යෝෂිත උදේ 9 සිට තාමත් රහස් පොලිසිය ඇතුළේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ අතර තාමත් ඔහු එහිදී ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇති බව ඒෂියන් මිරර් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් සිල්වා මහතා පැවසුවේ අද පෙරවරුවේ ඔහුට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බවත් ඊට අනුව ඔහු පැමිණ තිබූ බවත්ය.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව හෙතෙම කියා සිටියේය.
මෙම ගුවන් යානය සොයාගෙන කෙටි කලක් ගතවී තිබෙන අතර පරීක්ෂණ සඳහා යෝෂිත කැඳවීමට මෙතරම් ප්‍රමාද වූයේ අදාල විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ගැනීමට යෝෂිත රාජපක්ෂ කැඳවීමට තීරණය තර තිබූ නිසා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු වන යෝජිත රාජපක්ෂ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ වන ඔහුගේ සහෝදරයාද අද (4) උදේ 8.40 ට පැමිණ තිබේ.
‘යෝෂිතගේ නිර්දෝශ භාවය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දේ අප කරනවා. අප වරදක්කර නැහැ. පොලිසියෙන් දැනුම්දුන් විගසම ආවා’යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සමග එහිදී සඳහන් කර තිබේ.
මාධ්‍යවේදියකු එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න අැසූ විට ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ‘ඒක තාත්තගෙන් අහන්න’ යනුවෙන් පවසා ඇත.
ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එහි පැමිණ සිටි බවත් සඳහන්.