රජය ණයවීම නතර වී නෑ

signshop

Well-known member
  • May 30, 2011
    11,951
    8,496
    113
    Dubai
    ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයිප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත( ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

    ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා වියදම ජනතාව මත පනවන බදු මගින් උපයා ගන්නා බව ප්‍රකාශ කර එසේ අසීමිත බදු අය කරන අතරේම මේ ආකාරයට කෙටි කලක් තුළ විශාල ණය මුදලක් ලබා ගැනීම ප්‍රහේලිකාවක් බව පවසන මහාචාර්යවරයා විවිධ ක්‍රම මඟින් රටට ණය ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නවතන බවටද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ යැයි ප්‍රකාශ කළේය.

    වසරේ මුල් මාස එකහමාර තුළ ලබාගෙන ඇති මෙම ණය මුදලින් රුපියල් කෝටි 81,274ක් ( බිලියන 812)ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් මගිනි. ඉතිරි කෝටි 22103 (බිලියන 221) භාණ්ඩාගාර බැඳුම්කර වලින් ලබාගෙන ඇතැයි අතුකෝරල මහතා කීවේය.

    සමහර බිල්පත්වලින් පළමු අදියර යටතේ කෝටි 57,112 ද දෙවැනි අදියර යටතේ කෝටි 24161ක්ද ලබාගෙන ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී පෙනීයන්නේ යැයි පවසන මහාචාර්යවරයා රජය ජනතාව මත විශාල බදු බරක් පටවමින් ආදායම වැඩි කර ගන්නා අතරේම දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ඉහළ පොළී අනුපාත යටතේ තවදුරටත් ණය ගන්නා බවද ප්‍රකාශ කළේය.

    මේ ආකාරයට රජයේ පිස්කල් ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    https://www.lankadeepa.lk/news/රජය-ණයවීම-නතර-වී නෑ/101-628899
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,147
    113
    රනිල් සර් බැසිල් සර් එක්ක එකට එකතුවෙලා ලෝන් එකෙන් මේක සින්ගප්පුරුවක් කරලම පස්ස බලයි කියල විස්වාස කරන්නෙ මන් විතරද.. රනිල් සෑර් බැසිල් සර්ව ඉක්මනට බැන්දනම් විපක්ශෙට ලේසි වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: Don GasCan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,840
    1
    3,520
    113
    govt never said that they did not get loans . All credit lines are loans we got few Billions from India ......
    What was said that we are a Bankrupt country.
    If you want to know , we are still paying multi lateral loans too
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,147
    113
    රනිල් සුජීව සේමසින්හව සජබෙ බැස්සුවෙ ඒකෙ ඉන්ෆොමේශන් ගන්නයි සජබෙ බකල් කරන්නයිලු නේත
     

    Similar threads