රජයට නොයන්නැයි ෆොන්සේකාට දැඩි බලපෑම්
රජයට නොයන්නැයි හමුදා අනුගාමිකයන්ගෙන් ෆොන්සේකාට දැඩි බලපෑම්!
Details Created On Friday, 26 December 2014 11:43 Category: සාමාන්‍ය
sarath fonseka 26ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට කවර හෝ දුෂ්කර තත්වයක් යටතේ වුව රාජපක්ෂ ආණ්ඩුව හා සම්බන්ධ නොවන ලෙස, ඔහු සමග හමුදාව හැර ගොස් දැනට විදේශ ගතව සිටිමින් ඔහුව මේ දක්වා රැක බලා ගන්නා හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් දැඩි වගකීමකින් ඉල්ලා තිබේ.
නමුත් දැනට රජය හා සම්බන්ධ වී කටයුතු කරන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ නිශ්චිත කාල සටහනකට අනුව කටයුතු කරමින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මහජන නියෝජිතයන් රජය හා සම්බන්ධ කරමින් සිටී. මේ යටතේ ඔහු විසින් අද (26) ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මහජන නියෝජිතයන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අරලියගහ මන්දිරයට රැගෙන ගොස් ඇත.
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සම්පූර්ණයෙන්ම සහතික වී ඇත්තේ තමා පොරොන්දු වූ ආකාරයට ජනාධිපතිවරණයට දිනයක් තබා හෝ සරත් ෆොන්සේකා මහතාව ආණ්ඩුවට රැගෙන එන බවයි. ඊට පෙර අදියරෙන් අදියර ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සියළුම මහජන නියෝජිතයන් ආණ්ඩුවට එක්කොට අවසානයේ නායකවරයා එක්කර ගන්නා බවයි.
සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට එක්වූ පසු මාධ්‍යන්
අමතා කරන කතාවද ඔහු විසින් මේ වන විට කෙටුම්පත් කොට සරත් ෆොන්සේකා මහතාට ලබාදුන් බව කැටගොඩ ජනාධිපතිවරයාට පවසා ඇත. එම කෙටුම්පතේ සඳහන් කරුණු පිළිබඳව විස්තරයක් ද කැටගොඩ විසින් ජනාධිපතිවරයාට ලබාදී තිබේ. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ලවා කියවීමට නියමිත වන්නේ රනිල් හා මෛත්‍රී හොර රහසේ අත්සන් කරන ලද ගිවිසුම පිළිබඳව තමා කිසිදෙයක් නොදන්නා බවත් එය මව්බිම කොටි ග්රහණයෙන් මුදා ගැනීමට මුල් වූ විරෝධාර රණවිරුවන් අමු අමුවේ පාවා දීමක් බැවින් තමා මේ අවස්ථාවේදී එයට විරෝධය පල කිරීම සඳහා විපක්ෂ සන්ධානයෙන් ඉවත්වන බවයි. නමුත් එම කතාවේ ෆොන්සේකා මහතා රජයට සහාය දෙන බවට සදහන් නොකෙරෙන අතර ෆොන්සේකා මහතා ජනතාවගෙන් ඉල්ලීමට නියමිතව ඇත්තේ රනිල් - මෛත්‍රී ගිවිසුම පරාජය කිරීමට කටයුතු කරන ලෙසයි.
කවර හෝ ආකාරයකින් ජයන්ත කැටගොඩ නැටීමට යන නාඩගම පිළිබඳව ආරංචි වී ඇති ෆොන්සේකා මහතාගේ හමුදා අනුගාමිකයන් විවිධාකාරවලින් ඔහු හා සම්බන්ධ වෙමින් ඔහුට අවධාරණය කොට ඇත්තේ තිස්ස අත්තනායක පැනපු වලටම පැන 08 වෙනිදායින් පසු භූමිදානය නොවන ලෙසයි.
එමෙන්ම සරත් ෆොන්සේකා මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග ඊයේ (24) මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයෙන් තමා සහ තම පක්ෂය කොන් කොට ඇති බවක් තමාට හැගී යන බවයි. (තිස්ස අත්තනායකටද ඇතිවූයේ මෙවන් සිතුවිල්ලකි) ඊට පිලිතුරු වශයෙන් රනිල් හා චන්ද්‍රිකා පවසා ඇත්තේ එසේ කිසිවෙකු ෆොන්සේකා මහතාව හෝ ඔහුගේ පක්ෂය අඩු තක්සේරුවකට ලක්කොට නොමැති බවකි. එම සාකච්ඡා පිළිබඳව අප වෙත කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු පැවසුවේ ෆොන්සේකා මහතාට තිබුණු සියළුම ප්‍රශ්න සාකච්ඡා මගින් සාර්ථකව විසඳා ගත් බවයි.