රජකම් කළත්….(ronaldinho)

lankavatama1i

Member
Mar 6, 2010
1,428
220
0
this is the reason why ronaldinho not in Brazil's world cup squad

ronaldinho2.jpg


12th February 2010 source www.sports.lk


බ්‍රසීල ජාතික පාපන්දු කණ්‌ඩායමේ සුපිරි පෙර පෙළ ක්‍රීඩක රොනල්ඩීනෝට සිය කණ්‌ඩායමේ සාමාජික ත්වය අහිමි වීමේ පූර්ව සංඥ දැන් නිකුත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පුරා වසර දෙකකට ආසන්න කාලයක්‌ තම ජාතික කණ්‌ඩායම නියෝජනය නොකොට විදෙස්‌ කණ්‌ඩායමක නිත්‍ය වෘත්තීමය ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කරන හෙතෙම, වසර 2010 ජගත් පාපන්දු ශූරතා අවසන් වටයට පෙර ලබන මාර්තු 2 දා ලන්ඩනයේදී පැවැත්වීමට නියමිත බ්‍රසීල – අයර්ලන්ත සුහද තරගයට නම් නොකිරීම උද්ගතවී ඇති තත්ත්වයට ආසන්නතම සිද්ධිය වී ඇත.

රොනල්ඩීනෝ යළි කණ්‌ඩායමට කැදවන්නැයි එරට බහුතර මාධ්‍ය මෙන්ම හිටපු සුපිරි ක්‍රීඩකයකු සහ ජගත් පාපන්දු ක්‍ෂේත්‍රයේ යාවජීව රජු වශයෙන් සැලකෙන පෙලේ විසින් කණ්‌ඩායම් පුහුණුකරු ඩුන්ගා ට බලපෑම් කර ඇතත්, ඩුන්ගා එම “ඉල්ලීම්” සියල්ල ප්‍රතික්‍ෂේප කර ඇත.

“රොනල්ඩීනෝ කණ්‌ඩායමෙන් තවමත් ඉවත් කර නැහැ. එහෙත්, සාමාජිකත්වය ලබන්න නම් මම ඔහුගෙන් බලාපොරොත්තු වන දක්‍ෂතා සියල්ල පෙන්නුම් කළ යුතුයි” යි ඩුන්ගා ගේ ප්‍රතිචාරවල සඳහන් වේ.

කණ්‌ඩායමේ ශිල්පීය අවශ්‍යතා සියල්ල පිළිබඳ තමා විශේෂ සමීක්‍ෂණයක්‌ කර ඇති බවත්, ඒ අනුව රොනල්ඩීනෝ ගේ වත්මන් හැකියාවන් පිළිබඳ තමාට සතුටු විය නොහැකි බවත් ඩුන්ගා ගේ ප්‍රතිචාරයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩුන්ගාගේ නායකත්වය යටතේ 29 හැවිරිදි රොනල්ඩීනෝ ද වසර 2002 ජගත් පාපන්දු ශූරතාව බ්‍රසීලයට දිනා දීමට දායක විය. රොනල්ඩීනෝ 87 වතාවක්‌ බ්‍රසීලය නියෝජනය කරමින් ගෝල් 32 ක්‌ වාර්තා කර ඇති අතර වසර 2004 සහ 2005 “ජගත් පාපන්දු ක්‍රීඩකයා” සම්මානයද දිනා ඇත.

++
 

Similar threads