රජයේ ජොබ්වල

Sudeepa Dhananjaya

Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    මචන්ල මට ministry of higher education management assistant වලට එක්සෑම් එකට ඉන්ටව් ඇවිල්ල.මන් මීට කලින් රජයේ ජොබ්වල එක්සෑම්වත් ඉන්ටව්වත් ගිහිල්ල නෑ.

    එක්සෑම්වලට එන්නෙ මොනාද?
    ඉන්ටව් එකේ අහන ප්‍රස්න මොනාද?
    කඩ්ඩෙන්ද අහන්නෙ?

    මෙන්න මේව ගැන පොඩි අදහසක් දැනගන්න ඕනෙ.ලොකු උදව්වක් දන්න අය ඉන්නවනන් පොඩ්ඩක් පැහැදිලි කරල දෙනන.

    එක්සෑම් පේපස් එන විදිහ ගැන අදහසක් දැනගන්න PDF තියෙනවනන් ලින්ක් එක එවන්න.

    ස්තූතී...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Gov jobs wala interview wala documents witharayi balanne. Eawa hari nam vacancy thiena widiyata job eka denawa.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචන්ල මට ministry of higher education management assistant වලට එක්සෑම් එකට ඉන්ටව් ඇවිල්ල.මන් මීට කලින් රජයේ ජොබ්වල එක්සෑම්වත් ඉන්ටව්වත් ගිහිල්ල නෑ.

    එක්සෑම්වලට එන්නෙ මොනාද?
    ඉන්ටව් එකේ අහන ප්‍රස්න මොනාද?
    කඩ්ඩෙන්ද අහන්නෙ?

    මෙන්න මේව ගැන පොඩි අදහසක් දැනගන්න ඕනෙ.ලොකු උදව්වක් දන්න අය ඉන්නවනන් පොඩ්ඩක් පැහැදිලි කරල දෙනන.

    එක්සෑම් පේපස් එන විදිහ ගැන අදහසක් දැනගන්න PDF තියෙනවනන් ලින්ක් එක එවන්න.

    ස්තූතී...

    කරපු විභාග ගැන, ගියපු ඉස්කෝලෙ ගැන සරල ප්‍රශ්න ටිකක් අහවි. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණ අහන්න උන් දන්නෙත් නෑ. කඩ්ඩෙන් නෙවි, ගොඩක් දුරට සිංහලෙන් තමයි අහන්නෙ.

    හැබැයි මචං රජයේ රස්සාවකට යනවයි කියන්නෙ, ඇමතිගෙ ලියුමක් ඕනෙ. මට ඕන තරම අත්දැකීම් තියෙනව. උඹට PhD එකක් තිබුනත් වැඩක් නෑ, ඇමතිගෙ ලිස්ට් එකේ හිටියෙ නැත්නම්. (මට අත්දැකීම් තියෙන්නෙ ගිය ආණ්ඩුව කාලෙ. හැබැයි ඉතින් ආණ්ඩු මාරු උනයි කියල system මාරු උනේ නෑ නෙ. ඉතින් දැනුත් එහෙම තමයි.) ඉන්ටව් කියල කරන්නෙ බොරුවක්. ඇමතිගෙ ලිස්ට් එකේ ඉන්න එක තමයි එකම සුදුසුකම.

    තව දෙයක්. ආණ්ඩුවෙ රස්සා කියන්නෙ ඉතින් හිඟන ජොබ් තමා බං. එහෙම නොවෙන්නෙ බොහොම සුලු ප්‍රතිශතයක් තමයි. ආණ්ඩුවෙ ජොබ් වල පඩි වැඩිවෙන්නෙත් අවුරුද්දට සොච්චමයි. ඇයි ඉතින් ආණ්ඩුවෙ මොන අමාත්‍යංශෙ රස්සාවට ගියත් ඒ හැටි වැඩක් නෑ නෙ. වැඩක් නැති තැන profit නෑ. profit නැති තැන ලොකු පඩි දෙන්න සල්ලි නෑ. ඔන්න ඕක තමයි යතාර්තය.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කඩ්ඩෙන්ද බන් ඉන්ටව් කරන්නෙ

    Management assistant? Most probably in sinhala machan. Interview ekata nam satha 5 kata baya wenna epa. Documents tika piliwelata hadan piliwelata andala welawata paya baagayakwath kalin palayan. Beheth polim wagey thama oawage interview.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපේ අක්ක කෙනෙක් ගියා ඔය ඉන්ටර්විව් එකකට, ඒකිට degree එකත් තියනවා. ඒ ඔක්කොම බලල ඒකිගෙන් අහල මොනවද කරපු සමාජ සුබ සාධන කටයුතු කියල. එකී dengue prevention committee එකක හිටිය එකත් අහල අන්තිමට අහල, දේශපාලන පැත්තෙන් මොනවද කරලා තියෙන්නේ කියල. අර ඇමතිගේ (ගම්පහ පැත්තේ) කටයුතු වලට සහභාගී වෙලා තියනවද ? ඒ ලියුම් තියනවද කියල? එයා ඒවගේ හිටියේ නැනේ. ගිය අප්‍රේල් තිබ්බේ ඉන්ටර්විව්. තාම මුකුත් නෑ.

    මෙතන බහුතර ය කිව්වා වගේ පුලුවන්නම් අල්ලගන්න දේශපාලන කොක්කක්.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :baffled::baffled::baffled:
    කවුද බන් ඔහොම ඇහුවේ?

    අප්‍රේල් වල මගේ යාලුවො ටිකකුත් ඉන්ටවීව් ගියා. හැබැයි ගියේ සංවර්ධන නිලධාරී. ඔය වගේ ගොං විදියට ප්‍රශ්න ඇහුවොත් ඒකේ පෝලිමේ හිටිය උන්ගෙන්ම ගුටි කයි ඉන්ටවීව් කාරයො.... මගේ යාලුව කිව්ව සමහර පොලිටික්කොන්ගේ අනුග්‍රහයෙන් ඉන්ටවිව් තියලා උන්ගේ පක්ෂ කාර්යාලවලත්. රජයේ ඔෆිස් වල ඉන්ටවිව් කරපුවා අහක දාලා අර පොලිටික්කොන්ගේ රෙකොමෙන්ඩේශන් වලට නම් ලැයිස්තු වෙනස් කරන්න ට්‍රයි එකක් තිබිලා යූ.එන්.පී. උන්ගේ... මඉත්‍රී ඒකට බාල්දි ඇද්දාය, 35ට වඩා වයස වැඩි අයගේ කතාත් අහලා එයාලාගේ සුදුසුකම් ආයේ බලනවාය කියල ආයෙ පොඩි ඉන්ටවිව් එකක් කරනවලු. මට අහන්න බරි උන ඌ ආයෙත් ගියද කියලා නම්....
    මොකෙක් හරි භය නැතුව එහෙම ඇහුවානම් අක්ක ජොබ් ඉන්ටර්වීව් ගිහින් තියෙන්නේ වෙන ඉන්ටර්වීව් එකකට... ලොල්

    එක එක පොලිටික්කන්ගේ හෙංචයියො ඉන්ටවීව් කරද්දි නම් ඔහොම අහනවා ඇති... එහෙම නැත්නම් අක්කට ජොබ් නැති නිසා දුකට ඔහොම ඇහුවයි කියනවද දන්නේ නෑ...

    ඩිග්‍රී හැමෝටම තියෙන නිසා මිනිස්සු වෙනුවෙන් ජොබ් නැති කාලේ සේවය දීපු උන්ට ලකුණු වැඩියෙන් වෙන් කරලා... විෂ්ය භාහිර වැඩ කරපු අයට එහෙම ලකුණු වැඩියි. මම දැක්කා ඒ ලකුණු දෙන කොලේ.ෆේස්බුක් ශෙයාර් උනා. ඉන්ටවිව් කරන අයට දෙන්න පුලුවන් ලකුණු 5% යි.
    එහෙම ඉන්ටවිව් කරලා තෙරුණු දක්ෂයො කපලා පොලිටික්කන්ගේ ලිස්ට් එක කැපිලා ගියේ නැත්නම් මහ පව් වැඩක් වෙන්නේ... ජොබ් දෙනකම් ශුවර් නෑ ඉතින්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරපු විභාග ගැන, ගියපු ඉස්කෝලෙ ගැන සරල ප්‍රශ්න ටිකක් අහවි. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණ අහන්න උන් දන්නෙත් නෑ. කඩ්ඩෙන් නෙවි, ගොඩක් දුරට සිංහලෙන් තමයි අහන්නෙ.

    හැබැයි මචං රජයේ රස්සාවකට යනවයි කියන්නෙ, ඇමතිගෙ ලියුමක් ඕනෙ. මට ඕන තරම අත්දැකීම් තියෙනව. උඹට PhD එකක් තිබුනත් වැඩක් නෑ, ඇමතිගෙ ලිස්ට් එකේ හිටියෙ නැත්නම්. (මට අත්දැකීම් තියෙන්නෙ ගිය ආණ්ඩුව කාලෙ. හැබැයි ඉතින් ආණ්ඩු මාරු උනයි කියල system මාරු උනේ නෑ නෙ. ඉතින් දැනුත් එහෙම තමයි.) ඉන්ටව් කියල කරන්නෙ බොරුවක්. ඇමතිගෙ ලිස්ට් එකේ ඉන්න එක තමයි එකම සුදුසුකම.

    තව දෙයක්. ආණ්ඩුවෙ රස්සා කියන්නෙ ඉතින් හිඟන ජොබ් තමා බං. එහෙම නොවෙන්නෙ බොහොම සුලු ප්‍රතිශතයක් තමයි. ආණ්ඩුවෙ ජොබ් වල පඩි වැඩිවෙන්නෙත් අවුරුද්දට සොච්චමයි. ඇයි ඉතින් ආණ්ඩුවෙ මොන අමාත්‍යංශෙ රස්සාවට ගියත් ඒ හැටි වැඩක් නෑ නෙ. වැඩක් නැති තැන profit නෑ. profit නැති තැන ලොකු පඩි දෙන්න සල්ලි නෑ. ඔන්න ඕක තමයි යතාර්තය.
    ඉන්ටවිව් බෝඩ් එකට ඇමතිගේ ලියුම කියන සිස්ටම් එක ගොඩක් පරණයි බන්. ගිය ආණ්ඩු කාලෙදිත් ඔයිට වඩා දියුණු කරප්ටඩ් සිස්ටම් එකක් තිබ්බේ...

    පූර්ණ රාජ්‍ය නිලධාරී ජොබක් නම්:- ඉන්ටවිව් කරලා යවන ලිස්ට් එක අතෑරලා ඇමති ගොල්ලන්ගේ ලිස්ට් එකට ජොබ් බෙදනවා... මතක තියා ගන්න. ජොබ් ගන්න උන්ට මූලික සුදුසුකම් නැති උන් නෙවෙයි. සියලු සුදුසුකම් තියෙනවා... හැබැයි හරි ඉන්ටවිව් එකකින් වෙන්නේ සුදුසුකම් ලත් අය 100 ක් ඉන්නවනම් තියෙන පුරප්පාඩු ගානට ( උදා:- හොඳම 10 දෙනාට ) තෝඅරන එක. පොලිටික්කන්ගේ හෙංචයියා කරන්නේ 100 න් ගොට්ට අල්ලන 10 ට ජොබ් එක ලැබෙන විදියට ලිස්ට් එක වෙනස් කරන එක.

    අර්ධ රාජ්ය ආයතන වල:- ඉන්ටවිව් බෝඩ් එකේ චෙයාමන් විදියට තෝරණවා පොලිටිකල් ගැත්තෙක්ව. ඌට කලින්ම ලිස්ට් එකක් අරන් එනවා ඉන්ටවිව් එකේදි සුදුසුකම් තියෙන උන්ගෙන් ජොබ් එකට තෝරගන්න.

    තොරතුරු දැනගැනීමේ පනත හරියට භාවිතා කලානම් ස්කෑම් නියමෙටම ටැකල් කරගන්න පුලුවන්...