රජයේ ණය ගැන රනිල් නොකී කතාව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රජයේ ණය ගැන රනිල් නොකී කතාව

    රාජපක්‍ෂ‍ රජය විසින් ලබාගත් ණය ආපසු ගෙවීමට තිබෙන නිසා ජනතාව මත බදුබර පැටවීමට සිදු වූ බව රනිල් වික්‍රමසිංහ පැවසුවත්, මහ බැංකු දත්ත පිරීක්සීමේ දී හෙළි වන්නේ මහින්ද රජයෙන් ගත් ණය නොව, මේ රජය බලයට පත්වීමෙන් පසු 2015 දී ම සිය මූල්‍ය කළමනාකරන දුබලතා හා නොයෙක් ආකාර යටිමඩි ගැසීම් නිසා ලබාගත් ණය ම 2016 දී ගෙවීමට ඇති සමස්ත ණයවලින් සියයට 60ක් සමන්විත බවයි.
    වත්මන් රජය 2015 වසරේ දී ශ්‍රි ලංකා සංවර්ධන බැඳුම්කර හරහා ඩොලර් බිලියන 1ක ණයක් ගන්නේ ය. වසරකින් කල් පිරෙන ලෙස ලබා ගත් එම ණය මේ වසරේ දී ගෙවිය යුතු ය. මීට අමතර ව, පසුගිය අප්‍රේල්- අගොස්තු අතර ඉන්දියාව සමග ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරු පහසුකමකට ලංකාව එලඹ තිබේ. මෙම ගෙවීම් දෙක පමණක් ම 2016 වසරේ ගෙවීමට තිබෙන මුළු ණය මුදලින් ඩොලර් බිලියන 2.5ක් තරම් විශාල කොටසකි. පසුගියද දා ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් කළ ගණනය කිරීමට අනුව අපට 2016 වසරේ දී ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කි. මෙහි අර්ථය කුමක් ද? එනම් මේ වසරේ ගෙවීම‍ට තිබෙන මුළු ණය මුදලින් සියයට 60ක් ම වත්මන් ආණ්ඩුව විසින් පසුගිය වසරේ ලබාගත් ණය පමණක් බව ය.
    වත්මන් රජයේ ණය හා මහින්ද රජයේ ණය අතර ප්‍රධාන වෙනසක් තිබේ. එනම් මහින්ද රජය විසින් ලබාගත් ණය සියල්ල රටේ සමස්ත සංවර්ධනය සඳහා යොදා ගත් අතර වත්මන් ආණ්ඩුව ණය ගත්තේ එදාවේල දිවීමට හා යටිමඩි ගැසීම් සඳහා ය. මහබැංකු වංචාව මෙහි දී මග නොහැරිය යුතු නිදසුනකි.

    Mahinda Pathirana
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගරු ආර්ථික විද්‍යා ඇඳුරුතුමනි??? මේවා බොරුද??? පහදා දෙනු මැනවි!!!! :oo::oo::oo:
    hm ,,මන් පෙජ එකටත් ගිහින් බැලුව ,ගත්තේ කොහෙන්ද කියල දාලා නැ ,අනික මේ ලියන කෙනා ට බාෂා පිළිබද කතිකාචාරවරයෙක් ,සබරගමු විශ්වවිද්‍යාලයේ ,කුමන පදනමකින් ආර්ථික කරුණු විග්‍රහ කරනවද දන්නේ නැ ,එක හරි වැරදි ,2014 විස්තර මා ගව තියෙනවා ,
    එක දාන්න පුළුවන් ,
    2015 වසර ගැන වාර්තාව එන්නේ අප්ර්යිල් වල
    එක හදල තියෙන්නේ අලුත් විදහට පට්ට අතල් බලන්න පුළුවන්