ දණගසා ස්වාමිපුරුෂයා වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් යාච්ඤා කිරීම කිතුනු බිරිදකගේ අයිතිවාසිකමක් සහ වගකීමකි. ඈ කතාව තුල කතා කරන්නේ ඇගේ ස්වාමිපුරුෂයා ගැනයි.
සාරාංශය
ඇතැම් අන්තවාදී කල්ලි මෙතරම් කුපිත වී සිටින්නේ ඇයිදැයි නොහැගේ. නිරීක්ෂණය වන පරිදි කරුණු තුනකි.
පලමුවැන්න නම් ඝෘජුව මැවුම්වාදය , දේවවාදය මෙන්ම ඔවුන්ගේ විශ්වාස පථයට ගෝචර නොවන සියල්ල මිත්‍යාව සේ සැලකීමේ අඥානතාවයයි.
දෙවැන්න නම් ශ්‍රී ලංකාවේ සුළු ජාතින් සහ ආගම් පහත්කොට සැලකීමේ ඇතැම් පිරිසකගේ න්‍යායයි.
තෙවැන්න නම් යෙහාලි නිරතවි සිටින අතැම් ක්ෂේත්රයන් පිලිබද ඇතැමුන්ට ඇති අකමැත්තයි.
ජෙරොම්ගේ සිදුවීම් තුල අපිද ඒවාට විරුද්ධ වූයේමු. ඒ එහි යම් වරදක් ඇති බව දන්න නිසවෙනි. නමුත් මේ අපහාසය කිතුනුවන්ගේ උතුම් විශ්වාසයන් සහ දෙවියන්වහන්සේ දක්වාම රැගෙන එමින් පවතී.
දෙවියන්වහන්සේ ගැන කතා කරන්න අපි බිය විය යුතු නෑ. කිතුනුවාට පීඩාව වරප්රසාදකි. දෙවියන්වහන්සේ තුල ඇදහිල්ලේ ගමනක් යන්නේ නම් යෙහාලි කියූ ලෙසම ගල් වදීවි. ඒත් අපි ඒවා මායිම් නොකර ඉමු. මුල් යුගයේ පීඩන සේම ක්‍රිස්තුන්වහන්සේගේ මහා කුරුස ගමන සිහි කරමු. උන්වහන්සේ විනිශ්චය කරයි. උන්වහන්සේ කුරුසිය මත සිටිමින් කී ලෙස ස්වාමිනී නොදැන කරන වරදට සමාව දුන මැනව.
කතෝලික සභාව ඇතුළු සභා ගණනාවක් ඔස්සේ ඇදහිලිවතුන් බිලියන ගණනක් අදහන දෙවියන්වහන්සේ මිත්‍යාවක් නොව සත්‍යයක්ම බව අපගේ ඇදහිල්ල සහ ක්‍රියාවෙන් පෙන්නම් කරමු. ❤❤
යෙහාලි වගේ දෙවියන්වහන්සේ ගැන කතා කරන්න පුළුවන් ආකල්පයක් අපිත් හදාගමු හදාගමු . උන්වහන්සේ ඉදිරියේ