යෝශිතගේ_ලිංගික_ඉර්ශියව.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යෝශිතගේ_ලිංගික_ඉර්ශියව.

යෝශිතගේ ලිංගික ඉර්ශියව.








රගර් ක්‍රීඩක තාජුඩීන් මැරුවේ පණ පිටින් ගිනිතියලා: ඝාතනයේ මරණ පරීක්ෂණ වාර්තාව එළි දකී

Wasim-Thajudeen_closeup2.jpg




ඝාතනය කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් කාරයට දමා ගිනි තබද්දී ඔහු මිය ගොස් සිට නැති බව ඔහුගේ මරණ පරීක්ෂණය පිලිබඳ අවසන් වාර්තාවෙන් හෙලිවී තිබේ. මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එය සකසා ඇත්තේ කොළඹ හිටපු අධිකරණ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විසිනි.
ඒ අනුව මරණයට ආසන්නතම හේතු සිහිනැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රහණය කිරීම බව වාර්තාවේ සඳහන් ය. ගින්නෙන් හට ගත් කාබන් මොනොක්සයිඩ් පෙනහළු වල තිබුනා කියන්නේ කාරය ගිනි තබද්දී ඔහු හුස්ම ගනිමින් සිටි බවයි. නැතහොත් ඔහුව පණ පිටින් පුළුස්සා ඇති බවයි.
කාරය ගිනි ගනිද්දී ඔහු අවසන් හුස්ම හෙළමින් සිහිසුන්ව අකර්මන්‍යව සිටි බව වාර්තාවේ දැක්වේ. ඔහුගේ රුධිරයේ එතනෝල් අධික ප්‍රමාණයක් තිබී ඇති අතර අනතුරට පැය 2 කට පමණ පෙර ඔහු මත්පැන් පානය කර ඇතැයි සඳහන් වේ. ඔහුගේ හිසේ ඇති තුවාල රථය ඇතුලතදී හෝ පිටතදී සිදුවිය හැකි යයිද මොට අවියකින් සිදුකළ පහරදීමකින් සිදුව ඇතැයි මහාචාර්ය වරයාගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. තජුඩීන් රථයේ සිටියදී වෙනත් අයෙකු ඔහු එළියට ඇද දමා හෝ ඔහු බිමට ඇද වැටී ඇතැයි ද යම් පහර දීමකින් ඔහුගේ අවයව පුපුරා ගොස් ඇතැයි වාර්තාවේ දැක්වෙන අතර තජුඩීන්ගේ පපුවේ ඇති තුවාල මාරක තුවාල නොවූවත් රවුම් උපකරණයකින් තද කිරීමකින් සිදුකරන ලද්දක් බව පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් දැක්වේ.
මේ අතර තජුඩීන්ගේ නැතිවූ ජංගම දුරකථනය මේ වන විට පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට හමුවී ඇත. එය අතින් අත කිහිප දෙනෙකු අතට පත්වුවද එහි පීයූකේ අංක අනුව ඝාතනයට අදාල වැදගත් තොරතුරු රැසක් අණාවරණය කර ගත හැකි බව පැවසේ.
තජුඩීන් මහතා සිය රථයෙන් බස්වා ඝාතනයට පෙර පැහැර ගැනීමට අදාල රථය හඳුනාගෙන ඇති අතර එය රතු කුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂට බාර දී ඇයගේ භාරයේ තිබූ රථයකි. ඒ සම්බන්ධයෙන් මේ දක්වා ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කර නැත.
තජුඩීන් මහතා ඝාතනය කරන ලද්දේ යෝෂිත රාජපක්ෂ ගේ එවක පෙම්වතිය වූ යසාරා අබේනායක සමග තජුඩීන්ගේ මහතා පෙර දී තිබූ සම්බන්ධයක් අනුව යෝෂිත රාජපක්ෂ තුල ඇති වූ ලිංගික වෛරය නිසා බවත් ඝාතනය යෝෂිත රාජපක්ෂ විසින් මෙහෙයවන ලද්දක් බවත් මීට පෙර මාධ්‍ය මගින් හෙලිදරව් කළද අපරාධ පරීක්ෂණයකදී අපරාධයට අදාල සාක්කි මත සැකකරුවන් අත් අඩංගුවට ගන්නවා මිස වෙනත් වාර්තා වැදගත් වන්නේ නැත.
කෙසේ වෙතත් පවතින දේශපාලන අලකලංචි අනුව යහපාලන ආණ්ඩුව රාජපක්ෂලා සමග සහයෝගිතාවයකට යාවිද? නැතිනම් යහපාලන ආණ්ඩුවට ලැබී ඇති ජනමතය අනුව වැරදිකාර රාජපක්ෂලාට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කරාවිද ? යන්න තජුඩීන් ඝාතනය ගැන සිදුකරන පරීක්ෂණ අනුව ජනතාව තීරණයකට එළැඹෙනු නිසැක ය.
 

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
හරිනේ ඕයි ඉතින් වාහනේ හයි ස්පීඩ් ගිහින් හැප්පිලා ගිනිගනිද්දි වසීම් ඇතුලේ පණපිටින් තමයි ඉන්න ඇත්තේ...:oo:
 

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    Ado Richard De Zoysa kiyala porak hari Wijedasa Liyanarachchi kiyala porak lankawe jitiya kiyala mata yantham mathakayak thiyenawa. ane manda mama dakke heenayakda kiyala
     

    Similar threads