රගර් මරණය..ශ්‍රි ලංකා

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    යසාරා අබේනායකය රගර්..ශ්‍රි ලංකා

    11401484_10203901951260322_3184194193126725692_n.jpg

    පසුගිය ජනේරුවේ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර වර්ථමාන පාර්ලිමේන්තුවේ සුප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී මා ඇතුලු වර්ථමාන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු සමඟ අපූරු කතාවක් කීවේය.ඒ කතාවේ කතා නායිකාව යසාරා අබේනායකය.සෙසු ප්‍රධාන චරිත දෙක වසීම් තාජුඩීන් හා යෝෂිත රාජපක්ෂය.තාජුඩීන්ගේ ගෙදර උදවිය සමඟ අදාල අමාත්‍යවරයා කතා කර තිබුණි.තාජුඩීන්ගේ මරණය යටපත් කිරීමට එම පවුලට රාජපක්ෂ පවුල කළ කී දෑද,යෝෂිත තාජුඩීන් මරන්නට හේතුවද කීවේය.. එකී හේතූන් මාධ්‍ය අචාර්ධර්ම සහ පුද්ගලිකත්වය සලකා මාධ්‍යයේ පළ කළ නොහැකිය. ඒවා ජීවතුන් අතර සිටින යසාරා ඇතුලු හිටපු ජනපතිගේ ජ්‍යෙෂ්ඨ පුත් හා මද්දුම පුතුන් දෙදෙනාටම අගතිගාමීය.එතරම්ම පුද්ගලිකය.රජ පවුලේ සුරතලියකුගේ එක්තරා තැනක උපන් ලපයක් වෙනුවෙන් වූ මිනීමරුම ගැන සෙවිය යුතුය.ජනතාව ඒ පිළිබඳව අවදියෙන්ය.. -
    news%5C2012%5C5%5Cimages%5Cnews5.jpg

    දස වද දී මරා දැමූ රගර් ක‍්‍රීඩකයාගේ ඝාතකයා කවුද?
    2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට පාර්ක් වීදියේ ශාලිකා ක‍්‍රීඩාංගණය අසල මහ පාරේ මෝටර් රථයක් තුළ අබිරහස් ලෙස පිළිස්සී මියගිය මොහොමඞ් වසිම් තාජුඩින් නම් රගර් ක‍්‍රීඩකයාගේ මරණය රාජපක්ෂ සමයේ හුදු රිය අනතුරකින් සිදුවූ ගින්නක් නිසා හටගත් සාමාන්‍ය මරණයක් විය.
    එහෙත් යහපාලන ආණ්ඩුවක් සමග කලඑළි බසින රාජපක්ෂ කෙරුවාවල් අතර තාජුඩින්ගේ මරණයද හොල්මං කරන්නට විය. ආශ්චර්ය යටතේ මියගිය රගර් ක‍්‍රීඩකයාගේ මරණය රිය අනතුරක් නොව ඝාතනයක් බව කරළියට ඒමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ නැවත අලූත් වන්නට විය. ඒ අනුව 2015 පෙබරවාරි මස 16 වැනිදා රහස් පොලිසිය විසින් මේ පිළිබඳ නැවත පරීක්ෂණ ආරම්භ කළේය.
    රහස් පොලිසියේ වාර්තාවලට අනුව තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ වාර්තා පරස්පරය. ඒ නිසා මේ පිළිබඳ බලවත් සැක මතුවී ඇතැ’යි රහස් පොලිසිය පසුගියදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
    10525920_899336510082167_7818604312332547935_n.jpg

    මේ පරස්පරතාව සම්බන්ධයෙන් මතුවූ සැකය පිළිබඳ නීතිපතිවරයාට දැනුම් දී නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දී තිබුණි.
    රස පරීක්ෂක වාර්තා හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා එකිනෙකට පරස්පර වනවිට ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කළ ආනන්ද සමරසේකර, සී.කේ. රාජගුරු, ශ‍්‍රියන්ත අමරරත්න සහ දයානි වීරරත්න යන මහත්ම මහත්මීන් අධිකරණයට ගෙන්විය යුතු තත්ත්වයක් උදාවී ඇත. ඒ මෙම වාර්තා ඉදිරිපත් කළේ මොවුන් වන බැවිනි. රස පරීක්ෂක වාර්තා සහ අධිකරණ වාර්තා පරස්පර නම් ඒ පරස්පරතාවන් විශේෂඥයන් ලවා ලිහා ගත යුතු තත්ත්වයක් උදාවී ඇත. රහස් පොලිසිය එම වාර්තා නැවත කියවන්නැයි කරන ඉල්ලීම මේ මොහොතේ පෙන්වනුයේ තාජුඩින්ගේ මරණය සැඟවෙන්නට ඇති ඉඩ වසා දමන බවය.
    11390133_1090506684298481_5932675050555198953_n.jpg

    රහස් පොලිසිය එතැනින් නොනැවතී 2012 මැයි 17 වැනිදා තාජුඞීන්ගේ ජංගම දුරකතනයට ආ ඇමතුම්ද පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. ඒ අනුව පරීක්ෂණ තවත් පුළුල් වේ.
    තාජුඩින්ගේ මරණය මේ සා වැදගත්වන්නේ ඇයි? එය හුදෙක් සාමාන්‍ය මරණයක් නොව මිනීමැරුමක් විය හැකි බැවිනි. එයද එවකට රාජපක්ෂ පාලනයේ ඍජු සම්බන්ධයෙන් වූ මිනීමැරුමක් විය හැකි නිසාය. රාජපක්ෂ පුතුන් සමග ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් ක‍්‍රීඩා කළ තාජුඩින්ගේ මරණය රගර්වලට පණ මෙන් ආදරය කරනවායැ’යි කියන රාජපක්ෂ පුතුන්ට අදාළ නොවුණේ ඇයි? එකල රාජපක්ෂලාට ඇති බිය නිසා රිය අනතුරකින් මියගියායැ’යි කී තාජුඩින්ගේ මරණය අද ඝාතනයක් ලෙස සැලකෙන්නේ කෙසේද?
    යෝෂිත නම ඈඳීම
    තාජුඩින්ගේ මරණයට හිටපු ජනාධිපති පුත් යෝෂිත නම ඈඳුණේ ඇයි? එය රග්බි ලෝකය තුළ රහසක් නොවේ. පහුගිය කාලයේ යෝෂිතගේ පේ‍්‍රමවන්තිය වූයේ යසාරා අබේනායකය. මේ පේ‍්‍රමය නිසා යසාරා බොහෝ දුර ගිය බව කිව යුතුය. ඊට පෙර මේ සම්බන්ධය දලූලන අයුරුද කෙටියෙන් කිව යුතුව ඇත. යසාරාගේ පියා ආනන්ද අබේනායකය. ඔහු විවාහ වී ඇත්තේ ගාමිණී ෆොන්සේකාගේ දියණියක සමගය. ආනන්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග මිතුරුවන්නේ එවකට ගාමිණී ෆොන්සේකා කළ ‘නොමියෙන මිනිස්සු’ චිත‍්‍රපටයේ රඟපෑමත් සමගය. එය නොමියෙන මිතුරුකමක් දක්වා වර්ධනය විය. එපමණකි.
    10609473_906867792662372_4612730573928386784_n.jpg

    පිය ඇසුර හරහා දරුවන් අතරද මිතුරුදමක් ගොඩනැගෙන අතර එය කාලයත් සමග පේ‍්‍රමයක් බවට පෙරළී ඇත. එහි ප‍්‍රතිඵල ලෙස එවකට නිවසට වී සිටි යසාරාට ජාතික රූපවාහිනියේ ‘අයි’ නාලිකාවේ විධායක නිෂ්පාදිකාවක ලෙස පත්වීමක් ලැබෙයි. අවසානයේ ඇය ජනාධිපති පුතුන්ට අයත් සීඑස්එන් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරිනී තනතුරට පත්වූවාය.
    තාජුඩින්ගේ පැමිණීම
    ඉහත කතාවෙහි තාජුඩින් චරිතයක් වන්නේ කෙසේද? රගර් ලෝකයේ රාජපක්ෂලා දක්ෂයන් නොවන බව රගර් ගැන දන්නා අයට අමුතුවෙන් කිවයුතු නොවේ. එකල අප මේ ගැන ඇතිපදම් ලියා ඇත. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නාමල්ලා රගර් ක‍්‍රීඩා කරන කල මහා පතාකයෝ් බොහෝ සිටියහ. තාජුඩින්ද රාජපක්ෂ පුතුන්ගේ සම වයසේ සුපිරි රගර් ක‍්‍රීඩකයෙකි. එකල තාජුඩින්ලාට රාජපක්ෂලා නිකම්ම නිකම් රගර් බෝලය ඔසවා ගෙන යන්නන්ය. තෝමස් විද්‍යාලයේ රගර් පුහුණුකරු වූ අසංග සෙනෙවිරත්න රාජපක්ෂලාට විශේෂ සැලකිලි නොදක්වන්නට ඔවුන්ට පාසල් රග්බි කණ්ඩායමේ තැනක් නොමැති බවද කිව යුතුය. ඒ කළගුණ සැලකීමට අසංග සෙනෙවිරත්න ගිය දුර අද කාටත් නොරහසකි. මේ අතීතයේ සිටම රාජපක්ෂ පුතුන්ගේ එදිරිවාදියෙකු වූ තාජුඩින් දෛවයේ සරදමට දෝ යසාරාගේ පෙම්වතා වී ඇත. එකල ඔහු රග්බි තරුවකි. ඔහු අතහැර යෝෂිත සමග හාද වුවද තාජුඩින් රාජපක්ෂලාගේ බලපරාක‍්‍රමයද තුට්ටුවට මායිම් නොකර තැන් තැන්වල අතීත කෙරුම්කාරකම් උජාරුවෙන් වමාරන්නට වූ බව කියැවේ. එය කොතෙක් දුරදිග ගොස් ඇත්ද යත් ඔහු යෝෂිතට මුහුණටම අභියෝග කරන තැනටද තල්ලූ වී ඇත. ෆ්ලවර්ඩ‍්‍රම් නම් චීන අවන්හලේදී වචන හුවමාරුවක් සිදුවී ඇත්තේද එහි ප‍්‍රතිඵලයක් ලෙසය. එය එපමණකි.
    තාජුඩින්ගේ මරණය
    අප‍්‍රසිද්ධියේ සීමිත පිරිසක් තුළ සිදුවන මේ සියල්ල බෝම්බයක් සේ පුපුරා යන්නේ එකවරම අසන්නට ලැබෙන ප‍්‍රවෘත්තියත් සමගය. එනම් විසිතුන් හැවිරිදි තාජුඩින් නම් රගර් ක‍්‍රීඩකයා රිය අනතුරක් හේතුවෙන් මියයාමත් සමගය. ඉහත සියලූ කතා ගැළපී කැලතී සමාජගත වන්නේ මෙය අනතුරක් නොව ඝාතනයක් බව ඉඟිකරමිනි. මියයන විටත් තාජුඩින් විවාහකය. එක්දරු පියෙකි. තාජුඩින්ද නාහෙට නාහන බව කිව යුතුය. එහෙත් එය ඝාතනයක් දක්වා දුරදිග යා යුතුද?
    රාජපක්ෂ සමයේ පොලිිසිය
    පුදුමය නම් එකල මේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ කියූ දෑය. එනම් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙය සිදුවී ඇති බවය.
    මංතීරු දෙකක් සහිත මාර්ගයක ගසක් සහ කුඩා පෙට්ටි කඩයක් අතරින් රිංගමින් ශාලිකා ක‍්‍රීඩා පිටියේ තාප්පයක අධික වේගයෙන් වැදුණේ නම් තාජුඩින්ගේ මරණය සිදුවිය යුත්තේ ඔයාකාරයටද? අධික වේගයෙන් යන වාහනයක රෝද ගෙවෙන ප‍්‍රමාණය නිර්ණය කළ හැකිය. ඒ සාක්ෂි පොලිසියට නැත්තේ ඇයි?
    අද රස පරීක්ෂක සහ අධිකරණ වාර්තාවලට අභියෝග එල්ල වනවා සේ ම ඒ පිළිබඳ එදා පරීක්ෂණ කළ පොලිසියටද මේ උගුලෙන් ගැලවිය නොහැකිය. ඔවුන්ද එදාට අවැසි පරීක්ෂණයක් අපූරුවට කළේය. එදා පොලිසිය කීවේ අනතුරත් සමග රථයේ ගින්නක් හටගෙන ඇති බවය. රථය තුළ ගින්නක් හට ගත්තේ නම් ඒ රථයේ කුමන තැනින්දැයි පොලිසිය නොකීවේය. අඩුම තරමේ තාජුඩින් එවිට මත්පැන් ගෙන සිටියාද යන්නවත් එහි සඳහන් නොවීය. මෙවැනි දරුණු අනතුරක් සිදුවන විට ඇතිවන ශබ්දය සුළුපටු විය නොහැකිය. එසේ නම් ඒ ශබ්දය ඇසුණු බවට ඒ අවටින් පොලිසිය ලබාගත් සටහන් කෝ? අනතුර සිදුවූ පාර්ක් රෝඞ්හි එදා ගමන් කළේ තාජුඩින් පමණද?
    සැකය
    images

    සියල්ල සුරංගනා කතා ලෙස ඉටුකළද මිනීමරුවන්ටද වැරදුණු තැනක් විය. ඒ තාජුඩින්ගේ පර්ස් එකය. තාජුඩින්ගේ පර්ස් එක හමුවන්නේ ඔහුගේ අනතුර වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1.5ක දුරකිනි. ඒ ද දින කිහිපයකට පසුවය. තාජුඩින් හිඳ සිටි සීට් එක අධික ලෙස ගිනිගෙන තිබියදී පර්ස් එක පමණක් වෙන තැනකින් මතුවූයේ කෙසේද? තාජුඩින්ම තම පර්ස් එක වදයක් වී මගදී විසි කළාද?
    තාජුඩින්ගේ මරණයත් සමග සියල්ල වැළලූණද ඉහත ප‍්‍රශ්නය ඒ ආකාරයටම ඉතිරි විය. ‘තාජුඩින් මළා. ඒ ගැන කතා කොට තව කරදරවන්නේ කුමටද’ යන තැනට තාජුඩින්ගේ මාපියෝද නිහඬ වූහ. අදටත් ඔවුන් සිටිනුයේ නිහඬවය.
    තාජුඩින්ගේ මරණය නැවත යහපාලන ආණ්ඩුව හරහා ගොඩැවිත් ඇත. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මොහොමඞ් මිෂ්බාක් මහතාට අප කතා කළ විට ඔහු කීවේ දැනට සිදුකරන පරීක්ෂණවල යහපත තකා කිසිවක් ප‍්‍රකාශ කිරීමට තමන් අකමැති බවය. ස්ථිරවම මෙය මිනීමැරුමක් බව පමණක් තහවුරු වන බව දැනට කිව හැකි බවය.
    yoshitha_.png

    එසේ නම් දැන් ඇත්තේ භාරධුරම කටයුත්තය. එනම් මිනීමරුවන් ඇල්ලීමය. ඒ වෙනුවෙන් එලන පොලිස් දැල ලොකු බව අපි දනිමු. ඒ දැලට හාල්මැස්සන් දැනටමත් හසුවී ඇති බව අපගේ හැඟීමය. තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 21 දෙනකුගෙන් කටඋත්තර ගෙන තිබේ. ඒ කටඋත්තර තුළ කටඋත්තර නැති බොහෝ දේ ඇති බවද කිව යුතුය. මේ පරීක්ෂණයට යා හැකි දුර තව ටිකය. එවිට ඔවුන් සියල්ල හෙළි කළ යුතුය. ඝාතනය සිදුකළ වුන් සේ ම ඝාතනයට අනුබල දුන් අයද අත්අඩංගුවට ගත යුතුව ඇත.
    images

    තාජුඩින්ගේ මරණය අනතුරක්යැ’යි එදා කී අය තාජුඩින්ගේ අතපය කඩා තිබෙනවා නොදුටුවේද? එදා පොලිසිය මේ සියල්ල වහන් කළේ ඇයි? ඔවුන්ට එරෙහිවද නීතිය ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. තාජුඩින්ගේ දත් හතරක් එදා ගලවා ඇත. මේ දත් දොස්තරලා කවුද? රාජපක්ෂ සමයේ දත් ගලවා, අතපය කඩා දස වද දී මරා දමා එය රිය අනතුරක් බවට පෙරලූ හයිකාරයන් කවුද? යහපාලනය හෙළිකළයුත්තේ මෙයය. අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් කරන්නේ නම් තාජුඩින්ගේ ඝාතකයන් නීතිය හමුවට ගෙනා යුතුමය. මේ එයට කදිම කාලයයි.
    14 Jun 2015 ටිරන් කුමාර බංගගමආරච්,රාවය
    Yasara-Yoshitha%2Bat%2Begossip.lk-6.JPG

     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    88-89 කාලෙ වුනු මිනීමැරුම් ගැනත් හොයා බැලිය යුතුයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හම්බයො මැරුවට කමක් නෑ පොන්ස් REP-- cybernalin

    තාජුදින් මරුවට කමක් නෑ උ හම්බයෙක් නිසා
    වෙන එකෙක් මාරුවට කමක් නෑ උනුත් හම්බයෝ නිසා
    හම්බ නොවන උන් මරුවට කමක් නෑ උන් මගේ කව්රුත් නොවන නිසා
    මිනීමරුවා උඹේ ගෙදරට ආව දවසට අපිට කියපං
     
    • Like
    Reactions: grand1 and nusryxxx

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    තාජුදින් මරුවට කමක් නෑ උ හම්බයෙක් නිසා
    වෙන එකෙක් මාරුවට කමක් නෑ උනුත් හම්බයෝ නිසා
    හම්බ නොවන උන් මරුවට කමක් නෑ උන් මගේ කව්රුත් නොවන නිසා
    මිනීමරුවා උඹේ ගෙදරට ආව දවසට අපිට කියපං
    :rofl::rofl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තාජුදින් මරුවට කමක් නෑ උ හම්බයෙක් නිසා
    වෙන එකෙක් මාරුවට කමක් නෑ උනුත් හම්බයෝ නිසා
    හම්බ නොවන උන් මරුවට කමක් නෑ උන් මගේ කව්රුත් නොවන නිසා
    මිනීමරුවා උඹේ ගෙදරට ආව දවසට අපිට කියපං

    මෙතන පොඩ්චක් වැරදිල වගේ... මම කථා කරන්නෙ ගෙරි හම්බයො ගැන විතරයි... හම්බයොන්ට බනිද්දි රිදුනට කරන්න දෙයක් නෑ... ඔය සක්කිලි එක එකා හරි මේ ලෝකෙන් තුරන් වෙනවනම් ලොකු සතුටක්.... :angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙතන පොඩ්චක් වැරදිල වගේ... මම කථා කරන්නෙ ගෙරි හම්බයො ගැන විතරයි... හම්බයොන්ට බනිද්දි රිදුනට කරන්න දෙයක් නෑ... ඔය සක්කිලි එක එකා හරි මේ ලෝකෙන් තුරන් වෙනවනම් ලොකු සතුටක්.... :angry::angry:

    ඔව් නේ හම්බයට බනිද්දි මට රිදුනා
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම


    තාජුදින් මරුවට කමක් නෑ උ හම්බයෙක් නිසා
    වෙන එකෙක් මාරුවට කමක් නෑ උනුත් හම්බයෝ නිසා
    හම්බ නොවන උන් මරුවට කමක් නෑ උන් මගේ කව්රුත් නොවන නිසා
    මිනීමරුවා උඹේ ගෙදරට ආව දවසට අපිට කියපං







    හම්බයො මැරුවට කමක් නෑ පොන්ස් REP-- cybernalin

    ඔව් නේ හම්බයට බනිද්දි මට රිදුනා




    තම්බියො හම්බයො උන් වැරදි තමයි බන්........මෙතන දාලා තියෙන්නේ මීණී මැරුමක් ගැන එච්චරයි....:dull::dull:

    මීණී මරණ එක හොද නම් ඔය කැ ගහන උන්ට මරපල්ලා....එතකොට මේ ලංකාවත් අරාබියක් වෙයි
    :yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තාජුදින් මරුවට කමක් නෑ උ හම්බයෙක් නිසා
    වෙන එකෙක් මාරුවට කමක් නෑ උනුත් හම්බයෝ නිසා
    හම්බ නොවන උන් මරුවට කමක් නෑ උන් මගේ කව්රුත් නොවන නිසා
    මිනීමරුවා උඹේ ගෙදරට ආව දවසට අපිට කියපං
    :lol::rofl::rofl: