රජ්ජුරුවෝ හෙලූවෙන්
ශ‍්‍රී ලංකා මහ බැංකුව, වසර මැද වන තුරු රටේ ආර්ථික තත්වය පිළිබඳ තොරතුරු කියන වාර්තාව නිකුත් වී ඇත. ඒ වාර්තාවට අනුව රටේ බොහෝ අංශ බිඳවැටීමට ලක්ව ඇත. ආනයන අංශය දරුණු පසුබෑමකය. ඒ, රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් එමින් තිබෙන බවට සංඥා නිකුත් කිරීමකි. සැබෑ තත්වය මහ බැංකුව කියන තත්වයට වඩා බියකරු විය හැකි බව ද අප මතක තබාගත යුතුය. ඒ අතර ඇතැම් රාජ්‍ය බැංකුවලින් ආණ්ඩුව දිගින් දිගටම ණය ගැනීම හා ඒ ණය නොගෙවීම නිසා බැංකු පද්ධතිය බිඳවැටීමේ අවදානමකට මුහුණ පා ඇති බවට තොරතුරු ලැබී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලූත් සංඛ්‍යා ලේඛනවලට අනුව සිව් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 43,000 ඉක්මවා ගොස් ඇත. එහි දී ද සැබෑ තත්වය මේ සංඛ්‍යා ලේඛනවලට වඩා බියකරු බවත් ඛේදජනක බවත් අප මතක තබාගත යුතුය. මාසයක් ජීවත් වීමට රුපියල් 43,000ක් (හෝ ඊටත් වඩා වැඩියෙන්* අවශ්‍ය වුව ද ලක්ෂ 8ක් වන වතු කම්කරුවන්ට දිනකට ලැබෙන්නේ රුපියල් 500ක පමණ මුදලකි. ලක්ෂ 12ක් වන රාජ්‍ය අංශයේ කම්කරුවාගේ අවම මූලික වැටුප රුපියල් 11,000ක පමණ මුදලකි. ලක්ෂ 40ක් වන පෞද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් 80%කටම ලැබෙන්නේ රුපියල් 10,000ට වඩා අඩු මාසික වැටුපක් බව ආණ්ඩුවම කියයි. අප වැලිවේරිය සිදුවීම වටහාගත යුත්තේ මේ වටපිටාව තුළය.
වැලිවේරිය තේරුම් ගැනීම
රට තුළ දවසින් දවස මෝරමින් තිබෙන ආර්ථික – දේශපාලන හා සමාජයීය අර්බුදයත් වැලිවේරිය සිදුවීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද? වැලිවේරියේ දී ජනතාව පාරට බැස්සේය. ඒ, තමන් ඒ මොහොතේ මුහුණ දුන් ජල ගැටලුව පාදක කරගනිමිනි. පාරට බසින්නේ වැලිවේරිය ජනතාව පමණක් නොවේ. සති දෙකකට පමණ පෙර මොරටුව වඩු කාර්මිකයන් පාරට බැස පැය ගණනක් ගාලූ පාර අවහිර කළ අතර එතැනට පැමිණි ඇමැති ජීවන් කුමාරතුංගට වතුර බෝතල්වලින් පහර දුන්නේය. වැලිවේරිය ජනතාව ද අවස්ථා ගණනාවක දී නව නුවර පාර පැය ගණනක් අවහිර කළ අතර ගුටි කෑමට ඇති බිය නිසා කිසිදු දේශපාලකයකු එතැනට පැමිණියේ නැත. පාරට තාර නොදැමීම, වන අලි ප‍්‍රහාරයන්ට විසඳුම් ලබා නොදීම වැනි විවිධ හේතු මත හැම දිනකම පාහේ උද්ඝෝෂණ පැනනැෙඟ්. මේවා පැනනඟින්නේ ආසන්න හේතුවක් ඉදිරිපත් කරමින් වුවත් ඒවායේ ගැඹුරේ පවතින්නේ මේ සමාජය ගැන, මේ ජීවිතය ගැන ඇති අතෘප්තිය හා විරෝධයයි. අප මුලින් සඳහන් කළ ආර්ථික අර්බුදය ද මේ අතරට එකතු වන විට මිනිසුන් පාරට බැසීම නියතයක් වන තරමේ අවදානමක් ආණ්ඩුවට දැනෙමින් තිබේ. දැන් ආණ්ඩුව එවැනි ජනතා නැඟී සිටීමකට සූදානම් වෙමින් සිටී. වැලිවේරිය සිදුවීම ජනතා නැඟී සිටීම්වලට ආණ්ඩුව දක්වන ප‍්‍රතිචාරය පිළිබඳ සංඥාවකි.
උද්ගත වී ඇති තත්වය තුළ පීඩාවට පත් කොටස්, ආන්තිකකරණය වූ පන්තීන් පාරට බැසීමට ඇති ඉඩකඩ, සම්භාවිතාව වැඩි වෙමින් තිබේ. ආණ්ඩුවට ඉදිරියට යා හැක්කේ ඒවා තළා පොඩි කර දැමීමෙන් පමණි. ආණ්ඩුවේ පැවැත්ම සහතික වන්නේ ඒවාට කිසිදු ඉඩක් ලබා නොදීම තුළ පමණි. ඒ සඳහා කවර ම්ලේච්ඡුත්වයක් හෝ අමානුෂිකත්වයක් භාවිත කිරීමට පාලකයන් පැකිළෙන්නේ නැත. නිරායුධ ජනතාවට වෙඩි තැබීම, ‘අවම බලය’ යන නම භාවිත කරමින් ඔළුවලටම වෙඩි තැබීම, උද්ඝෝෂණ භූමියෙන් විසිර ගොස් පල්ලියට එකතු වූ ජනතාවට යළි පොලූවලින් පහර දීම, රාත‍්‍රියේ නිවෙස්වලට කඩා පැන ස්ත‍්‍රීන්ට හා කුඩා දරුවන්ට පොලූවලින් පහර දීම ආදිය මේ සඳහා හොඳම නිදසුන් ලෙස දැක්විය හැක. වැලිවේරිය ජනතාව සටන් කළේ සුරක්ෂිත පානීය ජලය වෙනුවෙනි. බැලූ බැල්මට වුවත් සාධාරණ ලෙස පෙනෙන එම ඉල්ලීම ගැන සමාජයේ තිබුණේ අනුමැතියකි. වැලිවේරිය සටන සමාජය අනුමත කරන, සමාජයේ කැමැත්ත දිනා ගත් සටනකි. ආණ්ඩුව එවැන්නකට පවා ප‍්‍රතිචාර දැක්වූයේ හමුදාව යොදා ගනිමිනි. සිද්ධියෙන් 19 දෙනකු බරපතළ තුවාල ලැබූ අතර තුවාල ලැබූ මුළු ගණන 100කට ආසන්නය. ලිපිය ලියන මොහොත වන විට අකිල, රවිෂාන් හා නිලන්ත යන තිදෙනා මිය ගිය බව නිල වශයෙන් නිවේදනය කර ඇත. එහෙත් තවත් පිරිසක් මිය ගොස් සිටි නමුත් ආණ්ඩුව එය සඟවන බවට ද තොරතුරු ලැබෙමින් තිබේ. ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ විපක්ෂය, කර්මාන්ත හිමියන් (ධනපතියන්*, හමුදාව, පොලිසිය, අධිකරණය, ආගමික බලාධිකාරයන්, මාධ්‍ය ඇතුළු ස්ථාපිතයේ සියලූ මධ්‍යස්ථාන මෙම සිදුවීමේ දී පීඩාවට පත් ජනතාවට එරෙහිව පෙළගැසෙමින් සිටී. එය එක් අතකින් කටුනායක රොෂේන් චානක තරුණ කම්කරුවා මරා දැමීමෙන් අනතුරුව දියත් වූ ක‍්‍රියාවලියට සමාන්තරය. මර්දනීය අවි මෙන්ම දෘෂ්ටිවාදී අවි ද ජනතාවට එරෙහිව එල්ල වෙමින් තිබේ.
වැලිවේරිය සිදුවීම ඉතිහාසයට අනගිතම පාඩමක් එකතු කරන අතර එය පාලකයන්ගේ කෲරත්වය පිළිබඳ නිදසුනක් ලෙස ද ඉතිහාසයට එකතු වනු ඇත. එබැවින් මෙය සාමාන්‍යකරණය කිරීමට ඉඩ නොදිය යුතුය. අමතක වීමට ඉඩ නොදිය යුතුය. නොසලකා හැරීමට ඉඩ නොතැබිය යුතුය. මේ අත්දැකීම සමාජයේ අඛණ්ඩ සංවාදයකට බඳුන් කළ යුතුය. ආණ්ඩුව අර්බුදයට මුහුණ දෙන්නේ වැලිවේරිය පන්නයේ මර්දනයෙන් පමණක් නොවේ. භාවිත වන අනෙක් සටන් පෙරමුණු ගැන අවබෝධයක් ගැනීමට මැතිවරණ සටන් බිම පමණක් වුව ප‍්‍රමාණවත්ය.
අපි සිංහල – අපි දෙමළ
මැතිවරණය සඳහා ආණ්ඩුව තුරුම්පු දෙකක් භාවිත කරයි. එකක් ‘ආසියාවේ ආශ්චර්යය’ පිළිබඳ සිහිනයයි. අනෙක ජාතිවාදයයි. මේ දෙක එකිනෙක හා බැඳී, වෙළී ඇත. මේ සඳහා හොඳ නිදසුනක් පසුගියදා කොළඹ වරායේ නව පර්යන්තයක් පුළුල් කිරීමේ උත්සවයෙන්ම ගත හැක. වරාය පුළුල් කිරීම පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් ලබා දී තිබිණි. ඒ සඳහා විකාශනය කරන ලද රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හා පුවත්පත් අතිරේක දෙස බලන විට ඒ වියදමින් කොළඹ වරාය තවත් පුළුල් කරන්නට ඉඩ තිබිණි යැයි ඇතැමෙකුට සිතීමට ඉඩ ඇත. වරායේ පැවැති උත්සවයේ දී ජනාධිපතිවරයා අපූරු මනෝවිiාත්මක මෙහෙයුමක් කළේය. සිය කතාවේ දී ජනාධිපතිවරයා කීවේ රට පුළුල් වශයෙන් සංවර්ධනය වෙමින් පවතින බවය. ඒ සඳහා ඔහු උදාහරණ ලෙස දැක්වූයේ මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය වැනි සුදු අලියන්ය. මේ යුගයේ දී සංවර්ධනය අවම වශයෙන් ආර්ථික වර්ධනය සමඟවත් බැඳී නොපවතින අතර එය හුදු දෘෂ්ටිවාදී මෙහෙයුමක් පමණක් බවත් ඔප්පු කළේ ඒ වරාය හා ගුවන්තොටුපළ ව්‍යාපෘතීන්ය. එහි දී තවදුරටත් ජනාධිපතිවරයා කීවේ රටට ආදරය කරන අයට මේ සංවර්ධනය පෙනෙනමුත් රටට වෛර කරන අයට මෙය නොපෙනෙන බවය. මේ මනෝවිiාත්මක මෙහෙයුමකි. රජතුමා නිරුවතින් යාම පිළිබඳ ජනකතාවේ පේෂ කාර්මිකයන් කීවේ රජතුමා ඇඳ සිටින ඇඳුම පෙනෙන්නේ බුද්ධිමතුන්ට පමණක් බවය. තමන් බුද්ධිමතුන් යැයි පෙන්වීමට හැම දෙනාම තමන්ට නොපෙනෙන ඇඳුමක් වර්ණනා කළ බව ජනකතාවේ කියැවේ. ජනාධිපතිවරයා කියන්නේ ආණ්ඩුවේ ඊනියා ආශ්චර්යය ව්‍යාජයක් බව හෙළිදරව් කරන්නෝ රටට වෛර කරන්නන් බවය. රටට ආදරය කරන බව පෙන්වීමට නම් මේ විකාර ඉදිරියේ නිහඬව සිටිය යුතුය.
රටට ආදරය කරන්නන් හා රටට වෛර කරන්නන් ලෙස දේශපාලන බෙදීම් ව්‍යාජ බෙදීමකට ලක් කිරීම පාලක පන්තියේ දේශපාලනයයි. මෙවැනිම දේශපාලනයක් මැතිවරණ භූමිය තුළ ද දැකිය දැක. මධ්‍යම පළාත් සභාවට තරග කරන සන්ධානයේ ඇතැම් අපේක්ෂකයන් ‘අපි සිංහල’ යැයි සඳහන් පෝස්ටර් අලවා ඇත. තවත් තැන්වල, විශේෂයෙන් නුවරඑළිය වැනි දිස්ත‍්‍රික්කවල ‘දෙමළ නියෝජිතයකු පළාත් සභාවට යවන්න’ කියා ප‍්‍රචාරක ව්‍යාපාර දියත් වෙයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන ‘රුපියල් 43,000 සීමාව’ට ළඟා විය නොහැකි ලක්ෂ ගණන් පීඩිත ජනයා පාරට බැසීම වැළැක්විය හැක්කේ, ඔවුන් සැබෑ අරගලයෙන් ඉවත් කර ව්‍යාජ අරගලයට යොමු කළ හැක්කේ, ‘අපි සිංහල’ ‘අපි දෙමළ’ යැයි 108 වරක් මැතිරීමෙනි. ආණ්ඩුව මැතිවරණය තුළත් ඊනියා සංවර්ධන ව්‍යාපෘති හරහාත් ඒ මතවාදය පෝෂණය කරමින් තිබේ.
මේ ප‍්‍රතිගාමී දේශපාලනය අභියෝගයට ලක් කළ හැක්කේ කෙසේද? වරාය පතුලේ ගල් ඇති බව කියමින්, සන්ධානයේ පළාත් සභා අපේක්ෂකයන් දූෂිතයන් බව කියමින් එය පරාජය කළ නොහැක. උග‍්‍ර වන අර්බුදය ඉදිරියේ පීඩාවට පත් පන්තීන් පෙළ ගැස්වීමත් සමස්ත ක‍්‍රමයම ප‍්‍රතික්ෂේප කරන ස්ථාවරයකට සමාජය ගෙන ඒමත් තුළින් මිස අන් ක‍්‍රමයකින් එය පරාජය කළ නොහැක. රටේ සංවර්ධනය රටට වෛර කරන අයට නොපෙනෙන බව ජනාධිපතිවරයා කියන අතර සිය ඇඳුම නොපෙනෙන්නේ මෝඩයන්ට බව එකමත් එක රටක රජතුමා කීවේය. ඒ රජතුමාගේ මෝඩකම හෙළිදරව් වූයේ ‘‘රජ්ජුරුවෝ හෙලූවෙන්’’ කියා කෑ ගැසූ කුඩා කොලූවකු නිසාය. අද ‘‘රජ්ජුරුවෝ හෙලූවෙන්’’ කියා කෑ ගැසීමේ අවදානමක් සහිත අභියෝගය භාර ගන්නේ කවුද?