යෝෂිත හැමෝම පුදුම කරවයි
රාජපක්ෂ පවුලම අපකිර්තියට.යෝෂිත හැමෝම පුදුම කරවයි
Tech Lanka April 5, 2016 Gossip Leave a comment 5,963 Views
Related Articles
techlanka
විමල් විරවංශ කෝටි හතරහමාරක වාහනයක් ගෙන්වයි
5 hours ago
techlanka
පක්ෂයේ ලිපි ඉරා දැමු සියලු දෙනා නිදහස් පක්ෂයෙන් ඉවතට
22 hours ago
6ccb30d0701fcdce981ce712b7f494ea_XL
විමල් වීරවංශ කියන්නෙ අමු දූෂිතයෙක් – හැරී ජයවර්ධන
1 day ago
CSN රූපවාහිනී නාළිකාවට මුදල් යෙද වූ ආකාරය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය එහි ප්‍රධාන සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට අයත් රුපියල් මිලියන දහයකට වැඩි වටිනාකමකින් යුත් සිව්මහල් සහ දෙමහල් සුපිරි නිවාස දෙකක් දෙහිවල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එම නිවාස දෙක සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකිව ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් සෙවීම සම්බන්ධ මෙතෙක් සිදුවෙමින් පවතින පරීක්ෂණ අතරතුර දී ය.
දෙහිවල මිහිඳු මාවතේ පිහිටි මෙම සිවු මහල් සහ දෙමහල් අති සුඛෝපභෝගී සම්බන්ධව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ.
මේ සම්බන්ධව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ද ලඟදීම ප්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය සූදානම් වන අතර මෙම නිවාස දෙකෙන් එකක් ගොඩනගා ඇත්තේ පර්චස් 65ක ඉඩමක බව සඳහන් වේ.
ඒ සඳහා රුපියල් ලක්ෂ 490ක් ගෙවා ඇති බව ද දෙහිවල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පර්චස් පහක ඉඩමක් ද එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් වූ රුපියල් ලක්ෂ 45කට මිලට ගෙන ඇති බව ද වාර්තා වේ.
විදුලි සෝපාන ද සහිතව ඉදිකර ඇති මෙම සුඛෝපභෝගී එක් නිවෙසක් තැනීමටදළ වශයෙන් මිලියන දහසකට අධික මුදලක් වැය වන්නට ඇති බවට ගණන් බලා ඇත.
නාවික හමුදාවේ කපිතාන් ධුරයේ යෙදී සිටිය දී ඉපැයිය නොහැකි තරම් අති විශාල ධනස්කන්දයකට හිමිකම් ඇති බව කියන යෝෂිත රාජපක්ෂ මහතාට මෙම සුවිසල් නිවාස පිහිටි ඉඩමේ පර්චස් 65න් 37ක් අයත් බව පැවසෙන අතර පර්චස් 28ක් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ 88 හැවිරිදි නැන්දණියකට අයිති බව ද අනාවරණය වී තිබේ.
කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යයි