රජරට උපකුලපති චොකලට් කයි
රජරට විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයත් සමග එම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.
රජරට සරසවියේ සිසුන් පිරිසක් විසින් එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු රැඳී සිටි ගොඩනැගිල්ලට ඊයේ කඩා වැදීම හේතුවෙන් කැරලි මර්දන පොලීසියද කැඳවා තිබුණි.
ඊයේ පස්වරුවේ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යාපන පීඨයේ පළමු වසර සඳහා ඇතුළත් කරගත් සිසුන්ගේ සහ ඔවුන්ගේ මව්පියන්ගේ රැස්වීමක් පැවැත්වුණි.
ඉන් අනතුරුව තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා වෙත බල කර සිටීමත් සමග උණූසුම්කාරි තත්ත්වයක් හටගත් බව වාර්තා විය.
කෙසේ වුවද සිසුන් පවසන්නේ දින 200ක පමණ කාලයක් ක්‍රියාත්මක කරන තම විරෝධතාව සම්බන්ධයෙන් පාලකයන්ගේ අවධානය යොමුවී නොමැති බවයි.
සිසුන් 13ට පනවා ඇති පංති තහනම ඉවත් කිරීම ඔවුන්ගේ විරෝධතාවයට හේතුව බැව් පැවසෙයි.
මෙම වාතාවරණය යටතේ සරසවි සිසුන් විසින් උපකුලපතිවරයා හා නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ සිට නිල කාමරය තුළ සිරකරගෙන සිටින බව අප වාර්තාකරු පැවසීය.
මේ නිසා එම නිලධාරීන් අපහසුතාවට පත්ව ඇති අතර උපකුලපතිවරයා ඊයේ රාත්‍රී ආහාරය වශයෙන් චොකලට් කෑ බව තමන් හා ප්‍රකාශ කළේ යැයි අද දෙරණ වාර්තාකරු කීවේය.
මේවන විට සරසවිය තුළ උපකුලපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක් පවත්වමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.
- අදදෙරන
රජරට සරසවිය වසයි - උපකුලපති චොකලට් කයි