යොවුන් පාර්ලිමේන්තුව කාගෙද? කාටද? මොකටද? ක#
ප්‍රජාතන්ත්‍රවාදී රටක කොඳුනාරටිය වන්නේ රටේ වැඩකරන ජනතාවයි. ඒ අතුරින් තරුණ පරම්පරාවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. රටක දියුණුවට, එහි පැවැත්මට, ආර්ථිකයට, සංවර්ධනයට, කීර්තිනාමයට තරුණයාගෙන් ඉටුවන්නේ අප්‍රමාණ සේවයකි. තරුණ ජවය යනු ගසට පොත්ත මෙනි.
මහජන මතයෙන් ජනතා සේවය සඳහා තේරිපත්වන මහජන නියෝජිතයන් දේශපාලඥයන් නම් වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාවෙන් වෙන්කර දී ඇති නිදහසෙන් ජනතා අයිතිවාසිකම්, ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම රට සංවර්ධනය කිරීම රටෙහි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලඥයාගේ වගකීමයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පවත්වා ගනිමින් ජනතාවගේ ජීවත තත්ත්යට සුඛිත මුදිත කිරීම සහ ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නිතැතින්ම ඔවුන්ට පැවරෙන්නේය. සමාජයේ ප්‍රජාතාන්ත්‍රීය රාමුවට තරුණ මනස අනුගත කිරීමට තරුණ කටයුතු අමාත්‍යාංශය හරහා සිදුවෙමින් පවති.
පසුගිය වසරේ අගෝස්තු 12 වැනිදායින් ආරම්භ වූ ලෝක තරුණ වර්ෂය සැමරීම altවෙනුවෙන් යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් අනුව එම අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සිදු කරන විශේෂ ව්‍යාපෘති දොළහෙන් එකක් ලෙස යොවුන් පාර්ලිමේන්තුව නමින් මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරිණි. මෙය ලොව රටවල් රැසක තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතියකි.
යොවුන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 332කුගෙන් සමන්විත වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක පිහිටි යෞවන සමාජ අතුරෙන් ගොඩනැගෙන ප්‍රාදේශීය බලමණ්ඩලයේ ඡන්දයෙන් අදාළ කොට්ඨාශය සඳහා යොවුන් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම සිදු විය. මේ සඳහා පසුගිය වසරේ නොවැම්බර් 01 සිට 10 දින දක්වා නාම යෝජනා කැඳවනු ලැබීය. නොවැම්බර් 11 සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ අතර නොවැම්බර් 24 රාත්‍රී 12 න් එම කාලය අවසන් විය. ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස 27 වැනිදා පෙරවරු 8.00 සිට පසුවරු 4.00 දක්වා දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලයන් තුළ පැවති මැතිවරණයෙන් යොවුන් මන්ත්‍රීවරුන් 332ක් යොවුන් පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය. ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම යොවුන් මැතිවරණයේ ප්‍රාදේශීය තේරීම්භාර නිළධාරීන් ලෙස කටයුතු කළ අතර යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා, ප්‍රධාන තේරීම්භාර නිළධාරීවරයා ලෙස කටයුතු කරන ලදී.
ඉදිරියේදි රැස්වීමට නියමිත යොවුන් පාර්ලිමේන්තුවේ පළමු කාර්යය ලෙස යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් කථානායකවරයා හා නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය. එමෙන්ම යොවුන් අගමැති, ප්‍රතිපක්‍ෂ නායක සහ සභානායක තෝරා ගැනීමද පළමු පාර්ලිමේන්තු සැසියේදි තෝරා ගැනීමට නියමිතය. අනතුරුව ආණ්ඩු පක්ෂය හා ප්‍රතිපක්ෂය වෙන්කිරීම සිදුකෙරේ. මෙහි ඇති විශේෂත්වය නම්, ජාතික පාර්ලිමේන්තුවේ මෙන් නොව යොවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂය විරුද්ධ පක්ෂය විපක්ෂය ලෙස නොව ප්‍රතිපක්ෂය ලෙස හදුන්වා තිබීමයි. කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා හැරුණු විට අනෙකු මන්ත්‍රීවරුන් 330 දෙනා අතරේ අංක 1 සහ 2 තුන්ඩු කෑලි අහඹු ලෙස ලබා දීමෙන් අංක 1 ලැබුණු අය ආණ්ඩු පක්ෂය ලෙසත්, අංක 2 ලැබුණු අය ප්‍රතිපක්ෂය හැටියටත් බෙදා වෙන්කිරීමට නියමිත අතර ආණ්ඩු පක්ෂයත්, ප්‍රතිපක්ෂයත් සමාන මන්ත්‍රී සංඛ්‍යාවකින් යුක්ත වන නිසා අගමැතිවරයාට තීරක ඡන්දයක් ලබාදීමට නියමිතයි.
යොවුන් පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔම්බුඩ්ස්මන්වරයෙකු සහිත කමිටුවක් ද ක්‍රියාත්මක වේ. පුරවැසි සබඳතා අමාත්‍ය, ක්‍රමසම්පාදන අමාත්‍ය, සංහිඳියාව පිළිබඳ අමාත්‍ය, මූල්‍ය කළමනාකරණ අමාත්‍ය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, පරිපාලන කළමනාකරණ අමාත්‍ය, ප්‍රවාහන අමාත්‍ය, යොවුන් සංකල්ප වර්ධනය කිරීමේ අමාත්‍ය, මිහිකත සුරක්‍ෂිත කිරීමේ අමාත්‍ය යන යොවුන් අමාත්‍යවරු මෙම කැබිනට් මණ්ඩලයට ඇතුළත් වේ. තරුණ දුක්ගැනවිලි විමසීම හා නූතන සංකල්ප විමසීම සඳහා වන ඔම්බුඩ්ස්මන්වරයාගෙන් සමන්විත පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන අතර එයට ආණ්ඩු පක්ෂය හා ප්‍රතිපක්‍ෂය නියෝජනය කරමින් යොවුන් මන්ත්‍රීවරුන් 6 දෙනෙක් ඇතුළත් කෙරේ.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහාද මෙම යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරිපත් වූ යොවුන් මන්ත්‍රීවරුන් ඉදිරිපත්වී ඇත. මේ හේතුවෙන් මැතිවරණයෙන් පසු යොවුන් පාර්ලිමේන්තුව රැස්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව එම මැතිවරණයේදී ජයග්‍රහණය කරන යොවුන් මන්ත්‍රීවරුන්ට යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වන අතර ඊළඟ සුදුසුකම් ලැබූ අයට එම අවස්ථාව හිමිවනු ඇත.
මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් පත්වූ ජාතික පාර්ලිමේන්තුවේ සංයෝජනයෙන් 1/3ක් පමණ සිටින්නේ තරුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ය. එය රටේ ජනතාවගේ කැමැත්ත සහ අවශ්‍යතාවයයි. ඉදිරියට ගමන් කරන ලෝකය හා ශ්‍රී ලංකාව ගමන් කිරීමට නම් අප රටද එම ප්‍රවේශයට අනුගත විය යුතුය. මහජන නියෝජිතයින් වන තරුණ පිරිසද නිරන්තරයෙන් දියුණුවන ලෝකය හා ගැටෙමින් සිටින බැවින් ශ්‍රී ලංකාව දැනුමේ කේන්‍ද්‍රස්ථානයක් කරා රැගෙනයාමට ඔවුන්ට හැකියාව ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්‍ද්‍රස්ථානය කිරීමට යන ගමනේදි තරුණ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වය සහ දායකත්වය අත්‍යවශ්‍යය. එය එසේ පැවතියදී ප්‍රදේශයේ තරුණයින් අතර හොඳ හිත දිනා සිටින දැනුමෙන් පෝෂණය වූ යෞවනයෙන් මුලින් කී ප්‍රවාහයට අනුගත කිරීම යොවුන් පාර්ලිමේන්තුව හරහා සිදු වෙයි. රටක සංවර්ධනයට අවශ්‍ය කරන තරුණ ජවය ඔවුන් සතුව පවති. ඇතැම් අවස්ථාවල කිසිදු පූර්ව සුදුසුකමක් නොමැතිව මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස ඇතැමුන් යන අවස්ථා අපට දක්නට ලැබී ඇත. එවැනි අත්වැරදීම් වලින් ජනතාව මුදා ගන්නට යොවුන් පාර්ලිමේන්තුව සූදානමින් සිටියි. මන්ද යත් මහජන නියෝජිතයෙකු වන්නට අවැසි පූර්ව සුදුසුකම් යොවුන් පාර්ලිමේන්තුව හරහා ලැබෙන බැවිනි. කිසිවක්ම නොදැන යනවාට වඩා යමක් දැනගෙන ඉදිරියට යාම වටිනා බව අපගේ මුතුන් මිත්තන් පවා පවසා තිබේ. එම කියමන පසක් කරමින් යෞවනයින්ට මහජන නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීමට යොවුන් පාර්ලිමේන්තුව තුළින් අවස්ථාවක් ලබාදී තිබේ. එය ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනටද මහත් රුකුලත් වනු ඇත. දියුණුවන ලෝකය හා ගමන් කිරීමට නම් රටේ තරුණ ජවයට ඒ සඳහා දායකවීමට ඉඩදිය යුතුය.
නව්‍ය සිතුවිලි, නව නිපැයුම්, නව වැඩසටහන් අනුව නව තාලයට සිතන තරුණ පරම්පරාවට තම රටට ප්‍රයෝජනයක් ලබාදීමට අවස්ථාව ලබා දිය යුතුය. එය යොවුන් පාර්ලිමේන්තු සංකල්පය හරහා ලබාදී හමාරය. එබැවින් අනාගතයේදි ශ්‍රී ලංකාව අසියාවේ ආශ්චර්ය කරා යන ගමන තව තවත් වේගවත් වනු ඇත.
lankapuvath උස්සා කොපි පේස්ට් කරන ලදී