රංජනා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    240146360_4243079342408340_8604033842511989537_n.jpg


    මිනිස්සු බදින්න ම ඕනද?
    ජිවත් වෙන්නනම්.....

    මන් මගෙන් ම අහන ප්‍රශ්නයක්...

    වෙන අය තමන්ගේ wedding ,එකට හීන මවද්දී
    මට විතරද එහෙම හීනයක් නැත්තේ කියලා හිතෙනවා...

    බැදිම් කියන්නේ මහා දුකක්
    ආදරේ ගැන තිත්තම තිත්ත හැගිමක් මට දැනෙද්දී එහෙම හිතෙනවා...

    ආදරේ වෙනුවෙන් කොච්චර මිනිස්සු
    දුක් විදිනවද....

    සමහරුන්ට තමන්ගේ ආදරේ ලැබිලත් ඒ ආදරේ රැක ගන්න බැරිව දුක් විදිනවා
    තවත් සමහරු ආදරේ නොලැබීම මත්තේ නැහෙනවා...

    අවුරුදු ගානක් ආදරේ කරපු මිනිස්සුත් වෙන්වෙන සමාජයක
    අද ඊයේක ජිවිතේට එන මිනිස්සු ගැන කවර කතාද
    කියලා මට හිතෙනවා...

    අපි පොඩිකාලේ අම්මලා අපිව බලා ගන්නේ අපිට කදුලක්වත් ඇස්වලින් වැටෙන්න නොදී..
    ❤


    අපේ ජිවිතේට අහම්බෙන් එන මිනිස්සු නිසා අපි අඩනවා..
    😞


    ආදරේ කියනේ ජිවිතේ වැදගත් කොටසක්..
    හැබැයි ඒක එක කොටසක් විතරයි..
    ඒ කොටස නැති උනා කියලා
    අපිට අපේ ජිවිතේ
    අහිමි වෙන්නේ නෑ...

    අහිමිකරගන්න බය වෙන්න ඕනේ
    අම්මගේ තාත්තාගේ ආදරේ....
    නැතුව තාවකාලික ලැගුම් හොයන උන්මන්තක ආදරවන්තයෝ
    ආදරවන්තියෝ නෙමෙයි....

    උබටත් ඇති
    අපි හැමෝටම ඇති
    හිමිවෙලා අහිමි උණු
    නැත්නම් හිමි වෙලා සදහටම හිමිවුනු
    ආදර කතා....

    හිතන්න එපා වැඩියෙන්
    හිතනකොට,
    රිදෙනවා වැඩයි.....

    ඔබ සමග සිටින්නා
    හැමදාම ලගින් හිදී....
    යන්නවුන් දවසක හැරයාවී....
    එයයි ස්වභාවය......

    ආදරේ ජිවිතේම කරගන්න ගියාම දුකක්... හැමදේම වෙනස් වෙන සුළුයි කියලා සිතන්න....
    වෙනස් නොවී
    ආදරේ දෙන අයට ආදරේ දෙන්න
    🙂


    - දිදු -
    ✍️
     
    Last edited: