රජය තහනම් කළ තවුහිද් ජමාත් ශාඛාවක් කල්පිටියේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    A-government-banned-Tawheed-Jamaat-branch-in-Kalpitiya

    රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලද ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ශාඛාවක් කල්පිටිය, පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව පල්ලිවාසල්තුරේ මොහිදීන් ජුම්මා මස්ජිද්හි සභාපති අල්හාජ් එස්.ඒ.පී.ඒ. කබීර් මහතා පවසයි.අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නීති විරෝධී ආගමික සංවිධාන 11ක් තහනම් කර ඇති අතර,

    මෙම සංවිධානයද ඊට ඇතුළත්ය. ගම්වාසී අතලොස්සක් හා පිටස්තර පුද්ගලයන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර, ඔවුහු දැනටමත් සිය ආගමික කටයුතුවල නිරත වන බවට ප්‍රදේශවාසී සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව චෝදනා කර සිටිති. 2019 වසරේ මෙම ස්ථානයේ තිබී නීති විරෝධි ලේඛන රැසක් සමග එවකට එම සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කර ඔවුන්ගේ ක්‍රියාකාරකම් පොලීසිය මගින් අන්හිටුවා තිබිණි.ම

    ේ සම්බන්ධයෙන් බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා,

    මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා, කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා සහ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රධාන වගකිවයුත්තන් සියලු දෙනා දැනුම්වත් කර ඇතැයිද එම ප්‍රදේශයේ ජනතාව පවසති. අප මේ පිළිබඳ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනන්සුරිය මහතාගෙන් විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳ ආරක්ෂක ලේකවරයා මෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

    @erozan @N A K A M U R A @nicjosh83
    ko yako jathika arakshawa???????????????
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රජය තහනම් කළ තවුහිද් ජමාත් ශාඛාවක් කල්පිටියේ
     

    Similar threads