රගර් කවි

Yasara-Yoshitha.jpg


රගර් බෝලයට පයින් ගැසූ දෙපයට මුගුරු වලින් ගැසුවාදෝ
බෝතල් කඩා බත් කෙන්දට ඇන්නාදෝ
යළිත් මුව විවර නොකරන්නට නුඹේ දත් කැඩුවාදෝ
ගෙලට ඇන්න පහරින් නුඹේ සිරුර නිසල වූවාදෝ

රජ කුමාරුන් හා ආරෝවට ගිය කොතැනේ
ක්‍රීඩාවක් නොව මාරකයක් නොව තැණුනේ
ළඳක් නිසා මතුවූ විරසක නිතැනේ
උපන් ලපයක් නිසා දිවි දුන් සකි සඳුනේ

නුඹගේ පණ වාතයට මුසු උනාදෝ
නිසල සිරුර වාහනයට දැම්මාදෝ
අග්නි දෙවිට නුඹව පුද කලාදෝ
වදකයන් සිනාසෙමින් සිටියාදෝ

නුඹේ අම්මා නුඹ එනකන් සිටියාද
පුතුගේ ප්‍රමාදයට හේතුව බැළුවාද
නුඹේ මරණය ඇය හට කීවාද
පුතෙක් නිසා මවක් කොපම​ණ තැවුනාද

නීතිය යුක්තිය ගෙරියන්ට ගිය කලට
මිනියක් මරා හැකි විය බේරෙන්ට
යුක්ති ධර්මයක් නැතත් මේ රටට
කවදා හෝ කර්මය එයි ආපිටට