රංගනය උදෙසා චීවරය පැලදීම අකුසලයක්ද

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113



    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏
     
    • Haha
    Reactions: DX-

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    චීවරය ඇදං රගපාන්න පුලුවං. මාර ලොජික් ඕයි මෙව්වා. :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    මං නං හිතන්නෙ නෑ එහෙම. ඒක නිකංම නිකන් රෙද්දක් විතරනෙ.
    එතන තියෙන චේතනාව අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. ඒක මගේ අදහස
     
    • Like
    Reactions: dilann

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕවා අදාල සිස්ටම් එක පවත්වගෙන යන්න හදපු සාම්ප්‍රදායික එකගතා මිසක් අවබොධය ලබන්න කොහොමවත් උදව් වෙන දේවල් නෙවේ. අනික සිවුරක් ඇදං රගපානකොට සාසනේ පිරිහෙනවනං ඒක පැවිද්ද්න් විදිහට නිවැරදිව සිවුර දරන්නන් ගෙ අඩුපාඩුවක් මිසක් අගෞරව කරනවයි කියන උන්ගෙ අඩුපාඩුවක් නෙවේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට හිතෙන්නේ චීවරය කියන්නේ ඇදුමක් විතරයි. ඒක ඇඳගන ඉන්න කෙනා තමයි වැදගත්. ඒ කෙනා ප්‍රතිපත්ති ගරුක නැත්නම් මම නම් වදින්නේ නෑ. සමහර අය නම් කියනවා අපි වදින්නේ චීවරයට කියලා. ඒක මං පිළිගන්නේ නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    ඒක නිකන්ම තැබිලි පාට රෙද්දක් නේ.. චිවරේට ගරු කරනවා කියන එකත් බොරු කතාවක්.
    මම නම් දැකල නෑ කිසි උපාසක ඇත්තෙක් පන්සලේ වැලේ වනල තියන චීවරයක් ගාවට ගිහින් වැදගෙන ඉන්නවා.. :rofl:
    ඔය චීවරට දරාගෙන ඉන්න පුද්ගලයාගේ ක්‍රියාකලාපය තමයි වැදගත්.
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒක නිකන්ම තැබිලි පාට රෙද්දක් නේ.. චිවරේට ගරු කරනවා කියන එකත් බොරු කතාවක්.
    මම නම් දැකල නෑ කිසි උපාසක ඇත්තෙක් පන්සලේ වැලේ වනල තියන චීවරයක් ගාවට ගිහින් වැදගෙන ඉන්නවා.. :rofl:
    ඔය චීවරට දරාගෙන ඉන්න පුද්ගලයාගේ ක්‍රියාකලාපය තමයි වැදගත්.
    mata ekek kiyapu kathawak mama dakapu ekak nemei.

    loku pansalaka owwata pandu dana thana achchila porakanawalu.

    eka oluwe gaganna. bothal walatath dagena yanawalu. gewal wala unge oluwe ganna wenna athi.
     
    • Haha
    Reactions: dilann

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පඤ්චපංසුකූලික සූත්‍රය

    “මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්.

    “කවර පස් දෙනෙක්ද යත්?

    නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, පංසුකූල දරන්නෙක් වේ.
    ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පංසුකූල දරන්නෙක් වේ.
    උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් පංසුකූල දරන්නෙක් වේ.
    බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි පංසුකූල දරන්නෙක් වේ.
    මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, පංසුකූල දරන්නෙක් වේ. යන පස් දෙනයි.

    “මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්.
    “මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පංසුකූල දරන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

    “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ආරණ්‍යයෙහි වසන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
     

    Similar threads