රකුසු අංගනා
කෙදිනකවත් මා පද නොම බඳිනා
නුඹ වෙමි හැර ගිය පෙම රතු ලෙයිනා
ඇසුරකටත් රිසි නොම නෙතු රඳනා
නුඹ වෙමි නොහඬන රකුසු අංඟනා
පාවෙන ජීවිත සුරඟන වෙස් ගෙන
ඩැහැගෙන හිත්ගෙන යළි ඉවතාලන
හදකද තෙත ඇත කෙලෙසක සිතමින
මාද පෙම් කළා සිහිනෙක නුදුටුව
වාවනු බැරි දුක් හිත තුළ දැන් නෑ
ආලය නුඹ හට මගෙන් උරුම නෑ
කාලය මාවත රවටන්නේ නෑ
පාදම නුඹගෙන් යළිත් යදින් නෑ
-මාලන් විදානපතිරණ
කෙදිනකවත් මා පද නොම බඳිනා
නුඹ වෙමි හැර ගිය පෙම රතු ලෙයිනා
ඇසුරකටත් රිසි නොම නෙතු රඳනා
නුඹ වෙමි නොහඬන රකුසු අංඟනා
පාවෙන ජීවිත සුරඟන වෙස් ගෙන
ඩැහැගෙන හිත්ගෙන යළි ඉවතාලන
හදකද තෙත ඇත කෙලෙසක සිතමින
මාද පෙම් කළා සිහිනෙක නුදුටුව
වාවනු බැරි දුක් හිත තුළ දැන් නෑ
ආලය නුඹ හට මගෙන් උරුම නෑ
කාලය මාවත රවටන්නේ නෑ
පාදම නුඹගෙන් යළිත් යදින් නෑ
-මාලන් විදානපතිරණ