යෝනියක් සහිත මිනිසා - Buck Angel

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යෝනියක් සහිත මිනිසා - Buck Angel

    මෙතෙක් පළ කල ලිපි කියවලා සමහරුන්ට නම් අමුතු අමුතු තත්ත්වයන්ට මුහුණ දෙන්න වුනා කියලා කොමෙන්ට් වලින් දැක්කා.එහෙම අය මේ ලිපිය නම් කොහොමත් කියවන්න එපා ! මේක ලිපිය නම් අතිශයින් වැඩිහිටියන්ට පමණයි.ඒ නිසා එළකිරියේ මේ ලිපිය සම්පුර්ණයෙන්ම පළකරන්න මගේ අදහසක් නෑ.


    tumblr_lprwr51l521qafl56o1_500.jpg

    නිල් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ නළුවෙක් වන Buck Angel 1972 ජූනි 5 උපත ලැබීය.මොහු ඇමරිකන් ජාතික trans man (FTM)කෙනෙකි.එනම් ස්ත්‍රියක්ව සිට පුරුෂයෙක් බවට පරිවර්තනය වූවෙකි.ඔහු Buck Angel Entertainment නම් නිල් චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ හිමිකරුවාය.2007 වසරේ දී මොහු හොඳම Transsexual රඟන ශිල්පියා ලෙස AVN Award හි සම්මානයට පාත්‍රවිය.මොහු නීතීවේදියෙක්,දේශකයෙක් සහ ලේඛකයෙක් ලෙසද කටයුතු කරයි.


    මුල් අවධිය


    tumblr_nnys6heSo11u2lmxco1_500.jpg

    පෙර පසු


    ඔහුගේ වෙබ් අඩවියට අනුව,Angel කුඩා කාලයේ පිරිමි දරුවෙක්(ඔහු උපන්නේ ගැහැණු දරුවෙක් ලෙසයි) මෙන් හැසිරී තිබේ.ඔහු උපන්නේ ලොස් ඇන්ජලිස් නගරයේය.ඔහු විරුද්ධ ලිංගිකයෙක් මෙන් හැසිරීම ගැන පවුලේ අය එතරම් බරපතල ලෙස නොසැලකීය.වයස අවුරුදු 16 දී ඔහුගේ මෙම හැසිරීම ක්‍රමයෙන් වැඩි දියුණුවිය.ඔහු පසුව පාසලේදී දිවි නසා ගැනීමට පවා උත්සාහ කරන ලදි.අවසානයේදී ඔහුව මානසික ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.මෙම ප්‍රතිකාරවලදී පළමුවරට තමන් පිරිමියෙක් යන බව ඔහුට දැනුනු බව ප්‍රකාශ කර තිබේ.වසර ගණනාවක් ස්ත්‍රියක් ලෙස ජීවත් වූ ඔහුගේ gender dysphoria (තමන්ට උපතින් හිමිවූ ලිංගය,ස්ත්‍රී හෝ පුරුෂ භාවය පිළිබඳව අසතුටින් පසුවන්නන් මෙම ආබාධයෙන් පෙලේ )යන තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය ( hormone replacement therapy ) පවා සිදු කරන ලදි.එම කාලයේ ඔහු ඖෂධ මෙන්ම මධ්‍යසාරද පාවිච්චි කර තිබේ.කෙසේ නමුත් ඔහු තම අවශ්‍යතා උදෙසා වෘත්තීය නිරූපිකාවක් ලෙස සේවය කරන ලදි.ඔහු තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව අසතුටින් පසුවන බව වරක් ප්‍රකාශ කර තිබේ.


    නිල් චිත්‍රපට වෘත්තිකයෙක් ලෙස


    1400534551456.jpg

    ඔහුගේම නිල් චිත්‍රපට නිෂ්පාදන කිරීම ආරම්භ කරමින් Buck Angel Entertainment පිහිටුවීය.එය නිල් චිත්‍රපට කර්මාන්තයට අලුත්ම අත්දැකීමක් විය. ඒ ඔහු "යෝනියක් සහිත මිනිසා" ( The Man With a Pussy) නමින් සිදුකල ආගමනයයි.

    සමලිංගික නිල් චිත්‍රපට කර්මාන්තය තුල පළමු trans man ලෙස ඔහුව හැඳින්වේ.එය සිදුවූයේ 2005 වසරේදිය.එසේම ඔහුගේ පැමිණීම සමලිංගික නිල් චිත්‍රපට කර්මාන්තය තුල අලුත් ප්‍රවර්ගයක් නිර්මාණය කරන ලදි.


    ZGKEFRh.jpg
    Buck Angel and Allanah Starr - Marc Quinn ගේ නිර්මාණයකි


    තවද ඔහු 2005 දී සුප්‍රසිද්ධ shemale කෙනෙක් වන Allanah Starr ගේ Allanah Starr's Big Boob Adventures ට රංඟනයෙන් දායක විය.මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ Gia Darling විසිනි.මෙය trans woman (Allanah Starr) කෙනෙක් සහ trans man(Buck Angel) කෙනෙක් අතර සිදුවන ලිංගික එක්වීම චිත්‍රපට ගත කල පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.Allanah Starr මෙම රංඟනය වෙනුවෙන් හොඳම Transsexual රංඟනය(Transsexual Performer of the Year) සහ අතිශය සාහසික ලිංගික දර්ශනය( Most Outrageous Sex Scene) යන සම්මාන දෙක සඳහා නිර්දේශ විය.


    buck_buckbackmtn_220.jpg

    Buckback Mountain


    2008 වසරේදී ඔහු Buckback Mountain හි සිදුකල රංඟනය වෙනුවෙන් GayVN Awards හි Best Alternative Release ,Best Specialty Release යන සම්මාන ද්විත්වය සඳහා නිර්දේශ විය.


    dee.jpg

    Marc Quinn නිර්මාණය කල Buck Angel ගේ මූර්තිය


    2008 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහු බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේදී Marc Quinn නම් බ්‍රිතානන්‍ය ජාතික මූර්ති ශිල්පියා Buck Angel ගේ මූර්තියක් නිර්මාණය කරන ලදි.පසුව මෙම මූර්තිය ලොව පුරා ප්‍රදර්ශනය කෙරිණි.



    buck_sexingthetransmanxxx_220.jpg

    Sexing The Transman XXX


    2010-2012 කාලයේ ඔහු විසින් නිර්මාණය කල Sexing The Transman XXX යන trans male ලාගේ ලිංගිකත්වය පිළිබඳ මාලාව සම්මානයට පාත්‍ර විය.



    වෙනත් කර්තව්‍යයන්


    tumblr_m9fj0qXsqq1qafl56o1_500.jpg

    buckangeldating.com


    2012 වසරේදී ඔහු buckangeldating.com යන නමින් පිරිමි වෙනුවෙන් dating වෙබ් අඩවියක් එළිදක්වන ලදි.ඊට හේතුව ලෙස ඔහු දක්වා සිටියේ transgender(trans men) ලාගේ ඕනෑ එපාකම් වලට සරිලන dating වෙබ් අඩවියක් නොමැති වීම කියාය.

    2013 වසරේදී ඔහු සහ Jody Rose එක්ව transgasm.org යන ව්‍යාපෘතිය ආරම්භ කලේ trans people ලාට sexual reassignment surgery යන ශල්‍යකර්මය කර ගැනීමට අවශ්‍ය ආධාර සපයා දීමටයි.නමුත් මෙය වහාම අවලංගු කරන ලද්දේ එය පිරමීඩ ජාවාරමක් යැයි චෝදනා එල්ල වීම නිසාය.


    සම්මාන සහ නිර්දේශයන්​


    2007 ජනවාරි හිදී Transsexual Performer of the Year ලෙස AVN Awards සම්මානය දිනාගන්නා ලදි.
    2008,2009 සහ 2010 වසර වලදී Transsexual Performer of the Year ලෙස නිදේශ විය.තවමත් එකම FTM transsexual ලෙස සම්මාන ලැබීමට නිර්දේශ වන්නේද සම්මානයට පාත්‍රවී තිබෙන්නේද Buck Angel පමණි.
    2008 වසරේදී Boundary Breaker of the Year ලෙස Feminist Porn Award යට ඉදිරිපත් විය.
    2012 දී Feminist Porn Award සම්මානයට පාත්‍ර වූයේ Sexing The Transman XXX වෙනුවෙනි.
    Tranny Awards හි Best FTM Performer of the Year යන සම්මානය ලබා දුන් පළමු අවස්ථාවේදීම එනම් 2012 වසරේදී එය දිනා ගැනීමට ඔහු සමත් විය.




    පෞද්ගලික ජීවිතය



    KarinWinslowLanaWachowski.jpg

    වම් පස - karin winslow දකුණු පස - Lana Wachowski


    Buck Angel ගේ පලමු සහකාරිය වූයේ Karin Winslow(Ilsa Strix) ය.පසුව ඇය ඔහුව අතහැර දමා Lana Wachowski (MTF)සමග විවාහ විය .



    BuckElayneAngel.jpg

    Buck Angel සහ Elayne Angel


    ඉන්පසු ඔහු Elayne Angel සමග විවාහ විය.පසුව ඔවුන් දෙදෙනා දික්කසාද විය.


    source>>>http://goo.gl/SJy9YD
    http://goo.gl/xqGz5y
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Muge muuna pirimiyek wagemane

    ඔව්. ගැණියෙක් විදියට ඉපදිලා තියෙන්නේ.හෝමෝන ප්‍රතිකාර සහ ප්ලාස්ටික් ශල්‍යකර්ම වලින් පිරිමි පෙනුම ලබාගෙන ඒත් ලිංගික අවයව වල වෙනස් කිරීමක් කරලා නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Images nam sara wadiida manda kohee inna podi un meeva balanavada danne na ne.. :P mona unath maara seen eka oii.. trans mans lath innava kiyala ada danagaththe

    Age Verification වගේ දීලා 18+ බලන්න පුලුවන් වෙන ක්‍රමයක් ෆෝරම්වලට නැද්ද දන්නෑනේද?

    මම කලින් Thread එකක් දාලා ඇහුවා 18+ Contents (photos)දැම්මාට අවුල්ද කියලා.වැඩිදෙනෙක් කැමති නිසා දාන්න හිතුවේ.අකමැතිනම් නවත්වන්නම්.

    කොහොමත් දැන් කාලේ පොඩි උන් ඔය කියනවට වඩා දේවල් බලනවානේ .ඒකනේ ඇත්ත.කොහොම වුනත් වැඩි පිරිසක් 18+ Threads දාන එක ගැන Negative Comments දැම්මොත් මට කොහොමත් මේක නවත්වන්න වෙනවා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රියල් එකක් වගේමනේ බන් ඒත් පලවෙනි පින්තුරේ
    දැක්කාම මක්කද වෙලා යනෝ :sorry:

    Rep +++++++++